News Category
From Date
To Date
Maximum Number of Result

වැටුප් සංශෝධනයට GMOA එකඟ නොවෙයි... වර්ජනයක් කැඳවන බව දන්වයි..

Feb 21, 2025 at 08:30 PM
|

අය වැය මගින් යෝජිත වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

2025 අයවැය ලේඛනයේ සෞඛ්‍ය පද්ධතිය ඉලක්ක කරගත් යෝජනා සහ අයවැයෙන් යෝජිත වැටුප් සංශෝධන හමුවේ වෛද්‍යවරුන්ට සිදු වී ඇති බලපෑම.

වත්මන් රජයේ මංගල අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම ඉලක්ක කර ගනිමින් සාධනීය යෝජනා ගණනාවක් අයවැය ලේඛනය තුළ අන්තර්ගත කර තිබීම ප්‍රශස්ත කරුණකි.

රුපියල් බිලියන 604 ක් වන, ඉතිහාසයේ වැඩිම මුදල සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් වෙන් කර ඇති අතර, රෝහල් පද්ධතියට ඖෂධ සහ උපකරණ ලබාදීම වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 185 කි. මෙලෙස මුදල් ප්‍රතිපාදන ලබාදීම මෙන්ම, එම මුදල් ප්‍රතිපාදන වඩා ඵලදායිව වැය කිරීම සඳහා ශක්තිමත් ක්‍රමවේදයන් සකස් කිරීමෙන් නිදහස් සෞඛ්‍ය සේවාව තවත් ශක්තිමත් වනු ඇත.

ඖෂධ හිඟය විසඳීමට ඇති හොඳම විසඳුම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක් කිරීම බව රජයේ වෛද්‍ය නිලධාරිගේ සංගමය දිගින් දිගටම දැරු ස්ථාවරයයි. මෙවර අයවැය ලේඛනය තුල සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරිමේ  ආරම්භක පියවර ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඩිජිටල්කරණය සිදුකිරීමටත්, ස්වස්ථ දත්ත පද්ධතිය තවත් ශක්තිමත් කිරීමටත් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම අතිශයින් වැදගත්ය. මෙහිදී මුදල් සහ ඖෂධ නාස්තිය අවම කිරීම සඳහා තිරසාර ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම ද කාලෝචිතය.

මීට අමතරව බෝ නොවන රෝග පාලනය ඉලක්ක කර ගනිමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පුළුල් කිරීම, පෝෂණ ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම, ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ගේ ප්‍රතිකාර සේවා පුළුල් කිරීම, පාසල් සිසුන්ගේ සහ නව යොවුන් වියේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය මෙන්ම මෙරට ආබාධිත ප්‍රජාවගේ සුබසාධනය ඉලක්ක කර ගනිමින්ද සාධනීය යෝජනා ගණනාවක් මෙම අයවැයේ අන්තර්ගත වී ඇත. සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීමේදී බුද්ධිගලනය හමුවේ දැනට උද්ගතවී ඇති වෛද්‍ය හිඟය ද අවධානයට ලක්විය යුතු කරුණකි.

වෛද්‍යවරුන් ලෙස මෙවර අයවැය ලේඛනයේ වැඩිම අවධානයක් යොමු වී ඇත්තේ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන ක්‍රියාවලිය කෙරෙහිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දීර්ඝකාලීන ස්ථාවරය වූයේ විද්‍යාත්මක නොවන අයුරින් විටින් විට වැටුපට දීමනා එකතු කිරීම වෙනුවට, ජාතික වැටුප් ප්‍රතිපත්තිය තුළ අදාල වැටුප් අනුපාත ආරක්ෂා වන පරිදි රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප සංශෝධනය විය යුතු බවයි. ඒ අනුව, පවතින මූල්‍ය සීමාවන් තුල වුවද ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය විසින් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප, ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුකූලව ඉහළ නැංවීම අතිශයින් ධනාත්මක තීරණයකි. එහිදී සියලුම ශ්‍රේණි වල වෛද්‍යවරුන්ගේ මූලික වැටුප සැලකිය යුතු අගයකින් ඉහළ නැංවීම පිළිබඳ ගරු ජනාධිපතිතුමන්ට අපගේ ස්තූතිය පළකර සිටිමු.

අයවැය 2025 හරහා වැටුප් වැඩිවීමක් සිදුවුව ද, වෛද්‍ය සේවාවටම ආවේණික සහ සුවිශේෂි වූ අමතර රාජකාරි දීමනාව ගෙවීමේ අගය අත්තනෝමතික ලෙස අඩු කිරීමේ තීරණය වෛද්‍යවරුන් තුළ බරපතල නොසන්සුන්තාවයක් ඇතිකර ඇත.

සමස්ත වැටුප් සංශෝධන යෝජනාවලිය පිළිබඳව අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදි දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර එහිදි පහත කරුණු නිරීක්ෂණය කරන ලදී.

  1. රාජ්‍ය සේවයේ අනිකුත් කණ්ඩායම් වලට හිමි අතිකාල දීමනා සහ වෛද්‍යවරුන්ට පමණක් හිමි අමතර රාජකාරි දීමනා අතර සංකල්පීය සහ තාක්ෂණික වශයෙන් පැහැදිලි වෙනසක් පවති.
  2. අමතර රාජකාරි ක්‍රමය සහ අමතර රාජකාරි දීමනාව වෛද්‍යවරුන්ට පමණක් සුවිශේෂී සහ ආවේණික වේ. මේ වන විට වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාවේ පැයකට ගෙවනු ලබන අගය අදාල ශ්‍රේණියේ මූලික වැටුපේ මධ්‍ය අගයෙන් 1/80 ක් වන අතර, එම අගය වෛද්‍යවරුන්ටම පමණක් ආවේණිකය. එය මෙවර අයවැය හරහා එක්වරම මූලික වැටුපෙන් 1/120 දක්වා 50% කින් අඩු කර ඇත.
  3. වෛද්‍යවරුන් තම සායනික රාජකාරීන්ට අමතරව රාජකාරි ගණනාවක් ඉටුකරන අතර, සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසුවද අඛණ්ඩව දින 07ම පැය 24 පුරා රෝගී සත්කාර සේවාවන් රට පුරා සපයනු ලබයි. ඒ වෙනුවෙන් ලැබෙන අමතර රාජකාරී දීමනාව දැනටත් ගෙවනුයේ මාසික සහ දෛනික සීමාවක් සහිතව වන බැවින්, ඉටුකරන සේවාවට සාපේක්ෂව සියලුම කාණ්ඩවල වෛද්‍යවරුන්ට ලැබෙන අමතර රාජකාරි දීමනාවේ ප්‍රමාණාත්මක අඩුවක් දැනටත් පවතී.
  4. තත්ත්වය එසේ තිබියදි, අයවැය යෝජනාවක් ලෙස වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනාවේ පැයකට ගෙවන අගය අසාධාරණ සහ අත්තනෝමතික ලෙස 50% කින් පහත හෙලීම තුළ මෙරට වෛද්‍යවරුන් අවම පහසුකම් මධ්‍යයේ රට පුරා අඛණ්ඩව සපයන රෝගී සත්කාර සේවාවන්, තවත් අවතක්සේරු වීමක් සිදුවී ඇත.
  5. අමතර රාජකාරී දීමනාව ලබා ගැනීමේදී වෛද්‍යවරුන්ට සීමාවන් පනවා තිබුණ ද, අතිකාල දීමනා ලබා ගන්නා අනෙකුත් සේවක කාණ්ඩ ගණනාවකට, එය අසීමිත පැය ගණනක් ලබා ගැනීමේ වරප්‍රසාදය හිමිවී ඇත. එබැවින් ඔවුන්ගේ අතිකාල දීමනා ගෙවීමේ අනුපාතය අඩු වූ තත්ත්වයකදී වුවද, අවසන් ප්‍රතිඵලයේදී වෛද්‍යවරුන්ට සාපේක්ෂව ඔවුන්ට සිදුවන හානිය අවමය.
  6. මේ හරහා අවසානයේදී සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතර නව වැටුප් විෂමතාවයක් නිර්මාණය වීමේ තත්ත්වයක්ද උද්ගත වී ඇත.
  7. සේවාවේ සුවිශේෂී බව නොසලකා හරිමින්, කිසිඳු පාර්ශවයක් සමඟ එකඟතාවයකින් තොරව මෙම දීමනාව අසාධාරණ සහ අත්තනෝමතික ලෙස සංශෝධනය කිරීම කිසිසේත් පිළිගත නොහැකි තත්ත්වයකි.
  8. මූලික වැටුපෙන් 1/20 අනුපාතයකට ගෙවනු ලබන නිවාඩු දින දීමනාව ද, 1/30 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. මාසයක් පුරා වෛද්‍යවරුන් ඉරිදා සහ නිවාඩු දින කොතරම් ප්‍රමාණයක් තම සේවාවන් ඉටු කල ද, ගෙවීම් සිදු කරනුයේ මසකට දින තුනක් සඳහා පමණි.
  9. මෙතෙක් ලැබුනු සහ ලැබිය යුතු දීමනාවන් මෙලෙස අඩු කිරීම තුල, අයවැය ඔස්සේ යෝජිත වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව වුව ද වෛද්‍යවරුන්ගේ වැටුපට අවසානයේදී සැලකිය යුතු මුල්‍යමය අහිමිවීමක් සිදුවේ.
  10. සේවයට සරිලන වැටුපක් රහිතව විවිධ දුෂ්කරතා මධ්‍යයේ සුවිශේෂී සේවාවක් සපයන වෛද්‍යවරුන්ගේ භූමිකාව අවතක්සේරුවට ලක් කර ඇති බවක් නිරීක්ෂණය වන අතර, අනෙකුත් සියලු වෘත්තිය කාණ්ඩ වලට සාපේක්ෂව මෙවර අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීමේ සැබෑ ප්‍රතිලාභය ද වෛද්‍යවරුන්ට අහිමි වී ඇත. මෙය මීට පෙර කිසිදු අයවැය ලේඛනයකදී නිර්මාණය නොවුණු තත්ත්වයකි.

රජය වැටුප් වැඩිවීමක් ලබාදීමේ සාධනීය අරමුණින් මෙම වැටුප් සංශෝධනය ක්‍රියාත්මක කලද, කිසියම් පාර්ශවයක මැදිහත් වීමෙන් අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීමට ගත් තීරණය හේතුවෙන් අවසානයේදී සිදු වී ඇත්තේ වෛද්‍යවරුන් තවත් ඉච්ඡාභංගත්වයට පත්වී සෞඛ්‍ය ක්ෂේත්‍රය අනවශ්‍ය අර්බුදයක් කරා ගමන් කිරීමයි.

අයවැයට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානතම ඉල්ලීම බවට පත්වූයේ වෛද්‍යවරුන්ට රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා කාල රාමුවක් සහිත වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්ති මාලාවක් අයවැය ලේඛනය හරහා ප්‍රකාශයට පත්විය යුතු බවයි. එවන් කිසිදු නිශ්චිත යෝජනාවක් මෙවර අයවැය ලේඛනය තුල අන්තර්ගතව නොතිබීම කනස්සල්ලට කරුණකි.

මෙරට සෞඛ්‍ය සේවා වෙනුවෙන් කෙතරම් මුදල් ප්‍රතිපාදන වෙන් කල ද, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු මානව සම්පත පද්ධතිය තුළ නොරැඳේ නම් රෝහල් පද්ධතිය බිඳ වැටීම වළක්වා ගත නොහැකි බව පාලකයින් සහ සියලු වගකිව යුත්තන් අවබෝධ කරගත යුතුය.

වෛද්‍යවරුන්ගේ බාධා කිරීමේ, රැදී සිටීමේ සහ ප්‍රවාහන (DAT) දීමනාව යාවත්කාලීන කිරීම, 22/99 චක්‍රලේඛනයට අන්තර්ග්‍රහණය කිරීම ඇතුළු ප්‍රවාහන ගැටළු විසඳීම, සීමාවාසික වෛද්‍යවරුන්ගේ සහ විදෙස් පුහුණුව ලබන පශ්චාත් උපාධි අධ්‍යයන වෛද්‍යවරුන්ගේ මාසික දීමනා ඉහල නැංවීම, නිල නිවාස පහසුකම් වැඩිදියුණු කිරීම ආදී යෝජනා ගණනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති අතර, ඒ මත පදනම් වූ නිශ්චිත වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කිරීම යුගයේ ප්‍රධාන අවශ්‍යතාවයකි. එහිදී ආර්ථික අර්බුදය හමුවේ වැඩියෙන්ම බලපෑමට ලක්වී ඇති නවක සහ කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ ගැටලු කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු විය යුතු බව අපගේ විශ්වාසයයි.

අයවැයෙන් යෝජිත අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින දීමනා කප්පාදුව රට පුරා ගුණාත්මක රෝගී සත්කාරක සේවාවන් සමානාත්මතාවයෙන් යුතුව ලබා දීමටත් වෛද්‍ය සේවාවේ සුවිශේෂීතාවයටත් දැඩි අහිතකර බලපෑමක් ඇති කරන ලද ප්‍රතිපත්තිමය තීරණයක් බවත්, වෘත්තීය ගරුත්වය සහ වටිනාකම අවතක්සේරුවට ලක් වී ඇති බවත්, එම තීරණය වෙනස් කර නැවතත් අමතර රාජකාරි දීමනාවේ අගය මූලික වැටුපෙන් 1/80 ලෙසත්, නිවාඩු දින දීමනාවේ අගය මූලික වැටුපෙන් 1/20 ක් ලෙසත් කඩිනමින් සංශෝධනය විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද දිනයේදි ඒකමතිකව තීරණය කරන ලදී.

එමෙන්ම වෛද්‍යවරුන් රට තුළ සහ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්ති මාලාවක් කාලරාමුවක් සහිතව ප්‍රකාශයට පත්විය යුතු බව ද මධ්‍යම කාරක සභාව තීරණය කරන ලදී.

උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගරු ජනාධිපතිතුමන්ගෙන් කඩිනම් සාකච්ඡාවක් ඉල්ලා සිටීමට තීරණය වූ අතර සහ ඒ සඳහා ඍජුව මැදිහත් වන ලෙස ගරු සෞඛ්‍ය ඇමතිතුමන්ගෙන් ඉල්ලා සිටීමටද තීරණය විය. ඒ අනුව මෙම ගැටලුව සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමන් සහ සෞඛ්‍ය ඇමතිතුමන් ලිඛිතව දැනුවත් කරනු ඇත. මෙම ගැටලුව අර්බුදයක් කරා ගමන් කිරීමට ඉඩ නොදි විසඳා ගැනීම සඳහා ගරු ජනාධිපතිතුමන් කඩිනම් සාකච්ඡාවක් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

වෛද්‍ය සේවාවට මෙතෙක් ලැබුණු ප්‍රතිලාභ සහ වරප්‍රසාද අත්තනෝමතික ලෙස කප්පාදු කිරීම හමුවේ ඇතිවූ මෙම ගැටලුව විසඳීමට කඩිනමින් අවශ්‍ය සාධනීය පියවර ගැනීමට පාලකයින් අපොහොසත් වන්නේ නම්, අවසානයේදී  වෘත්තීය ක්‍රියාමාර්ග වලට වුවද යොමු වීමට සිදුවන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කරන ලදී.

සම්බන්ධිත පුවත් | Related News

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) පැවැත්වීමට නියමිතව තිබේ.
රට අභ්‍යන්තරයේ ජාතික ආරක්ෂාව පිළිබඳව විශාල තර්ජනයක් පෙනෙන්නට නැතත් විදේශයන්හි එල්.ටී.ටී.ඊ හිතවාදීන් හිස ඔසවමින් සිටින බවක් පෙන්නුම් කරන බව යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) අරුණ වන්නිආරච්චි අවධාරණය කරයි.
ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති පළාත් පාලන ආයතන අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට යොමු කිරීමට කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
සිය පැවැත්ම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පසමිතුරුකම් ඉවත දමා පළාත් පාලන ආයතනවලදී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
රටේ දූෂණය නැවැත්වීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, එහෙත් අදූෂිත සමාජයක් බිහිකිරීමට දූෂිතයන් හොයමින්, අධිකරණ ක්‍රියාවලියටද බලපෑම් කරමින්, අයතනවලට ද බලපෑම් කරමින් රජය විසින් ගෙන යන වැඩපිලිවෙලේ දී රට අකාර්යක්ෂම තැනකට තල්ලුකරමින් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
විදුලිය ගාස්තුව සියයට 15කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් දැඩි ගැටළු පැන නැඟී ඇති අතර, මෙය තේ කර්මාන්තයටද තර්ජනයක් බවට පත්වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ධනේෂ් දේවනායගම් මහතා පවසයි.
මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ප්‍රධාන පුවත්

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..

දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.

ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ළඟ සිටි උපදේශකයෝ කිහිපදෙනෙක් මෙම ආණ්ඩුව තුළ ද සිටින බවත්, 2015 දී යහපාලන ආණ්ඩුව විසින් කැපූ සියදිවි හානිකර ගැනීමේ පාරදිගේ මේ ආණ්ඩුව ද රට ගෙන යමින් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..

දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.