
යුක්‍රේන යුද පිටියට ගිය කපිතාන් රනිෂ් ජීවිතක්ෂයට
යුක්‍රේන සටන් පෙරමුණේ භට කණ්ඩායම්වලට නායකත්වය ලබාදුන් යුක්‍රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන කපිතාන් රනිෂ් හේවගේ මහතා ඇතුළු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු රුසියානු හමුදා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
රුසියානු රජයේ හමුදාවන් විසින් "කළු හතුරා" ලෙස හඳුන්වන රුසියානුවන්ගේ ද ඉලක්කයක් ලෙස කපිතාන් රනිෂ් හේවගේ මහතා නම්කර තිබී ඇත.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා කමාන්ඩෝ බළකායේ පුහුණුව ලබා නීත්‍යානුකූල ලෙස ඉවත්ව යුක්‍රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස 2022 වසරේ මාර්තු මාසයේදී ඒ මහතා සේවයට බැඳී තිබේ.
රුසියානු - යුක්‍රේන යුද්ධයේ දී ඒ මහතා පෙරමුණේ දැක්වූ වීරත්වය හේතුවෙන් එරට ජනාධිපති විසින් ජනාධිපති විශේෂ සම්මාන පහක් ඔහුට ප්‍රදානය කර ඇත.
සටන් පෙරමුණේ නව වතාවක් තුවාල ලබමින් යුක්‍රේන රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කළ රනිෂ් හේවගේ මහතා එරට හමුදාවෙන් "කපිතාන් ඩෙන්ටිස්ට්" යන නාමයෙන් හඳුන්වා තිබේ.
යුක්‍රේන ඉදිරි ආරක්ෂක වළල්ලට ඔබ්බෙන් වූ මෙහෙයුමකට එක් වූ රනිෂ් හේවගේ මහතා යටතේ සිටින භට කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකික භටයෙකු වූ ප්‍රියන්ත සටන් පෙරමුණේ දී පසුගිය 04 වෙනිදා පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.
සටන් පෙරමුණට රුසියානු ප්‍රහාර දිගින් දිගටම එල්ලවීම හේතුවෙන් මියගිය සෙබළාගේ සිරුර රැගෙන යෑමට යුක්‍රේන හමුදා භට පිරිස් ඉදිරිපත් වී නොමැත.
එවිට ශ්‍රී ලාංකික සෙබළාගේ සිරුර රැගෙන යෑමට කපිතාන් රනිෂ් හේවගේ මහතා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී ඇති අතර, ඔහුගේ සහායට තවත් ශ්‍රී ලාංකික භටයන් තිදෙනෙකු එක්ව තිබේ.
"අපි ෆෝ මෑන් ටීම් එකක් විදියට රනිෂ් සර් සමග බොඩි එක ගන්න ගියා. මඟදිම එක්කෙනෙක් තුවාල වුණ නිසා අපි තුන්දෙනයි ඉස්සරහට ගියේ. අපි ඉස්සරහින් ලයින් එකට යද්දිම කාලතුවක්කුවලින් ගහන්න ගත්තා. ඩ්‍රෝන් ඇටෑක් එකකුත් ආවා. 4 වෙනිදා උදේ 9ට විතර කාලතුවක්කු එකක් වැටිලා සර් එක්ක මාත් තුවාල වුණා. අපිත් එක්ක ගිය සිංහ රෙජිමෙන්ට් එකේ එක්කෙනා එකේදි මැරුණා. සර්ට තුවාල වෙලා තිබුණේ. මම සර්ව කිලෝමීටර් පහළොවක් විතර අරන් ආවා. මගේ අතට කාලතුවක්කු කෑලි වැදිලා තුවාල වෙලා තිබුණේ. රනිෂ් සර් වගේ වීරයෙක් සතුරු බිමේ මැරෙන්න දෙන්න බැරි නිසා මම කොහොම හරි එයාව අරගෙන ආවා. අතරමඟ දි ආයෙත් රුසියානු ඩ්‍රෝනවලින් ගහන්න ගත්තා. ඒ අතරේ රනිෂ් සර් නැතිවුණා. සර් අපිට හැමදාම කිව්වේ යුද්දේදි මැරුණොත් බොඩි එක ගන්න එපා කියලයි. ඒත් මම උපරිම උත්සාහ කළේ, සර්ව අරගෙන එන්නයි. දිගටම ඩ්‍රෝනවලින් ගහද්දි මට තනිවම පසුබහින්න වුණා..." යැයි මෙම මෙහෙයුමෙන් තුවාල ලබා යුක්‍රේන හමුදා රෝහලක ප්‍රතිකාර ලබන යුද හමුදා කමාන්ඩෝ බළකායෙන් ඉවත්ව ගොස් යුක්‍රේන හමුදාවට එක්වූ හතුරුසිංහ මහතා පැවසීය.
තමා කමාන්ඩෝ පුහුණුව ලබා ප්‍රගුණ කර ඇති අත්දැකීම් උපයෝගී කරගෙන තම අණදෙන නිලධාරියාගේ සිරුර කොසේ හෝ රැගෙන ඒමට යන බවද ඔහු කියා සිටියේය.
යුක්‍රේන රජයේ හමුදාවට මෙරටින් නිත්‍යානුකූල සේවයෙන් ඉවත්ව ගිය 70 දෙනෙකු පමණ සේවය සඳහා අයදුම් කර ඇති අතර, කපිතාන් රනිෂ් සමග ශ්‍රී ලාංකික භටපිරිස්වල 20කට ආසන්න පිරිසක් එහි සේවය කර ඇත.
ඔහු යටතේ කැනඩා හමුදා භට කණ්ඩායම් ද සේවය කර ඇත.
එක් සටනකදී ඔහු සමග සිටි කැනඩා භටයින් 21දෙනෙකු මියගොස් ඇත. කපිතාන් රනිෂ් හේවගේ එම සටනින් තුවාල ලබා දිවිබේරා ගෙන තිබුණි.
රනිෂ් මියදෙන්නට දින තුනකට පමණ පෙර ඔහුගේ මව, සහෝදිය ඇතුළු පවුලේ සාමාජිකයින් ද යුක්‍රේනයට පැමිණ ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
කපිතාන් රනිෂ් හේවගේ අණදෙන භට කණ්ඩායමට එක්වීමේ අරමුණින් ශ්‍රී ලාංකික නිලධාරීන් හා සෙසු නිලයන්වල 70 පමණ අසර්බයිජාන්, ඩුබායි හා ඉන්දියාවට ගොස් පෝලන්තය ඔස්සේ එරටට යෑමට නියමිතව සිට ඇත.
මසකට රු ලක්ෂ 10 - 12ක් අතර වැටුපක් ශ්‍රී ලාංකික හමුදාවල සිටි භට කණ්ඩායම්වලට යුක්‍රේන රජයෙන් හිමිවන බව වාර්තා වේ.
සටන් බිමේ මියගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් තිදෙනා සම්බන්ධයෙන් තානාපති අංශ මඟින් ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමට ඊයේ (05) කටයුතු යොදා ඇති බව ද යුක්‍රේනයෙන් වාර්තා වුණි.
උපුටා ගැනීම - අරුණ පුවත්පත
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
