News Category
From Date
To Date
Maximum Number of Result

නව විදුලිබල පනත ගැන ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් නිවේදනයක්

Dec 10, 2023 at 12:56 PM
|

විදුලි බලමණ්ඩලය හා විදුලි බල කේෂ්ත්‍රය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ නව පනත (නව විදුලිබල පනත) පිළිබඳව සිය සංගමයේ අදහස් දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. 

එම නිවේදනය පහළින්...

“විදුලි බලමණ්ඩලය හා විදුලි බල කේෂ්ත්‍රය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ නව පනත (නව විදුලිබල පනත) 2023 නොවැම්බර් 20 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමත විය. 

මේ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා සඳහා නිසි අයුරින් අදාළ පාර්ශවයන් (විදුලි කේෂ්ත්‍රයේ ප්‍රවීණයන්, බලශක්ති විශේෂඥයින්, විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලි සේවකයින්) සමඟ සාකච්ජා, මත විමසුම් හෝ වැඩමුළු පැවැත්වීමකින් තොරව හා මෙම ප්‍රතිව්‍යුහගතකරණ පනත සකස් කිරීමේ ක්‍රියාවලියට දායක කර ගැනීමෙන් තොරව, රටේ ආර්ථිකයට ඉතාමත් සෘජුව බලපාන මෙවැනි පනතක් කඩිමුඩියේ සම්මත කර ගැනීමට කටයුතු කර ඇත. මෙම පනත කැබිනට් මණ්ඩලයේ අනුමත වීමට ප්‍රථමයෙන් සාකච්ඡාවට බඳුන් කිරීම සඳහා පාර්ශව ගණනාවක් උත්සාහ කළ නමුත් එම සියල්ලම ව්‍යයාර්ථ වන ලද්දේ, යම්කිසි පාර්ශ්වයකගේ උවමනාව මත බව ඉතා පැහැදිලිය. මෙම පනත කැබිනට් මණ්ඩලයේ අනුමත වීමෙන් පසු නිරීක්ෂණ හා යෝජනා සඳහා ලබාදෙන බවට විෂය භාර අමාත්‍යවරයා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඇතුළු පිරිස් වෙත නොවැම්බර් 7 වන දින අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී ප්‍රකාශ කර තිබුණද, එය මෙතෙක් ඉටු නොවුනු පොරොන්දුවකි. 

මේ අතර, මේ පිළිබදව දේශපාලඥයින් ඇතුළු පාර්ශව ගණනාවක් මඟින් පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති කළ, මෙම පනත පිළිබඳව මෙතරම් රහස්‍යභාවයකින් කටයුතු කරන්නේ  කුමන හේතුවකටද යන්න ඉතා බරපතල කරුණකි. 

මේ අතරතුර නව විදුලිබල පනත කඩිමුඩියේම ගැසට් කිරීමට අමාත්‍යංශය විසින් උත්සාහයක් ගෙන ඇත. එනම් රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ මෙම ගැසට් පත්‍රය 2023 දෙසැම්බර් 5වන දින පළවූවා සේ සටහන් කර ඇති නමුත්, 2023 දෙසැම්බර් 7 වන දින රාත්‍රී 11 පමණ වන විටත් එම පනත බාගත කරගැනීමට නොහැකිව පැවති අතර, 7වන දින රජයේ මුද්‍රණාලයෙන් මෙහි මුද්‍රිත පිටපතක්ද ලබා ගත නොහැකි විය. ඒ පිළිබඳ විමසීමේදී මුද්‍රණාලාධිපතිනිය කරුණු දක්වා ඇත්තේ ඒ වන විටත් එම පනත ඔවුන් වෙත ලැබී නොමැති බව‍යි.  

එහෙයින් මෙම නව විදුලි බල පනත දෙසැම්බර් 05 දින ගැසට් නිවේදනය පළ කළ ආකාරයට කටයුතු කරන්නේ කුමන අරමුණක් උදෙසාද ? 

