යුක්රේනයට ආයුධ ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නායකත්වයට ස්තූතිවන්ත වෙනවා- රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පත්රුෂෙව්
ආරක්ෂාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහා පරිමාණ රුසියානු- ශ්‍රී ලංකා උපදේශන හමුව පසුගිය 7 වනදා කොළඹදී පැවැත්විණි.
මීට සමගාමීව, රුසියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී - රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පත්රුෂෙව් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. දෙදෙනා අතර සැලසුම් කර තිබූ මිනිත්තු 30ක කාලය වෙනුවට, පිරිස පැය 2 කට ආසන්න කාලයක් සාකච්ඡවේ යෙදීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පත්රුෂෙව් මහතා හමුවූ මුල් අවසතාවේ දීම රනිල් වික්‍රමසිංහ මහතා " පුටින්ට කෙසේදැයි" විමසා සිටියේය.
“පුටින් හොඳින් ඉන්නවා. ඔහුගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සෞදි අරාබියේ නිල සංචාර මේ වන විට සිදුවෙමින් පවතිනවා. මෙය බටහිරයන් කතා කිරීමට ප්‍රිය කරන රුසියාව ගෝලීය වශයෙන් හුදකලා කිරීම පිළිබඳ කාරණයට අදාළ වෙනවා. ” නිකොලායි පත්රුෂෙව් සඳහන් කළේය.
ඔහුට අනුව, රුසියානු - ශ්‍රී ලංකා සබඳතා සෑම විටම ගොඩනගා ඇත්තේ සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ගෞරවය සහ එකිනෙකාගේ අවශ්‍යතා සලකා බැලීම යන මූලධර්ම මත ය.
“බටහිර රටවල් ශ්‍රී ලංකාවට එල්ල කරන පීඩනය අපි දන්නවා. යුක්රේනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකත්වය දරන සමතුලිත ස්ථාවරය සහ සම්බාධකවලට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීම මෙන්ම කියෙව් පාලන තන්ත්‍රයට යැවීම සඳහා ඇමරිකානුවන්ට ආයුධ විකිණීම අත්හිටුවීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා නායකත්වයට ස්තූතිවන්ත වෙනවා.” නිකොලායි පත්රුෂෙව් අවධාරණය කළේය.
වික්‍රමසිංහ මහතා සමඟ කළ සංවාදයේදී ඔහු විශේෂයෙන් සඳහන් කළේ රුසියානුවන් ශ්‍රී ලංකාව ඔවුන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස සලකන බවයි. ඔහුට අනුව, රුසියානු පුරවැසියන්ගෙන් 130,000 කට වැඩි පිරිසක් මේ වසරේ දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
“ඔබේ රටේ සංචාරක ආකර්ශනය ඉහළ නැංවීමට අමතර උත්සාහයන් ගැනීමට අපි සූදානම්,” රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් පොරොන්දු විය.
ශ්‍රී ලංකාවේ ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම ඇතුළුව කොළඹ සමඟ වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාව සඳහා මොස්කව් විශේෂ අවධානය යොමු කරන බව පත්රුෂෙව් අවධාරණය කළේය.
"ඔබ දන්නා පරිදි, අපගේ සංචාරයේ කොටසක් ලෙස, වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අන්තර් රාජ්‍ය රුසියානු-ලංකා කොමිසමේ සම සභාපතිවරුන්ගේ දිගු විරාමයකින් පසු අපි පළමු මුහුණට මුහුණ හමුව සංවිධානය කළෙමු," පත්රුෂෙව් පැවසීය.
රුසියානු දූත පිරිසට ආරක්ෂක සහ ආර්ථික අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තු වල කණ්ඩායම් නියෝජිත දූත පිරිසක් ඇතුළත් වීම අහම්බයක් නොවේ. රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා විශේෂයෙන් අවධාරණය කළ පරිදි, රුසියානු ආර්ථික ක්‍රියාකරුවන් කොළඹ සමඟ සහයෝගීතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාවය සහ ශ්‍රී ලංකා හවුල්කරුවන්ට උපරිම සහයෝගය ලබා දීමේ අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කර ඇත.
