හෙලිකොප්ටර් කඩා වැටීම සහ නිසි පුහුණුවේ ඇති වැදගත්කම..
මම කාලයක් වැඩකරේ Oil & gas ෆීල්ඩ් එකේ. ඒකෙත් වැඩිපුරම වැඩ කරේ මුහුද මැද තියෙන ඔයිල් ඇන්ඩ් ගෑස් ප්ලැට්ෆෝම් (offshore oil and gas platforms) වල. අපි ඒවට යන්න ගොඩක් වෙලාවට භාවිතා කරේ හෙලිකොප්ටර්. ඔය හෙලිකොප්ටරේකට පළමු වතාවට ගොඩවෙන්න කලින් අපි බෝසියැට් (BOSIET - Basic Offshore Safety Induction and Emergency Training ) කියලා ට්‍රේනිං එකක් කරන්න ඕන. ඒකෙදි ගිනි නිවීම, මුහුදේ නොගිලී නොමැරී සිටීමේ ක්‍රම සහ හෙලිකොප්ටරයක් වතුරට කඩා වැටුනොත් බේරෙන විදිය කියලා දෙන HUET ( Helicopter Underwater Escape Training) කියන පුහුණු වීම් කලයුතු වෙනවා. ඒකෙනුත් ඔය HUET ට්‍රේනිං එක ටිකක් අමාරු වගේම ඉතාම වැදගත් එකක් වෙනවා.
HUET ට්‍රේනිං එකේදි කරන්නෙ හෙලිකොප්රයක් විදියටම සෑදූ ආකෘතියකට ට්‍රේනිං වෙන අයව ඇතුල් කරලා සේෆ්ටි ගියර්ස්, විශේෂයෙන්ම ලයිෆ් ජැකට් එකක් එක්ක අදාල කවරෝල් ඇඳලා හෙලිකොප්ටරයක යනවා වගේම වාඩිවෙලා සීට් බෙල්ට් දාලා වතුරට අතාරිනවා.
වතුරට වැටෙනකොට අපි සීට් බෙල්ට් එකේ බක්ල් එකට එක අතකුත් අනික් අත ජනේලයටත් තියාගන්න ඕන. බෙල්ට් එකේ බක්ල් එක හදලා තියෙන්නෙ එක පාරකින් ඇරෙන විදියට. සෑම හෙලිකොප්ටර ජනේලයක්ම හදලා තියෙන්නෙ එක අතකින් තල්ලු කරාම ජනේලෙ ගැලවිලා යන විදියට. මේක අනිවාර්‍ය සේෆ්ටි අංගයක්.
ඔය පුහුණුවෙදි අපිට කියනවා වතුර පපුවේ මට්ටමට ආවහම හොඳ හුස්මක් අරං ඒක අල්ලං ඉඳලා ඔළුව වතුරේ යටට ගියාම 7ට යනකං ගණින්න කියලා. මෙහෙම කියන්න හේතූවක් 2ක් තියෙනවා. පලවෙනි එක තමා හෙලිකොප්ටරයක එන්ජිම සහ අවරපෙති (propeller - rotating blades) තියෙන්නෙ වහලේ නිසා වැඩි බරක් සහිත කොටස තමා ඒක. ඒ නිසා වතුරට වැටුනාම හෙලිකොප්ටරය යටිකුරු වෙන්න පුලුවන් (capsizing). එහෙම වෙනවනං ඒක වතුරට වැටිලා ඉක්මනින්ම වෙනවා. එහෙම උඩ යට කැරකිලා අවසන් උනාම පලමුව සීට් බෙල්ට් එකේ බල්ක් එක ඇරලා දෙවනුව ජනේලේ තල්ලු කරලා ඇරලා ජනේලෙන් එලියට එන්න ඕන. ඇවිත් ලයිෆ් ජැකට් එක පිම්බෙන නූල ඇඳලා වතුරෙන් උඩට එන්න පුලුවන්. කිසිම වෙලාවක හෙලිකොප්ටරය තුලදි ලයිෆ් ජැකට් එක පුම්බගන්න හොඳ නෑ. එහෙම උනොත් හෙලිකොප්ටරය ඇතුලේ හිරවෙලා ඒකත් එක්කම ගිලිලා යන්න පුලුවන්.
දෙවෙනි කාරණේ තමා හෙලිකොප්ටරය යටිකුරු උනේ නැතත් වතුරට වැටිලත් අවරපෙති කැරකෙන්න පුලුවන්. වතුරට වැටුන ගමන් එලියට ආවොත් ඔලුව නැතුව තමා වතුරෙන් උඩට එන්න වෙන්නෙ. හැබයි වතුරේ ප්‍රතිරෝධය නිසා තප්පර කීපෙකදි පෙති නවතිනවා. ඊට පස්සෙ ආරක්ෂිතව උඩට එන්න පුලුවන්. අපිට පුහුණුව දෙන්නෙ ආකෘතියක නිසා අවස්ථා දෙකකදි වතුරට දානවා. පලවෙනි එක යටිකුරු නොවී එලියට එන්නත් දෙවෙනි එක යටිකුරුවීමකදි එලියට එන්නත් පුහුණු කරන්න.
සාමාන්‍යයෙන් මේ පුහුණුව එක පාරක් කරාම හැමදාටම වලංගු නෑ. අවුරුදු කීපෙකට සැරයක් කරන්න ඕන. ඒවගේම එක රටක එකක් තව රටකට වලංගුත් නෑ. මං අවුරුදු 7කට ආසන්නව offshore oil and gas platform වල වැඩකරපු කාලේ ඔය පුහුණුව තුන් පාරක් කරා.
මේ සටහන ලියන්න මූලික හේතුව උනේ ඊයේ ලංකාවේ සිද්දවුන හෙලිකොප්ටර අනතුර. ඒ අනතුරේදිත් යානය වැටිලා තිබ්බෙ ජලාශෙකට. ඒවගේම අනතුරින් පසුව සමහර සෙබලුන් මුදවාගන්න දිය යට කිමිදිලා සීට් බෙල්ට් කපන්න උනා කියලා දැක්කා. ඒක හරිම කණගාටුදායක තත්වයක්. එහෙම වෙන්න බලපාපු කාරණා මොනවද කියලා අපි තවම දන්නෙත් නෑ.
ඒ වගේම අපි කොච්චර පුහුණු උනත් ප්‍රායෝගිකව ඒ පුහුණුව ක්‍රියවේ යොදවන එක ලොකු අභියෝගයක්. පුහුණුවක් වෙලාවකදි අපි දන්නවා වෙන්න යන්නෙ මොකක්ද කියලා. ඒත් අපි හෙලිකොප්ටරේක යද්දි කඩා වැටීම කියන්නෙ බලාපොරොත්තු නොවන අවස්තාවක්. එතනදි අපි ප්‍රථිචාර දක්වන විදිය ගොඩක් වෙනස්. හැබැයි නිසි පුහුණුවක් ලබලා තිබීම හොඳ ප්‍රතිචාරයක් දක්වන්න අනිවාර්‍යෙන්ම උදව් වෙනවා.
(මුහුණු පොතෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..