
විදුලි බල පනතට අදාළ ගැසට් පත්‍රයේ ලංකාවේ නැති අකුරු මුද්‍රණය වෙලා... ඩීල් එකක්දැයි සැකයි - විපක්ෂයෙන් කියයි
විදුලි බල පනතට අදාළ ගැසට් පත්‍රයේ ලංකාවේ නැති අකුරු වගයක් ඇතුළත්වන හෙයින් එම ගැසට් පත්‍රය අවලංගු කර වෙනත් ගැසට් පත්‍රයක් මුද්‍රණය කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී අද (8) ඉල්ලීමක් කළහ.
සිංහල භාෂාවෙන් ගහපු ගැසට් නිවේදනයේ තේරෙන්නේ නැති ඉංග්‍රීසි වචන තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
"විදුලි බල පනත පහ වැනිදා දිනයට ගැසට් කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. හැබැයි එහෙම ගැසට් එකක් ගහලා නැහැ. පහ වැනිදා එහෙම ගැසට් පත්‍රයක් මුද්‍රණය වෙලා නැහැ. අද උදේ තුනට තමයි මේ ගැසට් පත්‍රය වෙබ් අඩවියේ පළවෙන්නේ. දින හතක් ඇතුළත මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ 12 වැනිදා. එදින සිට දින 14ක් ඇතුළත තමයි නඩු පවරන්න තියෙන්නේ. එතකොට 28 වෙනවා. 28 වෙනකොට උසාවි නිවාඩු දීලා.
මේ පනත ගැන කිසිම වෘත්තිය සමිතියක් එක්ක සාකච්ඡා කළේ නැහැ.කිසිම පාරිභෝගික සමිතියක් එක්ක සාකච්ඡා කළේ නැහැ. මේක තවත් ඩීල් එකක්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මේ පනත ගැන අපිට සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ.කමිටුවක සාකච්ඡා කළේ නැහැ.. වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළේ නැහැ. අඩු තරමින් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේ නැහැ. මේක මහා භයානක පනතක්. මෙහෙම ගැසට් කරලා අපිට නඩු දාන්න තියෙන අවස්ථාවත් වහනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවත් වහලා දැම්මට පස්සේ මොකද වෙන්නේ. පාර්ලිමේන්තුවත් වහලා උසාවියත් වැහුවට පස්සේ. මොකක්ද මේ කරන නාඩගම මේක සම්පූර්ණ වැරදි වැඩක්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
