News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජනපදය නිවැරදි දිශාවට පියවර ගන්නා නමුත්, අවහිර කිරීම තවමත් බලාත්මකයි!- කියුබාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය

Jan 15, 2025 at 01:18 PM
|

පසුගියදා වොෂින්ටන් පරිපාලනය ත්‍රස්තවාදයට  අනුග්‍රහය දක්වන ලයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන කියුබානු විදෙස් අමාත්‍යාංශය පවසන්නේ, වොෂින්ටනයේ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයන්ගේ (SSOT) ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීම සීමිත තීරණයක් බවයි. කෙසේ වුවද එම තීරණය ලෝක ජනයාගේ ඉල්ලීමට අනුව  නිවැරදි දිශානතිය ඔස්සේ කටයුතු කිරීම අගය කරන බවද අවධාරණය කර තිබේ.

කියුබානු විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශයට අනුව, වොෂින්ටනය ගත් තීරණය නොතකා, කියුබාවට එරෙහිව අසාධාරණ සහ සාපරාධී ආර්ථික අවහිරය ධවල මන්දිරය තවමත්  පවත්වාගෙන යන අතර එය කියුබානු ජනතාවට දුක් වේදනා ඇති කරනු ලබයි.

කියුබානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ සම්පූරණ මාධ්‍ය නිවේදනය...


2025 ජනවාරි 14 වන දින, එක්සත් ජනපද රජය පහත තීරණ ප්‍රකාශයට පත් කළේය:

1. ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට චෝදනා ලබන රටවල් ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කරනු ලබන්නේය;

2. හෙල්ම්ස්-බර්ටන් පනතේ III වන මාතෘකාව යටතේ ගොනු කළ හැකි නඩු සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහා ජනාධිපතිගේ අධිකාරිත්වය භාවිතා කරනු ලබන්නේය; සහ

3. එක්සත් ජනපද පුරවැසියන්ට සහ ආයතනවලට මූල්‍ය ගනුදෙනු කිරීමට අවසර නොමැති ආයතන සමූහය තුළ නම් කරන ලද සීමිත කියුබානු ආයතන ලැයිස්තුව ඉවත් කරනු ලබන්නේය. මක් නිසාද අයත් එම තීරණය තුන්වන පාර්ශවයේ රටවලට බලපෑමක් ඇති කර ඇති බව හඳුනාගෙන ඇත.

ප්‍රකාශයට පත්කරන ලද තීරණය සීමිත විෂය පථයක්වට ගොනුවී තිබුණද මෙම තීරණය නිවැරදි දිශාවට යොමු කරන තීරණයක් වන අතර එය කියුබාවේ රජය සහ ජනතාව විසින් කරන ලද තිරසාර හා ස්ථිර ඉල්ලීමට මෙන්ම බොහෝ රජයන්, විශේෂයෙන් ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ රාජ්‍යන්; විදේශයන්හි පදිංචි කියුබානුවන්; දේශපාලන, ආගමික සහ සමාජ සංවිධාන සහ එක්සත් ජනපදයේ සහ අනෙකුත් රටවල වෙසෙන බොහෝ දේශපාලන චරිත විසින් කරන ලද පුළුල් අවධාරණය සහ නැවත නැවත නැවත කළ අවධාරණය කරමින් කරන ලද ඉල්ලීමට අනුකූල වේ. ඔවුන්ගේ දායකත්වය සහ සංවේදීතාව සඳහා කියුබානු රජය ඔවුන් සැමට සිය කෘතඥතාව පළ කරනු ලබන්නේය.

මෙම තීරණය මගින් කියුබානු ආර්ථිකයට බරපතල ලෙස හානි කරන සහ කියුබානු ජන ජීවිතයේ පැවැත්මට දැඩි බලපෑමක් ඇති කරන නිශ්චිත බලහත්කාර පියවරයන් අවසන් කරනු ලබයි. මෙය කියුබාව සහ එක්සත් ජනපද රජය අතර සිදුවන සියලුම නිල හුවමාරුවලදී සැමවිටම පවතින ගැටලුවක් වන්නේය. 

