හෙලිකොප්ටර් කඩා වැටීම සහ නිසි පුහුණුවේ ඇති වැදගත්කම..
මම කාලයක් වැඩකරේ Oil & gas ෆීල්ඩ් එකේ. ඒකෙත් වැඩිපුරම වැඩ කරේ මුහුද මැද තියෙන ඔයිල් ඇන්ඩ් ගෑස් ප්ලැට්ෆෝම් (offshore oil and gas platforms) වල. අපි ඒවට යන්න ගොඩක් වෙලාවට භාවිතා කරේ හෙලිකොප්ටර්. ඔය හෙලිකොප්ටරේකට පළමු වතාවට ගොඩවෙන්න කලින් අපි බෝසියැට් (BOSIET - Basic Offshore Safety Induction and Emergency Training ) කියලා ට්‍රේනිං එකක් කරන්න ඕන. ඒකෙදි ගිනි නිවීම, මුහුදේ නොගිලී නොමැරී සිටීමේ ක්‍රම සහ හෙලිකොප්ටරයක් වතුරට කඩා වැටුනොත් බේරෙන විදිය කියලා දෙන HUET ( Helicopter Underwater Escape Training) කියන පුහුණු වීම් කලයුතු වෙනවා. ඒකෙනුත් ඔය HUET ට්‍රේනිං එක ටිකක් අමාරු වගේම ඉතාම වැදගත් එකක් වෙනවා.
HUET ට්‍රේනිං එකේදි කරන්නෙ හෙලිකොප්රයක් විදියටම සෑදූ ආකෘතියකට ට්‍රේනිං වෙන අයව ඇතුල් කරලා සේෆ්ටි ගියර්ස්, විශේෂයෙන්ම ලයිෆ් ජැකට් එකක් එක්ක අදාල කවරෝල් ඇඳලා හෙලිකොප්ටරයක යනවා වගේම වාඩිවෙලා සීට් බෙල්ට් දාලා වතුරට අතාරිනවා.
වතුරට වැටෙනකොට අපි සීට් බෙල්ට් එකේ බක්ල් එකට එක අතකුත් අනික් අත ජනේලයටත් තියාගන්න ඕන. බෙල්ට් එකේ බක්ල් එක හදලා තියෙන්නෙ එක පාරකින් ඇරෙන විදියට. සෑම හෙලිකොප්ටර ජනේලයක්ම හදලා තියෙන්නෙ එක අතකින් තල්ලු කරාම ජනේලෙ ගැලවිලා යන විදියට. මේක අනිවාර්‍ය සේෆ්ටි අංගයක්.
ඔය පුහුණුවෙදි අපිට කියනවා වතුර පපුවේ මට්ටමට ආවහම හොඳ හුස්මක් අරං ඒක අල්ලං ඉඳලා ඔළුව වතුරේ යටට ගියාම 7ට යනකං ගණින්න කියලා. මෙහෙම කියන්න හේතූවක් 2ක් තියෙනවා. පලවෙනි එක තමා හෙලිකොප්ටරයක එන්ජිම සහ අවරපෙති (propeller - rotating blades) තියෙන්නෙ වහලේ නිසා වැඩි බරක් සහිත කොටස තමා ඒක. ඒ නිසා වතුරට වැටුනාම හෙලිකොප්ටරය යටිකුරු වෙන්න පුලුවන් (capsizing). එහෙම වෙනවනං ඒක වතුරට වැටිලා ඉක්මනින්ම වෙනවා. එහෙම උඩ යට කැරකිලා අවසන් උනාම පලමුව සීට් බෙල්ට් එකේ බල්ක් එක ඇරලා දෙවනුව ජනේලේ තල්ලු කරලා ඇරලා ජනේලෙන් එලියට එන්න ඕන. ඇවිත් ලයිෆ් ජැකට් එක පිම්බෙන නූල ඇඳලා වතුරෙන් උඩට එන්න පුලුවන්. කිසිම වෙලාවක හෙලිකොප්ටරය තුලදි ලයිෆ් ජැකට් එක පුම්බගන්න හොඳ නෑ. එහෙම උනොත් හෙලිකොප්ටරය ඇතුලේ හිරවෙලා ඒකත් එක්කම ගිලිලා යන්න පුලුවන්.
දෙවෙනි කාරණේ තමා හෙලිකොප්ටරය යටිකුරු උනේ නැතත් වතුරට වැටිලත් අවරපෙති කැරකෙන්න පුලුවන්. වතුරට වැටුන ගමන් එලියට ආවොත් ඔලුව නැතුව තමා වතුරෙන් උඩට එන්න වෙන්නෙ. හැබයි වතුරේ ප්‍රතිරෝධය නිසා තප්පර කීපෙකදි පෙති නවතිනවා. ඊට පස්සෙ ආරක්ෂිතව උඩට එන්න පුලුවන්. අපිට පුහුණුව දෙන්නෙ ආකෘතියක නිසා අවස්ථා දෙකකදි වතුරට දානවා. පලවෙනි එක යටිකුරු නොවී එලියට එන්නත් දෙවෙනි එක යටිකුරුවීමකදි එලියට එන්නත් පුහුණු කරන්න.
සාමාන්‍යයෙන් මේ පුහුණුව එක පාරක් කරාම හැමදාටම වලංගු නෑ. අවුරුදු කීපෙකට සැරයක් කරන්න ඕන. ඒවගේම එක රටක එකක් තව රටකට වලංගුත් නෑ. මං අවුරුදු 7කට ආසන්නව offshore oil and gas platform වල වැඩකරපු කාලේ ඔය පුහුණුව තුන් පාරක් කරා.
මේ සටහන ලියන්න මූලික හේතුව උනේ ඊයේ ලංකාවේ සිද්දවුන හෙලිකොප්ටර අනතුර. ඒ අනතුරේදිත් යානය වැටිලා තිබ්බෙ ජලාශෙකට. ඒවගේම අනතුරින් පසුව සමහර සෙබලුන් මුදවාගන්න දිය යට කිමිදිලා සීට් බෙල්ට් කපන්න උනා කියලා දැක්කා. ඒක හරිම කණගාටුදායක තත්වයක්. එහෙම වෙන්න බලපාපු කාරණා මොනවද කියලා අපි තවම දන්නෙත් නෑ.
ඒ වගේම අපි කොච්චර පුහුණු උනත් ප්‍රායෝගිකව ඒ පුහුණුව ක්‍රියවේ යොදවන එක ලොකු අභියෝගයක්. පුහුණුවක් වෙලාවකදි අපි දන්නවා වෙන්න යන්නෙ මොකක්ද කියලා. ඒත් අපි හෙලිකොප්ටරේක යද්දි කඩා වැටීම කියන්නෙ බලාපොරොත්තු නොවන අවස්තාවක්. එතනදි අපි ප්‍රථිචාර දක්වන විදිය ගොඩක් වෙනස්. හැබැයි නිසි පුහුණුවක් ලබලා තිබීම හොඳ ප්‍රතිචාරයක් දක්වන්න අනිවාර්‍යෙන්ම උදව් වෙනවා.
(මුහුණු පොතෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්