
සාමාන්‍ය පෙළ විභාගයෙන් 39,000ක් බුද්ධ ධර්මය අසමත් වෙලා
2022 සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය විෂයට පෙනී සිටී දරුවන්ගෙන් 39,000ක් එම විෂය අසමත්ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
රූපවාහිනී නාලිකාවක වැඩසටහනට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ කොමසාරිස් ලසික සමරකෝන් මහතා පවසන්නේ මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.
2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය සතියේ නිකුත් කරනු ලැබිණි.
පාසල් සහ පෞද්ගලික යන දෙඅංශයෙන්ම විභාගයට මෙවර පෙනී සිටි අයදුම්කරුවන් ගණන 472,553කි.
උසස් පෙළ විභාගය සඳහා සිසුන් 236,041ක් සුදුසුකම් ලබා ඇති අතර එම ප්‍රතිශතය පසුගිය විභාගයට වඩා පවතින්නේ අඩු මට්ටමකිනි.
A9 සාමර්ථ්‍ය හිමි දරුවන් ගණන 13,380ක් වන අතර එහි මෙවර වැඩිවීමක් දැකිය හැකිය.
කෙසේ වුවත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අපේක්ෂකයන් ප්‍රධාන විෂයන් සමත්වීම සම්බන්ධයෙන් ඇත්තේ සතුටුදායක තත්ත්වයක්ද?
මෙය අධ්‍යාපනඥයන් නිතර මතුකරන ප්‍රශ්නයකි.
ගණිත විෂය සඳහා සිසුන් 316,603ක් මෙවර පෙනී සිට ඇති අතර ඉන් කුමන හෝ සාමර්ථ්‍යයක් ලබාගනිමින් එම විෂය සමත්ව ඇති ප්‍රමාණය 232,274කි.
ඒ අනුව සියයට 27ක ප්‍රතිශතයක් මෙවර ගණිත විෂය අසමත්ව තිබේ.
ඉංග්‍රීසි විෂයට මුහුණ දුන් සිසුන් 317,059ක් අතරින් එය සමත්ව ඇති සංඛ්‍යාව 233,054කි.
සියයට 73කට ආසන්න සංඛ්‍යාවක් සිසුන් ඉංග්‍රීසි විෂය සමත්වුවද බරපතළ තත්ත්වය 27%ක ප්‍රතිශතයක් විෂව අසමත් වීමයි.
විද්‍යා විෂය සඳහා සිසුන් 316,982ක් පෙනී සිට ඇති අතර එම විෂය සමත්ව ඇත්තේ 228,825ක සංඛ්‍යාවකි.
විද්‍යා විෂය ද 18%ක පිරිසක් අසමත්ව තිබේ.
මෙවර විභාගයට ද සිංහල භාෂාව සහ සාහිත්‍යය විෂය සඳහා අපේක්ෂකයන් 246,301ක් පෙනී සිට ඇත.
ඉන් සමත්ව ඇති ප්‍රමාණය 218,554ක් වන අතර ඒ අනුව 12%ක ප්‍රතිශතයක් විෂය අසමත්ව තිබේ.
මේ අතර වඩාත් කතාබහට ලක්වූ කරුණක් වන්නේ බුද්ධ ධර්මය විෂයයි.
සාමාන්‍ය පෙළ විභාගය සඳහා බුද්ධ ධර්මය විෂයට සිසුන් 238,038ක් පෙනී සිට ඇති අතර ඉන් කුමන හෝ සාමර්ථ්‍යයක් ලබා විෂය සමත් වී ඇති සංඛ්‍යාව 188,437කි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