2017 සිට කියුබාවට පනවා ඇති සම්බාධක තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බලාත්මක කරන ලද ආර්ථික අවහිර කිරීම සහ දස දහස් ගණනක බලහත්කාර පියවරයන්ගෙන් විශාල කොටසක් තවමත් ක්‍රියාත්මක වන බව අවධාරණය කළ යුතුය.එම බාධක මගින් කියුබානු භූමියෙන් සම්පුර්ණයෙන්ම පිටතදී ඇති කරන බලපෑම සහ ජාත්‍යන්තර නීතිය සහ සියලුම කියුබානුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් පවතින බව පෙන්වා දීම වැදගත් කොට  සලකමු.

පහත දැක්වෙන්නේ ඉන් උදාහරණ කිහිපයක් පමණි: කියුබාවට ආනයනය කිරීමට නීත්‍යානුකූලව හිමිකම් ඇති ඉන්ධන සැපයුම් නීති විරෝධී හා ආක්‍රමණශීලී ලෙස පීඩා කිරීම දිගටම පවතී. කියුබාව අනෙකුත් රටවල් සමඟ අත්සන් කර ඇති නීත්‍යානුකූල ජාත්‍යන්තර වෛද්‍ය සහයෝගීතා ගිවිසුම් කුරිරු හා විකාර සහගත ලෙස පීඩා කිරීම පවත්වාගෙන යනු ලබන අතර, එමඟින් මිලියන සංඛ්‍යාත පුද්ගලයින්ට සෞඛ්‍ය සේවා අහිමි කිරීමට සහ කියුබාවේ මහජන සෞඛ්‍ය පද්ධතියේ හැකියාව සීමා කිරීමට තර්ජනය කරයි. කියුබාවේ හෝ කියුබාවට සම්බන්ධ විය හැකි ඕනෑම රටකට අයත් ජාතිකයෙකුගේ ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු තහනම් කිරීම් වලට මෙන්ම පළිගැනීම් වලට යටත් වේ. කියුබානු වරායන් ස්පර්ශ කරන වෙළඳ නාවුක යාත්‍රා තවදුරටත් තර්ජනවලට ලක්වේ.

ඊට අමතරව, එක්සත් ජනපද පුරවැසියන්ට, සමාගම්වලට හෝ එක්සත් ජනපද සංස්ථා වල අනුබද්ධිත සමාගම්වලට කියුබාව හෝ කියුබානු ආයතන සමඟ වෙළඳාම් කිරීමට අවසර ඇත්තේ ඉතා සීමිත සහ නියාමනය කරන ලද ව්‍යතිරේක සහිතවය. කියුබාව සමඟ වෙළඳාම් කිරීමට හෝ කියුබාවේ ආයෝජනය කිරීමට අදහස් කරන ඕනෑම රටක ජාතිකයෙකුට එරෙහිව හිරිහැර කිරීම, බිය ගැන්වීම සහ තර්ජනය කිරීම එක්සත් ජනපදයේ නිල ප්‍රතිපත්තියේ කොටසක් ලෙස දිගටම පවතී. කියුබාව එක්සත් ජනපද රජය විසින් ඔවුන්ගේ පුරවැසියන් සඳහා තහනම් කරන ලද ගමනාන්තයක් ලෙස දිගටම පවතී.

කියුබාවට එරෙහි ආර්ථික යුද්ධය තවමත් ක්‍රියාත්මක වන අතර එය කියුබානු ආර්ථිකයේ සංවර්ධනයට සහ ප්‍රකෘතිමත් වීමට ප්‍රධාන බාධාවක් වන අතර සංවර්ධනය වෙනුවෙන් කියුබානු ජනගහනය ඉහළ මිනිස් පිරිවැයක් දරනු ලබයි. එලෙසම කියුබානුවන්ට සංක්‍රමණය සඳහා වන දිරිගැන්වීම දිගටම පවතී.

එක්සත් ජනපදය විසින් අද ප්‍රකාශයට පත් කරන ලද තීරණය, කුරිරු සහ අසාධාරණ ප්‍රතිපත්තියක සමහර අංග ඉතා සීමිත ආකාරයකින් නිවැරදි කරනු ලබයි. මෙය වත්මනෙහි හඳුන්වා දෙන නිවැරදි කිරීමකි. නමුත් නිසි ලෙස ක්‍රියා කිරීමට සැබෑ අභිප්‍රායක් තිබුනේ නම් මෙම නිවැරදි කිරීම කියුබානු ජනසමාජය අක්‍රිය වීම සාධාරණීකරණය කිරීමට  ගොතන ලද කඩතුරාවකට මුවා වී ඉදිරිපත් කරන හේතු වලින් තොරව වසර ගණනාවකට පෙර ක්‍රියාත්මක විය යුතුව තිබිණි. සත්‍යය හඳුනා ගැනීම, ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට නම් කිරීම සඳහා හේතු නොමැති වීම සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී අපේ රටේ ආදර්ශමත් ක්‍රියාකාරිත්වය එක්සත් ජනපද රජයේ ආයතන කිහිපයක් පවා පිළිගෙන ඇති නිසාම අත්තනෝමතික ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයන්ගේ  ලැයිස්තුවට කියුබාව ඇතුලත් කිරීම ඉවත් කිරීමට තරම් ප්‍රමාණවත් විය යුතුව තිබුණි.

අතීතයේ දී සිදු වූවාක් මෙන්, අද දින අනුගමනය කර ඇති පියවර අනාගතයේදී එම රටේ රජයට ආපසු හැරවිය හැකි බවත්, එය කියුබාව කෙරෙහි එක්සත් ජනපදයේ හැසිරීමේ නීත්‍යානුකූලභාවය, ආචාර ධර්ම, අනුකූලතාව සහ තර්කානුකූලභාවය නොමැතිකමේ ප්‍රකාශනයක් බව ප්‍රසිද්ධ කරුණකි.

අද දින අනුගමනය කර ඇති පියවර අනාගතයේදී ආපසු හැරවීම සඳහා, එක්සත් ජනපද දේශපාලනඥයන් සාමාන්‍යයෙන් අවංක සාධාරණ කාරණයක් සොයා ගැනීමට කාලය ගන්නේ නැත. මක් නිසාද යත් එක්සත් ජනපදයේ එවකට නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස්ටර් මැලොරි විසින් 1960 දී කියුබාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන  ලද  ආර්ථික වටලෑම, දුක්ඛිතභාවය, කුසගින්න සහ මංමුලා සහගත බව මගින් කියුබානුවන් දණගැස්වීමේ ඔහුගේ ප්‍රකාශිත සිද්ධාන්තය ක්‍රියාත්මක වන තාක් කල් අමෙරිකාවට කියුබාව වටලෑමට සාධාරණ කාලයක් සොයා ගැනීමට කාලය අවශ්‍ය නැත. කියුබාවේ ස්වයං නිර්ණ අයිතිය හඳුනා ගැනීමට හෝ පිළිගැනීමට එම රජයට නොහැකි වන තාක් කල් මෙන්ම කියුබාවට එරෙහි එහි ජන සංහාරක සහ නීති විරෝධී ආර්ථික හුස්ම හිරකිරීමේ ප්‍රතිපත්තිය නිසා ඇති වූ ජාත්‍යන්තර හුදකලාව නිසා ඇති වූ දේශපාලන පිරිවැය ගෙවීමට සූදානම්ව සිටින තාක් කල්, ඔවුන් සාධාරණ කාරණා සොයා ගැනීමට කාලය ගන්නේ නැත.

කියුබාව අමෙරිකානු ආර්ථික යුධ ප්‍රතිපත්තියට, විදේශ මැදිහත්වීම් වැඩසටහන්වලට සහ සෑම වසරකම එක්සත් ජනපද ෆෙඩරල් අයවැයෙන් ඩොලර් මිලියන ගණනක මුදල් යෙදවීමෙන් අරමුදල් සපයා ජනගත කරන වැරදි තොරතුරු සහ අපකීර්තිමත් මෙහෙයුම්වලට මුහුණ දී ඒවා ආපසු හැරවීට කටයුතු කරනු ඇත.

කෙතරම් වෙනස්කම් තිබියදීත්, දෙරටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සහ සංවාදය  මත පදනම්ව, එම රට සමඟ ගෞරවනීය සම්බන්ධතාවයන් වර්ධනය කර ගැනීමට ද කියුබාව දිගටම කටයුතු කරනු ඇත.



සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.