11 සාමාන්‍ය පෙළ 10ට එයි... අවුරුදු 4 සම්පූර්ණ දරුවන් පෙර පාසල් යැවීම අනිවාර්ය වෙයි
අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
අද (22) පාලිමේන්තුවේ දී පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවය.
ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට නියමිත අතර, උසස් පෙළ විභාගය සඳහා දරුවෙක් අවුරුදු 17 දී පෙනී සිටිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"අපි යෝජනා කරලා තියෙනවා Pre Primary එක පටන් ගන්න. වයස අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවන් පෙරපාසල් ගත කරන්නම ඕනේ. කාටහරි එහෙම නොමිලේ යවා ගන්න බැරි නම් අපි හඳුන්වා දෙන ක්‍රමය තුළ අපි ඒ අයට ආසන්නම පාසලක ඕනේ තරම් ඉඩ තියෙනවා. ළමයි 200ට අඩු පාසල් 4,000ක් තියෙනවා. ළමුන් 100ට අඩු පාසල් 2,900ක් තියෙනවා. ඉතාම පහසුවෙන් ග්‍රාමීය මට්ටමින් නොමිලේ Pre Primary එක කරන්න අපිට ඉඩදෙන්න පුළුවන්. මේ වනවිට ඒ වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනය හදලා ඉවරයි. ඒ අයගේ ඇකඩමික් කවුන්සිල් එකට දාලා අනුමත කරලා ගේනවා. පළාත් මට්ටමට භාරදීලා ඒ හරහා පෙරපාසල් දැනට ඉන්න පාලිකාවන් පුහුණු කරනවා. අලුතින් එන අයව පුහුණු කරනවා. ඒ අයට සහතික පත්‍ර පාඨමාලාවක්, ඩිප්ලෝමා පාඨමාලාවක් සහ උපාධිය දක්වා හඳුන්වා දෙනවා. ඒ අයට යම් කාලයක් දෙනවා මේ ටික සම්පූර්ණ කරන්න. ඒක හඳුන්වාදීමත් එක්ක තමා දැනට 11 තියෙන සාමාන්‍ය පෙළ 10ට ගේන්න හදන්නේ. එතකොට අවුරුදු 4 ඉඳලා ගණනය කරගෙන යනකොට දරුවෙක් අවුරුදු 15න් සාමාන්‍ය පෙළ ලියනවා. 17 දී උසස් පෙළ ලියනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන