ප්රභාකරන් අයියාගේ උපන් දිනයට කේක් කපන්න සුසාන භූමියට ගිය නංගී අත්අඩංගුවට
'සුභ උපන්දිනයක් වේවා ප්රභාකරන් අයියා- සභාපති' යනුවෙන් සඳහන් කරන ලද උපන්දින කේක් ගෙඩියක් රැගෙන යමින් සිටි බව කියන 43 හැවිරිදි කාන්තාවක් මඩකලපුව කොක්කඩිචෝලේපොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (26) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සන්තකයේ මෙම උපන්දින කේක් දින කේක් ගෙඩියට අමතරව පොපිමල්, පොල් තෙල්, ඉටිපහන් ඇතුළු ද්‍රව්‍ය රැසක් ද තිබී පොලිස් භාරයට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.
නැගෙනහිර පළාත මුදා ගැනීමේ මෙහෙයුමේදී ආරක්ෂක හමුදා සමඟ සටන් වැදී මියගිය එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් භූමදානය කර ඇති මා වාඩි මුම්මාරි සුසාන භූමිය අසල මාර්ග පාදකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
මහවිරු දිනය වෙනුවෙන් වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන් දිනය සැමරීම සඳහා සුසාන භූමියට ගොස් කේක් කපා ඔහුට සුබ පැතීමට ගිය බව මෙම කාන්තාව ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇතැයිද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.
එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ බවට මෙම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි