News Category
From Date
To Date
Maximum Number of Result

වැටුප් සංශෝධනයට GMOA එකඟ නොවෙයි... වර්ජනයක් කැඳවන බව දන්වයි..

Feb 21, 2025 at 08:30 PM
|

අය වැය මගින් යෝජිත වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

2025 අයවැය ලේඛනයේ සෞඛ්‍ය පද්ධතිය ඉලක්ක කරගත් යෝජනා සහ අයවැයෙන් යෝජිත වැටුප් සංශෝධන හමුවේ වෛද්‍යවරුන්ට සිදු වී ඇති බලපෑම.

වත්මන් රජයේ මංගල අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම ඉලක්ක කර ගනිමින් සාධනීය යෝජනා ගණනාවක් අයවැය ලේඛනය තුළ අන්තර්ගත කර තිබීම ප්‍රශස්ත කරුණකි.

රුපියල් බිලියන 604 ක් වන, ඉතිහාසයේ වැඩිම මුදල සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් වෙන් කර ඇති අතර, රෝහල් පද්ධතියට ඖෂධ සහ උපකරණ ලබාදීම වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 185 කි. මෙලෙස මුදල් ප්‍රතිපාදන ලබාදීම මෙන්ම, එම මුදල් ප්‍රතිපාදන වඩා ඵලදායිව වැය කිරීම සඳහා ශක්තිමත් ක්‍රමවේදයන් සකස් කිරීමෙන් නිදහස් සෞඛ්‍ය සේවාව තවත් ශක්තිමත් වනු ඇත.

ඖෂධ හිඟය විසඳීමට ඇති හොඳම විසඳුම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක් කිරීම බව රජයේ වෛද්‍ය නිලධාරිගේ සංගමය දිගින් දිගටම දැරු ස්ථාවරයයි. මෙවර අයවැය ලේඛනය තුල සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරිමේ  ආරම්භක පියවර ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඩිජිටල්කරණය සිදුකිරීමටත්, ස්වස්ථ දත්ත පද්ධතිය තවත් ශක්තිමත් කිරීමටත් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම අතිශයින් වැදගත්ය. මෙහිදී මුදල් සහ ඖෂධ නාස්තිය අවම කිරීම සඳහා තිරසාර ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම ද කාලෝචිතය.

මීට අමතරව බෝ නොවන රෝග පාලනය ඉලක්ක කර ගනිමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පුළුල් කිරීම, පෝෂණ ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම, ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ගේ ප්‍රතිකාර සේවා පුළුල් කිරීම, පාසල් සිසුන්ගේ සහ නව යොවුන් වියේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය මෙන්ම මෙරට ආබාධිත ප්‍රජාවගේ සුබසාධනය ඉලක්ක කර ගනිමින්ද සාධනීය යෝජනා ගණනාවක් මෙම අයවැයේ අන්තර්ගත වී ඇත. සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීමේදී බුද්ධිගලනය හමුවේ දැනට උද්ගතවී ඇති වෛද්‍ය හිඟය ද අවධානයට ලක්විය යුතු කරුණකි.

වෛද්‍යවරුන් ලෙස මෙවර අයවැය ලේඛනයේ වැඩිම අවධානයක් යොමු වී ඇත්තේ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන ක්‍රියාවලිය කෙරෙහිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දීර්ඝකාලීන ස්ථාවරය වූයේ විද්‍යාත්මක නොවන අයුරින් විටින් විට වැටුපට දීමනා එකතු කිරීම වෙනුවට, ජාතික වැටුප් ප්‍රතිපත්තිය තුළ අදාල වැටුප් අනුපාත ආරක්ෂා වන පරිදි රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප සංශෝධනය විය යුතු බවයි. ඒ අනුව, පවතින මූල්‍ය සීමාවන් තුල වුවද ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය විසින් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප, ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුකූලව ඉහළ නැංවීම අතිශයින් ධනාත්මක තීරණයකි. එහිදී සියලුම ශ්‍රේණි වල වෛද්‍යවරුන්ගේ මූලික වැටුප සැලකිය යුතු අගයකින් ඉහළ නැංවීම පිළිබඳ ගරු ජනාධිපතිතුමන්ට අපගේ ස්තූතිය පළකර සිටිමු.

අයවැය 2025 හරහා වැටුප් වැඩිවීමක් සිදුවුව ද, වෛද්‍ය සේවාවටම ආවේණික සහ සුවිශේෂි වූ අමතර රාජකාරි දීමනාව ගෙවීමේ අගය අත්තනෝමතික ලෙස අඩු කිරීමේ තීරණය වෛද්‍යවරුන් තුළ බරපතල නොසන්සුන්තාවයක් ඇතිකර ඇත.

සමස්ත වැටුප් සංශෝධන යෝජනාවලිය පිළිබඳව අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදි දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර එහිදි පහත කරුණු නිරීක්ෂණය කරන ලදී.

  1. රාජ්‍ය සේවයේ අනිකුත් කණ්ඩායම් වලට හිමි අතිකාල දීමනා සහ වෛද්‍යවරුන්ට පමණක් හිමි අමතර රාජකාරි දීමනා අතර සංකල්පීය සහ තාක්ෂණික වශයෙන් පැහැදිලි වෙනසක් පවති.
  2. අමතර රාජකාරි ක්‍රමය සහ අමතර රාජකාරි දීමනාව වෛද්‍යවරුන්ට පමණක් සුවිශේෂී සහ ආවේණික වේ. මේ වන විට වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාවේ පැයකට ගෙවනු ලබන අගය අදාල ශ්‍රේණියේ මූලික වැටුපේ මධ්‍ය අගයෙන් 1/80 ක් වන අතර, එම අගය වෛද්‍යවරුන්ටම පමණක් ආවේණිකය. එය මෙවර අයවැය හරහා එක්වරම මූලික වැටුපෙන් 1/120 දක්වා 50% කින් අඩු කර ඇත.
  3. වෛද්‍යවරුන් තම සායනික රාජකාරීන්ට අමතරව රාජකාරි ගණනාවක් ඉටුකරන අතර, සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසුවද අඛණ්ඩව දින 07ම පැය 24 පුරා රෝගී සත්කාර සේවාවන් රට පුරා සපයනු ලබයි. ඒ වෙනුවෙන් ලැබෙන අමතර රාජකාරී දීමනාව දැනටත් ගෙවනුයේ මාසික සහ දෛනික සීමාවක් සහිතව වන බැවින්, ඉටුකරන සේවාවට සාපේක්ෂව සියලුම කාණ්ඩවල වෛද්‍යවරුන්ට ලැබෙන අමතර රාජකාරි දීමනාවේ ප්‍රමාණාත්මක අඩුවක් දැනටත් පවතී.
  4. තත්ත්වය එසේ තිබියදි, අයවැය යෝජනාවක් ලෙස වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනාවේ පැයකට ගෙවන අගය අසාධාරණ සහ අත්තනෝමතික ලෙස 50% කින් පහත හෙලීම තුළ මෙරට වෛද්‍යවරුන් අවම පහසුකම් මධ්‍යයේ රට පුරා අඛණ්ඩව සපයන රෝගී සත්කාර සේවාවන්, තවත් අවතක්සේරු වීමක් සිදුවී ඇත.
  5. අමතර රාජකාරී දීමනාව ලබා ගැනීමේදී වෛද්‍යවරුන්ට සීමාවන් පනවා තිබුණ ද, අතිකාල දීමනා ලබා ගන්නා අනෙකුත් සේවක කාණ්ඩ ගණනාවකට, එය අසීමිත පැය ගණනක් ලබා ගැනීමේ වරප්‍රසාදය හිමිවී ඇත. එබැවින් ඔවුන්ගේ අතිකාල දීමනා ගෙවීමේ අනුපාතය අඩු වූ තත්ත්වයකදී වුවද, අවසන් ප්‍රතිඵලයේදී වෛද්‍යවරුන්ට සාපේක්ෂව ඔවුන්ට සිදුවන හානිය අවමය.
  6. මේ හරහා අවසානයේදී සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතර නව වැටුප් විෂමතාවයක් නිර්මාණය වීමේ තත්ත්වයක්ද උද්ගත වී ඇත.
  7. සේවාවේ සුවිශේෂී බව නොසලකා හරිමින්, කිසිඳු පාර්ශවයක් සමඟ එකඟතාවයකින් තොරව මෙම දීමනාව අසාධාරණ සහ අත්තනෝමතික ලෙස සංශෝධනය කිරීම කිසිසේත් පිළිගත නොහැකි තත්ත්වයකි.
  8. මූලික වැටුපෙන් 1/20 අනුපාතයකට ගෙවනු ලබන නිවාඩු දින දීමනාව ද, 1/30 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. මාසයක් පුරා වෛද්‍යවරුන් ඉරිදා සහ නිවාඩු දින කොතරම් ප්‍රමාණයක් තම සේවාවන් ඉටු කල ද, ගෙවීම් සිදු කරනුයේ මසකට දින තුනක් සඳහා පමණි.
  9. මෙතෙක් ලැබුනු සහ ලැබිය යුතු දීමනාවන් මෙලෙස අඩු කිරීම තුල, අයවැය ඔස්සේ යෝජිත වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව වුව ද වෛද්‍යවරුන්ගේ වැටුපට අවසානයේදී සැලකිය යුතු මුල්‍යමය අහිමිවීමක් සිදුවේ.
  10. සේවයට සරිලන වැටුපක් රහිතව විවිධ දුෂ්කරතා මධ්‍යයේ සුවිශේෂී සේවාවක් සපයන වෛද්‍යවරුන්ගේ භූමිකාව අවතක්සේරුවට ලක් කර ඇති බවක් නිරීක්ෂණය වන අතර, අනෙකුත් සියලු වෘත්තිය කාණ්ඩ වලට සාපේක්ෂව මෙවර අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීමේ සැබෑ ප්‍රතිලාභය ද වෛද්‍යවරුන්ට අහිමි වී ඇත. මෙය මීට පෙර කිසිදු අයවැය ලේඛනයකදී නිර්මාණය නොවුණු තත්ත්වයකි.

රජය වැටුප් වැඩිවීමක් ලබාදීමේ සාධනීය අරමුණින් මෙම වැටුප් සංශෝධනය ක්‍රියාත්මක කලද, කිසියම් පාර්ශවයක මැදිහත් වීමෙන් අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීමට ගත් තීරණය හේතුවෙන් අවසානයේදී සිදු වී ඇත්තේ වෛද්‍යවරුන් තවත් ඉච්ඡාභංගත්වයට පත්වී සෞඛ්‍ය ක්ෂේත්‍රය අනවශ්‍ය අර්බුදයක් කරා ගමන් කිරීමයි.

අයවැයට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානතම ඉල්ලීම බවට පත්වූයේ වෛද්‍යවරුන්ට රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා කාල රාමුවක් සහිත වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්ති මාලාවක් අයවැය ලේඛනය හරහා ප්‍රකාශයට පත්විය යුතු බවයි. එවන් කිසිදු නිශ්චිත යෝජනාවක් මෙවර අයවැය ලේඛනය තුල අන්තර්ගතව නොතිබීම කනස්සල්ලට කරුණකි.

මෙරට සෞඛ්‍ය සේවා වෙනුවෙන් කෙතරම් මුදල් ප්‍රතිපාදන වෙන් කල ද, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු මානව සම්පත පද්ධතිය තුළ නොරැඳේ නම් රෝහල් පද්ධතිය බිඳ වැටීම වළක්වා ගත නොහැකි බව පාලකයින් සහ සියලු වගකිව යුත්තන් අවබෝධ කරගත යුතුය.

වෛද්‍යවරුන්ගේ බාධා කිරීමේ, රැදී සිටීමේ සහ ප්‍රවාහන (DAT) දීමනාව යාවත්කාලීන කිරීම, 22/99 චක්‍රලේඛනයට අන්තර්ග්‍රහණය කිරීම ඇතුළු ප්‍රවාහන ගැටළු විසඳීම, සීමාවාසික වෛද්‍යවරුන්ගේ සහ විදෙස් පුහුණුව ලබන පශ්චාත් උපාධි අධ්‍යයන වෛද්‍යවරුන්ගේ මාසික දීමනා ඉහල නැංවීම, නිල නිවාස පහසුකම් වැඩිදියුණු කිරීම ආදී යෝජනා ගණනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති අතර, ඒ මත පදනම් වූ නිශ්චිත වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කිරීම යුගයේ ප්‍රධාන අවශ්‍යතාවයකි. එහිදී ආර්ථික අර්බුදය හමුවේ වැඩියෙන්ම බලපෑමට ලක්වී ඇති නවක සහ කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ ගැටලු කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු විය යුතු බව අපගේ විශ්වාසයයි.

අයවැයෙන් යෝජිත අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින දීමනා කප්පාදුව රට පුරා ගුණාත්මක රෝගී සත්කාරක සේවාවන් සමානාත්මතාවයෙන් යුතුව ලබා දීමටත් වෛද්‍ය සේවාවේ සුවිශේෂීතාවයටත් දැඩි අහිතකර බලපෑමක් ඇති කරන ලද ප්‍රතිපත්තිමය තීරණයක් බවත්, වෘත්තීය ගරුත්වය සහ වටිනාකම අවතක්සේරුවට ලක් වී ඇති බවත්, එම තීරණය වෙනස් කර නැවතත් අමතර රාජකාරි දීමනාවේ අගය මූලික වැටුපෙන් 1/80 ලෙසත්, නිවාඩු දින දීමනාවේ අගය මූලික වැටුපෙන් 1/20 ක් ලෙසත් කඩිනමින් සංශෝධනය විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද දිනයේදි ඒකමතිකව තීරණය කරන ලදී.

එමෙන්ම වෛද්‍යවරුන් රට තුළ සහ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්ති මාලාවක් කාලරාමුවක් සහිතව ප්‍රකාශයට පත්විය යුතු බව ද මධ්‍යම කාරක සභාව තීරණය කරන ලදී.

උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගරු ජනාධිපතිතුමන්ගෙන් කඩිනම් සාකච්ඡාවක් ඉල්ලා සිටීමට තීරණය වූ අතර සහ ඒ සඳහා ඍජුව මැදිහත් වන ලෙස ගරු සෞඛ්‍ය ඇමතිතුමන්ගෙන් ඉල්ලා සිටීමටද තීරණය විය. ඒ අනුව මෙම ගැටලුව සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමන් සහ සෞඛ්‍ය ඇමතිතුමන් ලිඛිතව දැනුවත් කරනු ඇත. මෙම ගැටලුව අර්බුදයක් කරා ගමන් කිරීමට ඉඩ නොදි විසඳා ගැනීම සඳහා ගරු ජනාධිපතිතුමන් කඩිනම් සාකච්ඡාවක් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

වෛද්‍ය සේවාවට මෙතෙක් ලැබුණු ප්‍රතිලාභ සහ වරප්‍රසාද අත්තනෝමතික ලෙස කප්පාදු කිරීම හමුවේ ඇතිවූ මෙම ගැටලුව විසඳීමට කඩිනමින් අවශ්‍ය සාධනීය පියවර ගැනීමට පාලකයින් අපොහොසත් වන්නේ නම්, අවසානයේදී  වෘත්තීය ක්‍රියාමාර්ග වලට වුවද යොමු වීමට සිදුවන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කරන ලදී.

සම්බන්ධිත පුවත් | Related News

වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය අද (13) දින සභාවට ඉදිරිපත් කෙරිණි.
බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.
'සිරිලිය සවිය' ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතා චෝදනාවට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.
ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් ගීත ගැයීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබේ.
වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් රටේ ස්වෛරීභාවයට, බුද්ධ ශාසනයට සහ ඓතිහාසික උරුමයන්ට බරපතළ තර්ජන එල්ල වී ඇති බවත්, එය සැබැවින්ම ජාතියේ මුදුන් මුලට එල්ල කරන ලද ප්‍රහාරයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.