
කොක්කුතුඩුවායි සමූහ මිනීවලේ කැනීම් නවතයි.. සිරුරු 39ක අස්ථි හමුවෙයි
මුලතිව්, කෝකිලායි,කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පිහිටි සමුහ මිනිවලේ කැනීම් කටයුතු දෙවන අදියර (29) දිනයේදී තාවකාලිකව නවතා දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා නියෝග කොට සිටියේය.
මේ අනුව දෙවන අදියර දක්වා සිදුකරන ලද කැනීම් වලදී සිරුරු 39 ක අස්ථි කොටස් හමුව ඇති අතරම තෙවන අදියරේ කැනීම් කටයුතු ලබන වසරේ 2024 මාර්තු මස මුල සිට ආරම්භ කරන බවටද මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දැනුම් දෙනු ලැබීය.
පසුගිය 20 වනදා දෙවන අදියරේ කැනීම් කටයුතු ආරම්භ කරන විටත් පළමු අදියර යටතේ සිරුරු 17 ක අස්ථි කොටස් හමු වී තිබූ අතර 20 සිට 28 දින දක්වා කාලය තුලදී සිරුරු අස්ථි කොටස් 22 ක් සොයාගනු ලැබීය.
මෙහිදී සමූහ මිණීවලේ මේ වන විට මීටර් 3 ක පළලින් යුත් මීටර් 7 ක පමණ දිගින් යුතු වපසරියක කැනීම් කටයුතු සිදුකොට අවසන් වී ඇත.
තවද මෙම සමුහ මිනි වලේ හමුවී ඇති අමතර මිනිස් අස්ථි කොටස් තෙවන අදියරේදී එක්කර ගැනීමට නියමිත අතරම මිනිස් අස්ථි කොටස් සමගින් පතරොම්, උණ්ඩ කොටස්, එල් ටී ටී ඊ සමාජිකයන් හදුනා ගැනීම සදහා පළදින අංක තහඩු, සයනයිඩ් කරල්, ආරක්ෂක අංශ භාවිතා කරන කැලෑ ඇදුමට සමාන ඇදුම් කොටස්, ඇතුලු උපකරණ සොයාගෙන ඇති බවද පොලිසිය පැවසීය.
මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් කැනීම් කටයුතු ආරම්භ කෙරුනු අතර මුලතිව් මහරෝහලේ අධිකරණ වෛද්‍ය කේ. වාසුදේව පුරාවිද්‍යා නිලධාරීන් හා ප්‍රදේශභාර ග්‍රාමසේවක,අවසරලත් සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුලු පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙහි කැනීම් කටයුතු සිදුකරනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..
සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)
වියට්නාම නිදහස් අරගලයේ නායක 'හෝ චි මිං' ගේ 135 වන ජන්ම සංවත්සර සැමරුමක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි..
ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..
රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..
රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
