
යුනිලීවර් සමාගම මහා බදු වංචාවක. නඩු දැම්මත් සතපහක් ගෙවලා නෑ.
‘යුනිලිවර් ශ්‍රී ලංකා’ සමාගම විසින් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 570 කට වැඩි බදු වංචාවක් සිදුකර ඇති බවත් එය යට ගැසීම සඳහා
ආණ්ඩුවේ ප්‍රබලයින් ගෙන් බලපෑම් එල්ල වී ඇති බවත් රේගුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
එම ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, 2018 ඔක්තෝබර් – 2019 අප්‍රේල් කාලසීමාව තුළ යුනිලිවර් සමාගමේ සබන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය පාම් ඔයිල් ෆැටි ඇසිඩ් නමැති සංඝටකය ආනයනය කිරීමේදී රේගු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු 25% ක බදු මුදල වංචා සහගත ලෙස ගෙවීම පැහැර හැර තිබේ.
අදාල සංඝටකය ආනයනය කිරීමේදී HS අංක 3823.19.20 යටතේ ආනයනය කළයුතු වුවත් ඒවා ආනයනය කර තිබෙන්නේ HS අංක 3823.19.90 යටතේයි. මේ හරහා අදාල බදු මුදල් නොගෙවා සිටීමට සමාගම සමත් වී ඇත.
කෙසේ නමුත් රේගු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී අනාවරණය වී තිබෙන්නේ මෙම වංචනික ක්‍රියාව හරහා රුපියල් මිලියන 570 කට අධික මුදලක් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් රේගුවට ගෙවිය යුතු බවයි.
මෙම වංචාවට අදාල දඩ මුදල ලෙස රුපියල් බිලියනයකට අධික මුදලක් ගෙවන ලෙස රේගු බළධාරීන් සමාගමට දන්වා ඇති නමුත් එම මුදල් ගෙවීම සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්පසු රේගු බළධාරීන් විසින් 2021 ජනවාරි මස 21 වැනිදා අභියාචනාධිකරණය හමුවේ 19/2021 අංකය යටතේ යුනිලිවර් සමාගමට එරෙහිව නඩුවක් ගොනුකර ඇත.
මෙම වංචාව සිදුව තිබෙන්නේ පසුගිය යහපාලන රජය සමයේදීය. යහපාලන රජය සමයේදී සිදු වූ වංචා දූෂණවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු වෙමින් බලයට පත් වූ වත්මන් පාලකයන්ද නීතිමය පියවර ගැනීම වෙනුවට වංචනිකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටී.
රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් පවසන්නේ මෙම නඩුව සමාගමට වාසි සහගත වන පරිදි සමථයකට පත් කර ගන්නා ලෙස වත්මන් ආණ්ඩුවේ සහ පැවති ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන, දැරූ පුද්ගලයන් හරහා රේගුවට බලපෑම් එල්ලවෙමින් තිබෙන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
