
සිරිල් ගාමිණී පියතුමා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 164 සහ 174 වගන්ති ප්‍රකාරව වරදක් කර තිබෙනවා- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව;සුදුසු නියෝග නිකුත් කිරීමට විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න- කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය
පසුගිය මස 25 වනදා “සූම්” තාක්ෂණය ඔස්සේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති සංවාදයක දී සිරිල් ගාමිණි පියතුමන් විසින් දැක්වූ අදහස්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේඉන්තුවට කළ පැමිණිල්ල ප්‍රකාරව ප්‍රකාශයක් ලබා දීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් එහි නිලධාරීන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇති බව ලංකා ලීඩ් උසාවි ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඊයේ (05) මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැනුම් දී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පෙනී සිටින ලෙස අවස්ථා දෙකකදී දැනුම්දුන්නද මෙතෙක් සිරිල් ගාමිණී පියතුමන් පෙනී නොසිටි බවයි.
ඒ අනුව රාජ්‍ය නිලධාරියෙකුගේ කටයුතුවලට අවනත නොවීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 164 සහ 174 වගන්ති ප්‍රකාරව වරදක් එම පියතුමා විසින් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වාර්තා කර සිටියේය.
මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් නිලධාරීන්ට දැනුම් දුන්නේ රාජ්‍ය සේවකයෙකුගේ නියෝගයකට අවනත නොවීම සම්බන්ධයෙන් අදාළ පියතුමාට එරෙහිව විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත් ඉන් අනතුරුව සුදුසු නියෝග ලබාදෙන බවත් මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත දන්වා ඇති බවත් පැවසේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)
රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..
ඇමති බිමල්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ..
යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..
9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි
අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)
රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
