
සජබයට ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් කියන මතයට ජනතාව තාම ඇවිදින් නැහැ- සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා
මීරිගම මුද්දරගම ප්‍රදේශයේ ඊයේ (07) පැවැති ජනහමුවකට එක්වෙමින්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ එයාර් බස් ගිවිසුම අහෝසි කර ඒ සඳහා වන්දි ගෙවීමේදී එවක යහපාලන ආණ්ඩුවේ ඇතැම් අය අමෙරිකානු ඩොලර් මිලියන 20ක පමණ මුදලක් වංචා කර ඇති බවයි.
එහිදී සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,
"අපේ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා දඬුවම් කරනවා කියලා මොනවද කළේ ? අරගොල්ලෝ කරපු විදියටම හොරකම් කළා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ එයාර් බස් ගිවිසුමක් ගැහුවා කියල අපි දන්නව. ඒ ගනු දෙනුවෙන් ඩොලර් මිලියන 20ක පගාවක් ගැහුවා කියල කතාවක් තිබ්බා.ඒ නිසා ඒ ගිවිසුම අපේ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා අහෝසි කළා.අහෝසි කළේ ලොකු වන්දියක් ගෙවලා. මම හිතන්නේ ඩොලර් මිලියන 150ක විතර වන්දියක් ගෙව්වා. තමුන්නාන්සේලා විශ්වාස කරන්න ඒ වන්දිය ගෙවපු මුදලෙන් අපේ එවුන් ඩොලර් මිලියන 20ක් පගාව ගැහුවා. දැන් මේ පාඩුවක් වෙලා රටේ සල්ලි වලින් ඒ පාඩුව ගෙවනවා . ගෙවනකොට අපේ එකාගේ සාක්කුවට යන ඩොලර් මිලියන 20ත් ඒකට දානවා. යහපාලන ආණ්ඩුවේ අපේ නායකයා ඇතුළු ඒ අදාළ හිටපු අය වගකියන්න ඕනේ. කට්ටිය ඩොලර් මිලියන 20ක් ගැහුවා. දැන් මිනිස්සු කියනවා ආණ්ඩුව අපට එපා කියල. විකල්පය කවුද කියලා අපෙන් අහනවා. අපි අලුත් පක්ෂයක් හින්දා අපිට තමා ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් විකල්පය කියලා අපි හිතනවා. නමුත් ජනතාව තාම ඒ තීරණයට ඇවිල්ලා නෑ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)
රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..
ඇමති බිමල්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ..
යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..
9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි
අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)
රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
