
මානව වර්ගයාගේ සාමකාමි පැවැත්ම වෙනුවෙන් රුසියාව තීරණාත්මක මැදිහත් වීමක
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නාසිවාදය උත්කර්ෂයට නැංවීමට එරෙහිව එක්සත් ජාතීන් වෙත රුසියාව ඉදිරිපත් කළ යෝජනාවට ඡන්දය දීමේ ප්‍රතිඵල පිළිබඳව ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරනු ලබයි.
ලෝකය පුරා මතුවෙමින් යන නව නාසි සහ වෙනත් අන්තවාදී ප්‍රවනතා මැඩපැවැත්වීම සඳහ රුසියානු රාජ්‍යය ගන්නා දැවැන්ත උත්සාහය සම්බන්ධයෙන් වන මනා විග්‍රහයක් එම මාධ්‍ය නිවේදනය තුළ අඩංගු වන අතර එය අප වැනි පරිධියේ පවතින රටකට මනා පිටිවහලක් වන්නකි.
අදාළ මාධ්‍ය නිවේදනය මෙසේය.
නාසිවාදය උත්කර්ෂයට නැංවීමට එරෙහිව එක්සත් ජාතීන් වෙත රුසියාව ඉදිරිපත් කළ යෝජනාවට ඡන්දය දීමේ ප්‍රතිඵල
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තුන්වන කමිටුව වෙත 2023 නොවැම්බර් 3 වනදා රුසියාව ඉදිරිපත් කළ නාසිවාදය, නව නාසිවාදය සහ එයට සමාන භාවිතයන් උත්කර්ෂයට නැංවීමට එරෙහි ඉදිරිපත් කළ යෝජනාව සම්මත කිරීමට එක්සත් ජාතීන් කටයුතු කළේය. යෝජනාව සම්මත කිරීම සන්දහා පැවැත්වූ
ඡන්දය බටහිර බලවතුන් ඉහත කාරණය සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය පිළිබඳව පැහැදිළි සාක්ෂියක් විය.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තින් වලට දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල පදනම් කර ගැනීම සම්බන්ධව ඔවුන් දක්වන ප්‍රහාරාත්මක ප්‍රවේශය අදාල ඡන්ද විමසීමේදී මනාව පිළිබිඹු විය. කෙසේ වුවද දෙවන ලෝක යුද්ධයෙන් ඇති වූ බ්ලපෑම් හේතුවෙන් එක්සත් ජාතින්ගේ ප්‍රඥාප්ති වලට එකතු වූ මූලධර්මයන් නියුරම්බර්ග් විනිශ්චය සභාවට මෙන්ම ඈත පෙරදිග යුද අපරාධකරුවන් සම්බන්ධයෙන් ද වන නඩු විභාගයන් සඳහා ද මූලික වේ. "බර්ලින් - රෝමය - ටෝකියෝ" නම් එවකට ගිවිසුම්ගතව සිටි රාජ්‍යයන් ජර්මානු නාසිවාදීන්ගේ ඉතාලි ෆැසිස්ට්වාදීන්ගේ සහ ජපන් මිලිටරිවාදීන්ගේ පීඩනයන්ට අසු වූ වින්දිතයින්ට එරෙහිව අදටත් ඔවුන්ගේ ඇති අපහාසාත්මක ස්වරූපය විදහා පෙන්වති.
ඉහත සඳන් කළ අක්ෂයට අයත් ඔවුන් ගත් මෙම පියවර දෙවන ලෝක සංග්‍රාමය මෙහෙයවීමේදී කළ වැරදි පිළිගනිමින් ඔවුන් කළ ප්‍රකාශ තුළ ඇති ඔවුන්ගේ අවංකභාවය සම්බන්ධයෙන් අප තුළ සැකයක් ජනිත කරවයි.මෙම ක්‍රියාවන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම සහ අරමුණු නිසා ඇති වන වගකීම් ඉටු කිරීමට ඔවුන් කළ යුතු කැපවීම්වලට එරෙහිව සිදුවන්නකි.
මේ සම්බන්ධයෙන් ජපානයට ඈත පෙරදිග රටවලට එරෙහි ආක්‍රමණය මුදා හැරීමේ වරද මෙන්ම පූර්ණ පරිමාණයෙන් සම්මත වූ දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් වන නිල පිළිගැනීමේ ප්‍රතිඵල වලින් ගොඩ නැංවෙන අවශ්‍යතාද ඉස්මතු කළ යුතුය.එක්සත් ජාතීන්ගේ සංවිධානයට ටෝකියෝවට එක්වන්නට මග පෑදු මොහොත උදා වූවේ එවකට සෝවියට් සංගමයේ ස්ථාවරය වූ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සියලුම විධිවිධානවලට දැඩි ලෙස අනුකූල වීමේ කොන්දේසිය හේතුවෙනි.
ජර්මනිය, ඉතාලිය සහ ජපානය මෙන්ම ඔවුන්ගේ පරිවාර රාජ්‍යන්ගේ නොමේරු ස්වභාවය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2 වැනි වගන්තියේ 53 වැනි ඡේදයේ අඩංගුව පවතින "සතුරු රාජ්‍යන්" නම් වාක්‍ය ඛන්ඩය ඉවත් කිරීම සඳහා පැවැත්වූ සාකච්ඡා වට වලදී මොනවට පිළිබිඹු කෙරුණි. මෙහි අවසාන ප්‍රතිඵලය රුසියානු ස්ථාවරය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සිටින ස්ථිර සහ තාවකලික සාමාජිකයන්ගේ සහය දැක්වීම මත පදනම් වනු ඇත.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව, සියලුම එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන්ගේ යුතුකම වන්නේ “ යුද්ධයේ පීඩනයට හසුවූ සමස්ත ලෝක ජනයා මුදවා ගැනීම" මෙන්ම හිට්ලර්ගේ පාර්ශවකරුවන් ලෙස හිඳිමින් යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ සංකීර්ණ ඓතිහාසික වරද කළ දෙවන ලෝක යුද්ධයට සහභාගි වූ සියළුම රාජ්‍යයන් කෙරෙහි අවධානය යොමු කිරීමද ඇතුලත් වන්නේය.
- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
2023 නොවැම්බර් 22
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