දැන් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ද්‍රව්‍යවලින් ශ්‍රී ලංකාවේ පංගුවෙන් සියයට 90ක් පමණ ලැබෙන්නේ තේ සහ රෙදිපිළිවලිනි. මොස්කව් පරිපාලනය වෙළඳ සබඳතා විවිධාංගීකරණය කිරීමට යෝජනා කරන අතර දේශීය යාන්ත්‍රික ඉංජිනේරු සහ ගුවන් යානා නිෂ්පාදනයේ උපාංග නිෂ්පාදන ශ්‍රී ලංකාවට පිරිනැමීමට සූදනමින් සිටී.
එලෙසම පොරොන්දු වූ තවත් වැඩ ක්ෂේත්‍රයක් වන්නේ බලශක්ති ක්ෂේත්‍රයේ අන්තර් ක්‍රියාකාරිත්වය, කෘෂිකර්මාන්තයේ සහයෝගීතාවය ස්ථාපිත කිරීම සහ උසස් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් හඳුන්වා දීමයි.
කොළඹ ආර්ථික න්‍යාය පත්‍රයට අමතරව, නිකොලායි පත්‍රෂෙව්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සමඟ එක්ව ආරක්ෂාව පිළිබඳ ද්විපාර්ශ්වික උපදේශනද පැවැත්වීය. ආරක්‍ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්‍ෂක කවුන්සිලයේ යාන්ත්‍රවල නියෝජිතයන් ද සාකච්ඡා සඳහා සහභාගි වූහ.
කලාපයේ සහ ලෝකයේ ස්ථාවරත්වය පිළිබඳ ගැටළු සාකච්ඡා කරමින් පත්‍රෂෙව් සඳහන් කළේ වොෂින්ටනය සහ නේටෝව තවදුරටත් ඔවුන්ගේ වගකීම් ක්ෂිත්‍රයට ආසියාව ද ඇතුළත් බව ප්‍රකාශ කිරීමට පසුබට නොවන බවයි.
"එපමණක් නොව, මෙය උතුරු අත්ලාන්තික් සන්ධානයේ ප්‍රඥප්තිය සහ අනෙකුත් ලේඛන සමග සම්පූර්ණයෙන්ම නොගැලපෙනවා,"රුසියානු ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා අවධාරණය කළේය.
එසේ වුවද, ඔහුට අනුව, ඇමරිකානුවන් නේටෝව ආසියානු කලාපයට තල්ලු කිරීමට කටයුතු කරමින් සිටිති. ඔවුන් ඔවුන්ගේ පරිවාර සහයකයන්ගේ උදව්වෙන් , මූලික වශයෙන් ඇංග්ලෝ-සැක්සන් සන්ධානයෙන් නේටෝවේ නව කොටස් නිර්මාණය කරයි.
“නමුත් ඔවුන් ගණන් බලන ප්‍රතිඵලය ඔවුන් සාක්ෂාත් කරගන්නේ නැහැ. එහි ගැටුම්කාරී ඉන්දු පැසිෆික් මූලෝපාය ක්‍රියාවට නැංවීමේ දී කොලඹ සම්බන්ධ කර ගැනීමට වොෂින්ටනයේ අභිලාෂයේ සන්දර්භය ඇතුළුව, ඇමරිකානුවන්ට ඔවුන්ගේ ප්‍රවේශයන් නියම කිරීමට සහ පැනවීමට ඉඩ නොදීම අපගේ රාජ්‍යයන්ගේ අවශ්‍යතාවය බව අපට විශ්වාසයි." රුසියානු ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා අවධාරණය කළේය.
එදිනම, දෙරටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ බුද්ධි අංශ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් රුසියානු-ලංකා උපදේශනද පැවැත්විණි. සයිබර් සහ මත්ද්‍රව්‍ය අපරාධවලට එරෙහිව සටන් කිරීම, අන්තවාදයට එරෙහිව සටන් කිරීම, නීතිවිරෝධී ආයුධ වෙළඳාම, පුද්ගලයින් සහ නීතිවිරෝධී සංක්‍රමණ සම්බන්ධයෙන් ක්‍රියාකාරීව අදාළ තොරතුරු සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට පාර්ශවයන් කැමැත්ත පළ කළහ.
https://rg.ru/2023/12/07/nato-v-azii-ne-zhdut.html
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි