ලංවිම සමාගම් 12කට දී සේවකයෝ බාගයක් ගෙදර යවන්න සූදානම් වෙනවා - ලංකා විදුලි සේවක සංගමයෙන් චෝදනා
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නව සමාගම් දොළහක් ස්ථාපිත කොට විදුලිබල මණ්ඩලයේ සේවකයන් එකොළොස්දහස් දෙසීයකගේ පමණ රැකියා අහෝසි කිරීම ආණ්ඩුවේ සැලසුම වී ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසයි.
2007 අංක 07 දරන සමාගම් පනත යටතේ විදුලිබල මණ්ඩලය ප්‍රධාන වශයෙන් සමාගම් දොළහයක් බවට පත්කිරීමත් සමග 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසිවීමත් සමගම මණ්ඩලය ද අහෝසි වී යනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.
දැනට විදුලිබල මණ්ඩලයේ 24000ක පමණ පිරිසක් සේවය කරති. නව ක්‍රියාවලිය අනුව විදුලි උත්පාදන සමාගම් පහක්, බෙදාහැරීමේ සමාගම් පහක් සහ විදුලි සම්පේෂණ කටයුතු සඳහා සමාගම් දෙකක් ඇතිවන බව ද ජයලාල් මහතා පවසයි.
මීට අමතරව මෙරට සුළං බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ අදානි වැනි සමාගම්වලට අවසර ලැබෙන බවත් නොරොච්චෝල ලක් විජය ගල්අඟුරු බලාගාරය චීනයට නතුවන බවත් ඔහු පෙන්වා දෙයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට අයිති සේවක අර්ථ සාධක අරමුදලේ ඇති රුපියල් බිලියන අසූදෙකක මුදල ද මහා භාණ්ඩාගාරය යටතට ගැනීම සැලසුම වී ඇතැයි ද ඒ මහතා චෝදනා නගයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි