News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජනපදය නිවැරදි දිශාවට පියවර ගන්නා නමුත්, අවහිර කිරීම තවමත් බලාත්මකයි!- කියුබාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය

Jan 15, 2025 at 01:18 PM
|

පසුගියදා වොෂින්ටන් පරිපාලනය ත්‍රස්තවාදයට  අනුග්‍රහය දක්වන ලයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන කියුබානු විදෙස් අමාත්‍යාංශය පවසන්නේ, වොෂින්ටනයේ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයන්ගේ (SSOT) ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීම සීමිත තීරණයක් බවයි. කෙසේ වුවද එම තීරණය ලෝක ජනයාගේ ඉල්ලීමට අනුව  නිවැරදි දිශානතිය ඔස්සේ කටයුතු කිරීම අගය කරන බවද අවධාරණය කර තිබේ.

කියුබානු විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශයට අනුව, වොෂින්ටනය ගත් තීරණය නොතකා, කියුබාවට එරෙහිව අසාධාරණ සහ සාපරාධී ආර්ථික අවහිරය ධවල මන්දිරය තවමත්  පවත්වාගෙන යන අතර එය කියුබානු ජනතාවට දුක් වේදනා ඇති කරනු ලබයි.

කියුබානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ සම්පූරණ මාධ්‍ය නිවේදනය...


2025 ජනවාරි 14 වන දින, එක්සත් ජනපද රජය පහත තීරණ ප්‍රකාශයට පත් කළේය:

1. ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට චෝදනා ලබන රටවල් ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කරනු ලබන්නේය;

2. හෙල්ම්ස්-බර්ටන් පනතේ III වන මාතෘකාව යටතේ ගොනු කළ හැකි නඩු සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහා ජනාධිපතිගේ අධිකාරිත්වය භාවිතා කරනු ලබන්නේය; සහ

3. එක්සත් ජනපද පුරවැසියන්ට සහ ආයතනවලට මූල්‍ය ගනුදෙනු කිරීමට අවසර නොමැති ආයතන සමූහය තුළ නම් කරන ලද සීමිත කියුබානු ආයතන ලැයිස්තුව ඉවත් කරනු ලබන්නේය. මක් නිසාද අයත් එම තීරණය තුන්වන පාර්ශවයේ රටවලට බලපෑමක් ඇති කර ඇති බව හඳුනාගෙන ඇත.

ප්‍රකාශයට පත්කරන ලද තීරණය සීමිත විෂය පථයක්වට ගොනුවී තිබුණද මෙම තීරණය නිවැරදි දිශාවට යොමු කරන තීරණයක් වන අතර එය කියුබාවේ රජය සහ ජනතාව විසින් කරන ලද තිරසාර හා ස්ථිර ඉල්ලීමට මෙන්ම බොහෝ රජයන්, විශේෂයෙන් ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ රාජ්‍යන්; විදේශයන්හි පදිංචි කියුබානුවන්; දේශපාලන, ආගමික සහ සමාජ සංවිධාන සහ එක්සත් ජනපදයේ සහ අනෙකුත් රටවල වෙසෙන බොහෝ දේශපාලන චරිත විසින් කරන ලද පුළුල් අවධාරණය සහ නැවත නැවත නැවත කළ අවධාරණය කරමින් කරන ලද ඉල්ලීමට අනුකූල වේ. ඔවුන්ගේ දායකත්වය සහ සංවේදීතාව සඳහා කියුබානු රජය ඔවුන් සැමට සිය කෘතඥතාව පළ කරනු ලබන්නේය.

මෙම තීරණය මගින් කියුබානු ආර්ථිකයට බරපතල ලෙස හානි කරන සහ කියුබානු ජන ජීවිතයේ පැවැත්මට දැඩි බලපෑමක් ඇති කරන නිශ්චිත බලහත්කාර පියවරයන් අවසන් කරනු ලබයි. මෙය කියුබාව සහ එක්සත් ජනපද රජය අතර සිදුවන සියලුම නිල හුවමාරුවලදී සැමවිටම පවතින ගැටලුවක් වන්නේය. 

2017 සිට කියුබාවට පනවා ඇති සම්බාධක තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බලාත්මක කරන ලද ආර්ථික අවහිර කිරීම සහ දස දහස් ගණනක බලහත්කාර පියවරයන්ගෙන් විශාල කොටසක් තවමත් ක්‍රියාත්මක වන බව අවධාරණය කළ යුතුය.එම බාධක මගින් කියුබානු භූමියෙන් සම්පුර්ණයෙන්ම පිටතදී ඇති කරන බලපෑම සහ ජාත්‍යන්තර නීතිය සහ සියලුම කියුබානුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් පවතින බව පෙන්වා දීම වැදගත් කොට  සලකමු.

පහත දැක්වෙන්නේ ඉන් උදාහරණ කිහිපයක් පමණි: කියුබාවට ආනයනය කිරීමට නීත්‍යානුකූලව හිමිකම් ඇති ඉන්ධන සැපයුම් නීති විරෝධී හා ආක්‍රමණශීලී ලෙස පීඩා කිරීම දිගටම පවතී. කියුබාව අනෙකුත් රටවල් සමඟ අත්සන් කර ඇති නීත්‍යානුකූල ජාත්‍යන්තර වෛද්‍ය සහයෝගීතා ගිවිසුම් කුරිරු හා විකාර සහගත ලෙස පීඩා කිරීම පවත්වාගෙන යනු ලබන අතර, එමඟින් මිලියන සංඛ්‍යාත පුද්ගලයින්ට සෞඛ්‍ය සේවා අහිමි කිරීමට සහ කියුබාවේ මහජන සෞඛ්‍ය පද්ධතියේ හැකියාව සීමා කිරීමට තර්ජනය කරයි. කියුබාවේ හෝ කියුබාවට සම්බන්ධ විය හැකි ඕනෑම රටකට අයත් ජාතිකයෙකුගේ ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු තහනම් කිරීම් වලට මෙන්ම පළිගැනීම් වලට යටත් වේ. කියුබානු වරායන් ස්පර්ශ කරන වෙළඳ නාවුක යාත්‍රා තවදුරටත් තර්ජනවලට ලක්වේ.

ඊට අමතරව, එක්සත් ජනපද පුරවැසියන්ට, සමාගම්වලට හෝ එක්සත් ජනපද සංස්ථා වල අනුබද්ධිත සමාගම්වලට කියුබාව හෝ කියුබානු ආයතන සමඟ වෙළඳාම් කිරීමට අවසර ඇත්තේ ඉතා සීමිත සහ නියාමනය කරන ලද ව්‍යතිරේක සහිතවය. කියුබාව සමඟ වෙළඳාම් කිරීමට හෝ කියුබාවේ ආයෝජනය කිරීමට අදහස් කරන ඕනෑම රටක ජාතිකයෙකුට එරෙහිව හිරිහැර කිරීම, බිය ගැන්වීම සහ තර්ජනය කිරීම එක්සත් ජනපදයේ නිල ප්‍රතිපත්තියේ කොටසක් ලෙස දිගටම පවතී. කියුබාව එක්සත් ජනපද රජය විසින් ඔවුන්ගේ පුරවැසියන් සඳහා තහනම් කරන ලද ගමනාන්තයක් ලෙස දිගටම පවතී.

කියුබාවට එරෙහි ආර්ථික යුද්ධය තවමත් ක්‍රියාත්මක වන අතර එය කියුබානු ආර්ථිකයේ සංවර්ධනයට සහ ප්‍රකෘතිමත් වීමට ප්‍රධාන බාධාවක් වන අතර සංවර්ධනය වෙනුවෙන් කියුබානු ජනගහනය ඉහළ මිනිස් පිරිවැයක් දරනු ලබයි. එලෙසම කියුබානුවන්ට සංක්‍රමණය සඳහා වන දිරිගැන්වීම දිගටම පවතී.

එක්සත් ජනපදය විසින් අද ප්‍රකාශයට පත් කරන ලද තීරණය, කුරිරු සහ අසාධාරණ ප්‍රතිපත්තියක සමහර අංග ඉතා සීමිත ආකාරයකින් නිවැරදි කරනු ලබයි. මෙය වත්මනෙහි හඳුන්වා දෙන නිවැරදි කිරීමකි. නමුත් නිසි ලෙස ක්‍රියා කිරීමට සැබෑ අභිප්‍රායක් තිබුනේ නම් මෙම නිවැරදි කිරීම කියුබානු ජනසමාජය අක්‍රිය වීම සාධාරණීකරණය කිරීමට  ගොතන ලද කඩතුරාවකට මුවා වී ඉදිරිපත් කරන හේතු වලින් තොරව වසර ගණනාවකට පෙර ක්‍රියාත්මක විය යුතුව තිබිණි. සත්‍යය හඳුනා ගැනීම, ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට නම් කිරීම සඳහා හේතු නොමැති වීම සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී අපේ රටේ ආදර්ශමත් ක්‍රියාකාරිත්වය එක්සත් ජනපද රජයේ ආයතන කිහිපයක් පවා පිළිගෙන ඇති නිසාම අත්තනෝමතික ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයන්ගේ  ලැයිස්තුවට කියුබාව ඇතුලත් කිරීම ඉවත් කිරීමට තරම් ප්‍රමාණවත් විය යුතුව තිබුණි.

අතීතයේ දී සිදු වූවාක් මෙන්, අද දින අනුගමනය කර ඇති පියවර අනාගතයේදී එම රටේ රජයට ආපසු හැරවිය හැකි බවත්, එය කියුබාව කෙරෙහි එක්සත් ජනපදයේ හැසිරීමේ නීත්‍යානුකූලභාවය, ආචාර ධර්ම, අනුකූලතාව සහ තර්කානුකූලභාවය නොමැතිකමේ ප්‍රකාශනයක් බව ප්‍රසිද්ධ කරුණකි.

අද දින අනුගමනය කර ඇති පියවර අනාගතයේදී ආපසු හැරවීම සඳහා, එක්සත් ජනපද දේශපාලනඥයන් සාමාන්‍යයෙන් අවංක සාධාරණ කාරණයක් සොයා ගැනීමට කාලය ගන්නේ නැත. මක් නිසාද යත් එක්සත් ජනපදයේ එවකට නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස්ටර් මැලොරි විසින් 1960 දී කියුබාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන  ලද  ආර්ථික වටලෑම, දුක්ඛිතභාවය, කුසගින්න සහ මංමුලා සහගත බව මගින් කියුබානුවන් දණගැස්වීමේ ඔහුගේ ප්‍රකාශිත සිද්ධාන්තය ක්‍රියාත්මක වන තාක් කල් අමෙරිකාවට කියුබාව වටලෑමට සාධාරණ කාලයක් සොයා ගැනීමට කාලය අවශ්‍ය නැත. කියුබාවේ ස්වයං නිර්ණ අයිතිය හඳුනා ගැනීමට හෝ පිළිගැනීමට එම රජයට නොහැකි වන තාක් කල් මෙන්ම කියුබාවට එරෙහි එහි ජන සංහාරක සහ නීති විරෝධී ආර්ථික හුස්ම හිරකිරීමේ ප්‍රතිපත්තිය නිසා ඇති වූ ජාත්‍යන්තර හුදකලාව නිසා ඇති වූ දේශපාලන පිරිවැය ගෙවීමට සූදානම්ව සිටින තාක් කල්, ඔවුන් සාධාරණ කාරණා සොයා ගැනීමට කාලය ගන්නේ නැත.

කියුබාව අමෙරිකානු ආර්ථික යුධ ප්‍රතිපත්තියට, විදේශ මැදිහත්වීම් වැඩසටහන්වලට සහ සෑම වසරකම එක්සත් ජනපද ෆෙඩරල් අයවැයෙන් ඩොලර් මිලියන ගණනක මුදල් යෙදවීමෙන් අරමුදල් සපයා ජනගත කරන වැරදි තොරතුරු සහ අපකීර්තිමත් මෙහෙයුම්වලට මුහුණ දී ඒවා ආපසු හැරවීමට කටයුතු කරනු ඇත.

කෙතරම් වෙනස්කම් තිබියදීත්, දෙරටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සහ සංවාදය  මත පදනම්ව, එම රට සමඟ ගෞරවනීය සම්බන්ධතාවයන් වර්ධනය කර ගැනීමට ද කියුබාව දිගටම කටයුතු කරනු ඇත.



සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.