
අවුකන ප්‍රතිමා වහන්සේට වස්ත්‍ර පැළැඳ වූ අයට වැඩවරදින ලකුණු!
ශ්‍රී ලංකාවේ ශෛලමය පිළිම අතර විශේෂ ස්ථානයක් හිමි වන අවුකන පිළිමයට සිවුරු පැළැඳවීම සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ දක්වා අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් තමන් සොයා බලන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ඊට අදාළ පැමිණිලි ගොනු කර ඇති ගල්නෑව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මේ දක්වා එම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව ය.
එහිදී පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, පෙරේදා (නොවැ. 27) දිනයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් ගල්නෑව පොලිසියේ ගොනු කර තිබුණු පැමිණිල්ලේ සඳහන් කර තිබුණේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍ය නොවන බවත් සැකකරුවන් වෙත අවවාද කිරීම පමණක් ප්‍රමාණවත් බවත් ය.
කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳව මාධ්‍ය ඔස්සේ මෙන් ම, සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් යොමු වීමත් සමග අදාළ නිලධාරීන් යළිත් ඊයේ (නොවැ. 28) දින තවත් පැමිණිල්ලක් ගොනු කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සඳහන් කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මේ අතර, අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍ර පැළැඳවීම පුරාවිද්‍යා ආඥාපනත අනුව බරපතළ සිද්ධියක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ මහත්මිය පවසන්නේ, වස්ත්‍ර පැළැඳවීමේදී විහාරාධිපති හිමියන් තනි මතයට කටයුතු කර ඇති බවය.
ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ ධාතුසේන රජු නිර්මාණය කරවූ බවට ඉතිහාසයේ සඳහන් වන අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍ර පැළැඳවීමේ ඡායාරූප පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වූයේ සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය කරමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..
සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)
වියට්නාම නිදහස් අරගලයේ නායක 'හෝ චි මිං' ගේ 135 වන ජන්ම සංවත්සර සැමරුමක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි..
ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..
රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..
රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
