
නැඟෙනහිර ටිමෝරයට නිදහස ලබාගැනීමේ අරගලයට දායක වී සම්මානයෙන් පුදලද ෆ්‍රෙඩී ගමගේට උණුසුම් පිළිගැනීමක්
නැඟෙනහිර ටිමෝරයට නිදහස ලබාගැනිම වෙනුවෙන් වූ අරගලයට දායකත්වය දැක්වුවන් වෙනුවෙන් නැඟෙනහිර ටිමොර් රාජ්‍යයේ ඉහලම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබු දේශපාලන ක්‍රියාකාරික, මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ පසුගියදා යළි දිවයිනට පැමිණ තිබේ.
එහිදී ‘වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය’ විසින් ඔහුව උණුසුම් අන්දමින් පිළිගනු ලැබූ අතර, එම අවස්ථාවට ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙන්ම සහෝදර මාධ්‍යවේදීන් පිරිසක් ද සහභාගී ව සිටියහ.
නැඟෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ දායකත්වය අගයමින්, එරට ජනාධිපති රාමෝස් හොර්තා විසින් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ වෙත වෙත මෙම සම්මානය පිරිනැමීය.
එය නොවැම්බර් 27 දා සවස නැඟෙනහිර ටිමෝරයේ අගනුවර වන දිලී හි දී පැවති රාජ්‍ය උත්සවයේ දී පිරිනමනු ලැබීය.
නැඟෙනහිර ටිමෝරය හෙවත් Timor-Leste ඉන්දුනිසියාවත් ඕස්ට්‍රේලියාවත් අතර පිහිටි කුඩා රාජ්‍යයක් වන අතර, එරට නිදහස උදෙසා ආසියා පැසිෆික් කලාපීය රටවල නිදහස්කාමීන් දීර්ඝ අරගලයන්හි නිරත විය.
1999 දී එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් ස්වයං නිර්ණ පනතක් මගින් එතෙක් කලක් එහි පාලනය ගෙනගිය ඉන්දුනීසියාව භූමියේ පාලනය අත්හරිනු ලැබීය. 2002 මැයි 20 වෙනිදා නැඟෙනහිර ටිමෝරය හෙවත් Timor-Leste එය 21 වන සියවසේ පළමු නව ස්වෛරී රාජ්‍යය බවට පත් වූ අතර, නැඟෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කැපවීම නිසා ෆ්‍රෙඩී ගමගේ මානිල් ගුවන් තොටුපළේ දී දෙවරක් හා ක්වාලාම්පූර් ගුවන් තොටුපළේ දී එක්වරක් පිටුවහල් කර තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