තවත් වැදගත්ම කරුණක් වන්නේ, පාර්ලිමේන්තුවේ නිවාඩුව දෙසැම්බර් 14 දින ආරම්භ වීමත්, ඒත් සමඟ ම අධිකරණ නිවාඩුව දෙසැම්බර් 16 සිට ආරම්භ වීමත්ය. මෙහිදී, දෙසැම්බර් 16 වන දින ආරම්භ වන අධිකරණ නිවාඩුවත් සමඟම මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරෙන ආකාරයට කාල සටහන සූක්ෂමව සකසා ඇති අතර එමගින් මෙම පනතට විරෝධීව පැවරෙන නඩු සංඛ්‍යාව අවම කර ගැනීමේ  උත්සාහයක් දරා ඇති බව ඉතා පැහැදිලිය.  

ගරු පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවටද ඉදිරිපත් නොකිරීමට උත්සාහකර, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලටද පටහැනිව මෙසේ කටයුතු කිරීම ඉතා ගැටලු කාරී තත්වයකි. ඩොලර් බිලියන ගණනක් ගනුදෙනු සිදුවන විදුලි බල ක්ෂේත්‍රය සමග මෙලෙස සෙල්ලම් කරන්නේ කුමන අරමුණක් සඳහාද? 

මෙපරිද්දෙන් හදිසි පනතක් වශයෙන් හෝ මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් එය පුදුමයට කරුණක් නොවේ.

දැනට (2023 දෙසැම්බර් 08 දින උදෑසන) මෙම නව පනතේ ඉංග්‍රීසි සහ සිංහල පිටපත් අන්තර්ජාලයේ පලකර ඇති අතර, එම ඉංග්‍රීසි පිටපතේ ද මුද්‍රණ දෝෂ පවතින අතර, එහි සිංහල පිටපතේ මුද්‍රණ දෝෂ (ඉංග්‍රීසි අකුරු හා ඉලක්කම් සහිත) ඉතා විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. එමෙන්ම දෙමළ භාෂා පිටපත මෙතෙක් නිකුත්කර නොමැත.

මෙම පනත මගින් විෂය භාර අමාත්‍යවරයාට ඉතා අසීමිත බලතල ප්‍රමාණයක් ලබා දෙමින් විදුලි බල කේෂ්ත්‍රයේ නියාමන ආයතනය සතු බලතල කප්පාදු කරමින්, පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ එක් වචනයක්වත් අඩංගු නොකර දැනට පවතින 2009 අංක 20 දරණ විදුලි බල පනත හා 1969 අංක17 දරණ විදුලිබල මණ්ඩල පනත යන පනත් දෙකම වහාම අහෝසි කිරීමට කටයුතු යොදා  ඇත. 

මෙම පනතේ අඩංගු එකී කරුණු පිළිබඳව හා යෝජිත කාලරාමුව පිළිබඳව ඉතා කඩිනමින් විද්වත් සංවාදයක් ආරම්භ විය යුතු බව විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ හා විශේෂඥයන්ගේ මතය වන අතර, මෙම පනත මෙපරිද්දෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් එය රටේ ආර්ථිකයේ කොඳුනාරටිය බඳු විදුලිබල ක්ෂේත්‍රයේ කනගාටුදායක අවසානය සනිටුහන් කිරීම වනු ඇත”.

සම්බන්ධිත පුවත් | Related News

2025 ජුනි සිට දෙසැම්බර් දක්වා වු කාල සිමාව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාල යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.
පසුගියදා පැවති බ්‍රිතාන්‍ය පළාත් පාලන මැතිවරණයේදී පාලක කම්කරු රජය අන්ත පරාජයකට පත්වීමත් සමගම කලබලයට පත්වූ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමර් විදේශිකයන්ට බ්‍රිතාන්‍යයට නීත්‍යානුකූල ලෙස ආගමනය වීමට ඇති ඉඩකඩ සීමා කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ලබන බ්‍රහස්පතින්දා (22 දා) දිවයිනට පැමිණෙන බව වාර්තාවෙයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ඔලුව මහතා ඉලක්ක කර ගනිමින් නාරහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දී තිබේ.
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ කුරිරු ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ.
ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.
හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.
කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රාතැබීමට අධිකරණ සේවා කොම්ෂන් සභාව විසින් කටයුතු කර ඇති බව කඩුවෙල පොලීසිය පැවසීය.
වෙළඳ ඇමැති වසන්ත සමරසිංහට කොමිස් ගැන හොඳින් දන්නා බවත් හාල් සහ ලුණු ගෙන්වන්නේ ද කොම්ස් මාෆියාව මත බවත් සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත පවසයි.

ප්‍රධාන පුවත්

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.