සම්බුදු සිරිපා වන්දනා සමය ඇරඹෙයි
සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේ උඳුවප් පුර පසළොස්වක පොහොය උදාවත් සමඟ ය. එතැන් සිට ඊළඟ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දක්වා කාලය සිරිපා වන්දනා සමය යි.
චිරාගත සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් රාශියක් ඉටු කිරීමෙන් පසු වන්දනා සමය ආරම්භ වෙයි. පැල්මඩුල්ල ගල්පොත්තාවල පන්සලේත්, රත්නපුර මහසමන් දේවාලයේත්, සිරිපා පුද බිමේත් සිදු කරන ආගමික වතාවත් නියමිත ඒ ඒ අවස්ථාවන්හි දී අනුපිළිවෙලින් පැවැත්වේ.
වන්දනා ගමන් යාම ලාංකික බෞද්ධ ජනජීවිතය හා සබැඳි විශේෂ අංගයකි. එකල අද වැනි ප්‍රවාහන පහසුකම් නොතිබුණි. එබැවින් ජනතාව හුරුපුරුදු වී සිටියේ පා ගමනින් ම වන්දනා ගමන් යාමටයි. සිරිපා වන්දනා ගමනට අනෙකුත් සියලු වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක් හිමි වුණි. ගමන ආරම්භ කරන්නේ සුමන සමන් දෙවියන්ට භාරහාර වීමෙන් පසුවයි. ඇතැම්විට තම ඉඩකඩම් පවා ඥාතීන්ට පවරා දී සිරිපා වන්දනාවේ යෙදීම පුරාතන සිරිතයි.
මෙරට ජනතාව වන්දනාවේ යන සිද්ධස්ථාන අතුරෙන් වැඩිම දුරක් පයින් යා යුතු එකම සිද්ධස්ථානය වන්නේ ශ්‍රී පාදස්ථානය යි. එම දුෂ්කරතාව නිසා ම සිරිපා වන්දනාව තුළින් ලැබෙන කුසලය සෙසු වන්දනා ගමන්වලින් ලැබෙන කුසලයට වඩා උසස් යැයි වන්දනාකරුවෝ අදහති. එබැවින් පිරිවර ජනයා ද සමඟ වන්දනා නඩ වශයෙන් සංවිධානය වී මහත් උනන්දුවකින් සැදැහැවත්හු සිරිපා තරණය කරති.
සිංහල ජන ජීවිතයේ අන් කවර හෝ අවස්ථාවක දී වත් භාවිතයට නොගන්නා සිරිපා වන්දනා ගමන සඳහා ම පමණක් ආවේණික වූ විශේෂ වදන් මාලාවක් ජනගත වී පවතියි. හිමිදිරි පාන්දර පෙරදිගින් සූර්යයා උදාවීම සිරිපා පුදබිමේ දී “ඉර සේවය” නමින් හඳුන්වයි. වන්දනාකරුවන් ඔවුනොවුන් හමුවන අවස්ථාවන්හි දී “කරුණාවයි” කියමින් ආශීර්වාද කර ගන්නා අතර, මෙය වෙනත් අවස්ථාවක “ආයුබෝවන්” යැයි කීම හා සමාන ය.
සිය ජීවිතයේ පළමුවරට සිරිපා වන්දනාවේ යන තරුණයා කෝඩුකාරයා ය. වැඩිහිටියා දඬුකෝඩු නම් වන අතර, කුඩා දරුවෙකු හෝ දැරියක් කිරිකෝඩු ලෙස හඳුන්වයි. තද අඳුර සහිත ව වළාකුළු පැතිර යාම “කෝඩේ” ලෙසත් වැසි වසින බව හැඟවීම “ගඟුල බානවා” ලෙසත් හැඳින්වේ.
දෙපයේ කටු ඇනෙනවා යන්න සිරිපා වන්දනාවේ දී හඳුන්වන්නේ “පරඬැල් පෑගෙනවා” ලෙසයි. ගමන් මාර්ගයේ යම් අවහිරතාවක් පවතී නම් ඉඩ ඉල්ලා සිටින්නේ “සංහිඳේ” යනුවෙන් පැවසීමෙනි. එහි අරුත “ඉඩ දෙන්න” යන්නයි. වන්දනාකරුවා ගෙන යන සියලු ම ආම්පන්න බහාලන උරය ‘සැහැල්ලු ව නම් වේ. එය උරහිස දෙපසට වැටෙන සේ කරේ දමාගෙන යාමට හැකි වන පරිදි මැසූ ලොකු උරයකි. වර්තමානයේ දී නම් සැහැල්ලු ව භාවිතයට නොගන්නා තරමට ම අභාවයට ගොස් තිබෙන බව පෙනේ. එහෙත් දැනටත් මෙම වදන භාවිතයේ පවතියි.
සමනල කන්දේ ඉහළ කොටසේ පවත්නේ තද සීතලකි. එම ප්‍ර‍්‍රදේශයේ ගමන් කිරීම “හිමේ නැගීම” යි. සිරිපතුල වැඳීමට පෙර වන්දනාකරුවන්ගේ පිරිසුදුවීම “පේවීම” වන අතර දෙහි කැබැල්ලක් ගා සීත ගඟුලෙන් නෑම මෙහි විශේෂ පේවීම ලෙස හැඳින්විය හැකි ය. සිරිපා වන්දනා කරන පිරිස “නඩය”යි. පිරිසේ නායකයා “නඩේ ගුරා” ය. කට පරෙස්සම් කර ගැනීම ලෙස හඳුන්වන්නෙන් වචනය සංවර කර ගැනීමයි. කට පරෙස්සම් කර නොගැනීම සිරිපා ගමනට බාධාවකි.
සිරිපා වන්දනාවේ දී “ගෙත්තම් කිරීම” නමින් සිදු කෙරෙන අභිචාර විධියක් පවතියි. ඉඳිකටු හා නූල් රැගෙන ඒවා ගසක අත්තක දවටායාම මෙයින් අදහස් කරයි. ජනවහරේ එන පරිදි බුදුරදුන් සිවුරු ඉරුණු තැන් එම ස්ථානයේ දී මසා ගත් බව සිහිපත් කරමින් ගෙත්තම් කර දෙවියන්ට පින් දෙයි. මෙම ජන කවිය එයට සාක්ෂි ය.
ගෙත්තම් පානට ගොසින් බසින්නේ
ගෙත්තම් කරලයි සමහරු යන්නේ
ඉඳිකටු නූලත් සුරතට ගන්නේ
ගෙත්තම් කර දෙවිඳුට පින් දෙන්නේ
සිරිපා මාර්ගය හා සබැඳි ස්ථාන නාම රැසක් ද ජන වහරට එක්ව ඇත. රත්නපුර මාර්ගයේ ලිහිණිහෙළ, ධර්මරාජගල, හැරමිටිපාන, ඇහැළ කණුව මෙන් ම හැටන් මාර්ගයේ මකර තොරණ, ජපන් සාම චෛත්‍යය, රතු අම්බලම, භගවාලෙන, මහගිරිදඹ, අහස්ගව්ව ඒ අතර කිහිපයකි. මෙම ස්ථාන වටා බොහෝ ජනශ්‍රැති ගොඩනැඟී ඇත.
රත්නපුර ඇහැළ කණුව අසලින් ඉහළට නැඟීමට එදා තිබුණේ ඉතාමත් අවදානම් සහගත යකඩ ඉනිමඟක් ය. හැටන් පාරෙන් බහින්නට පටන්ගත් කල මහගිරිදඹ හමුවන්නට පෙර “භගවා ලෙන” හමුවෙයි. එහෙත් බොහෝ වන්දනාකරුවන්ට භගවා ලෙන දැකීමට අවස්ථාව නොලැබෙයි. එය වන්දනාකරුවන් නඟින පඩි මඟට මදක් එපිටින් පිහිටා තිබීම එයට හේතුවයි. වන්දනාකරුවන් මහගිරිදඹ පසුකළ සැණින් මලුවට යාමට කඩිනම් වන නිසා ද භගවාලෙන අතපසු වෙයි. භගවාලෙන යනු බුදුරදුන් සිරිපා පිහිටුවා දිවා විහරණය කළ දිවා ගුහාව යැයි ද විශ්වාසයක් ඇතැමුන් තුළ පවතියි.
මහගිරිදඹ තද බෑවුම් සහිත, දැකීමටත් බිය උපදවන ප්‍රදේශයකි. මෙහි අහස්ගව්ව ද පිහිටා ඇත.
දඹදිව සිට පැමිණි ධර්මරාජ නම් බ්‍රාහ්මණ පුත්‍රයකු සිරිපා මාර්ගයේ කොටසක ගල් පඩි ඉදිකොට සිරිපා අඩවියට පූජා කළ වග ජනප්‍රවාදයේ සඳහන් ය. ධර්මරාජගල යනු එම කොටසයි. ධර්මරාජගල නඟින විට එහි පඩි ගණන් කිරීම සිරිතකි. හත්දින්නත් තරු ගණන් කළ නොහැකි මෙන් ධර්මරාජ ගලේ ගල් පඩි ගණන් කළ නොහැකි බව ජන මතයයි. මෙහි සමහර තැනක ගල් පඩි එකක් ද, දෙකක් ද කියා තීරණය කිරීමට නොහැකි වීමත් සමහර තැනක ගල් පඩි තිබේ දැයි, නිශ්චය කර ගත නොහැකි වීමත් එයට හේතුව වන්නට ඇත.
ලිහිණිහෙළ යනු අතීතයේ කඳු කඩා වැටීමෙන් සෑදුණු භයානක ගල් බෑවුමකි. ලිහිණිහෙළ අසලින් යාමේ දී ලිහිණි අක්කාට කෑ ගැසීම සිරිතක් ය. ලිහිණි අක්කා නම් තැනැත්තියක මෙම පර්වතයෙන් පහළට වැටී මිය ගිය බවත් එබැවින් මේ ප්‍රදේශයෙන් යාමේ දී ලිහිණි අක්කාට කෑ ගසා යාම වන්දනාකරුවන්ගේ සිරිතක් බවට පත්වූ බවත් පෙනේ. පර්වතය මුදුනේ සිට මහ හඬින් ලිහිණි අක්කාට කෑ ගැසූ කල ඒ හඬ කන්දේ හැපී දෝංකාර දී යළි කෑ ගසන අයට ම ඇසෙයි. එම දෝංකාරය ඇසීමට කැමති වන්දනාකරුවෝ මෙම ඉසව්වෙන් යාමේ දී ලිහිණි අක්කාට මහ හඬින් කෑ ගසති.
වන්දනාකරුවන් ගමනාන්තය දකිමින් පළමුව පැමිණෙන්නේ පාත මලුවට යි. එම ප්‍රදේශය වන්දනාකරුවන් බෙහෙවින් ම ගැවසෙන විශ්‍රාම ශාලා සහිත ප්‍රදේශය යි. මෙහි සිට සැවොම දැක ගැනීමට අපේක්ෂා කරනුයේ ඉර සේවය යි. මෙය සිරිපා මලුවට පෙනෙන ඉතා චමත්කාරජනක දර්ශනයකි.
සිරිපා මලුවෙහි දැල්වෙන පහන දොළොස්මහේ පහන ද වන්දනාකරුවන් අතර ජනපි‍්‍රය ය.
සිරිපා තරණයේ දී ඇතිවන සරතැස සංසිඳුවා ගැනීම හා සැදැහැය වර්ධනය කර ගැනීම පිණිස කවි හා වාගාලාප ගැයීම ද සාම්ප්‍රදායික සිරිතකි. ගැයෙන කවි අතර තුන්සරණය නමැති ජන කාව්‍යයේ එන කවි ප්‍රධාන තැනක් ගනියි.
බුද්ධං සරණේ සිරස දරාගෙන
ධම්මං සරණේ සිත පහදා ගෙන
සංඝං සරණේ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන
පෙරයම බුද්ධං සරණේ ගඤ්ඤයි
මැදියම ධම්මං සරණේ ගඤ්ඤයි
අලුයම සංඝං සරණේ ගඤ්ඤයි
තුන් යමට ම තුන් සරණේ ගඤ්ඤයි
කකුසඳ කෝනාගම වෙර මුනිවර
කාශ්‍යප ගවුතම මුනිඳු අදර කර
සමන් පතිනි ගණ දෙවිඳුනි ඉසිවර
දමන් ඉවත ඇති වරදක් දුරු කර
සමන් පතිනි ගණ දෙවිඳුන් නුවණේ
ගමන් කලට සැතපෙන වැනි පවනේ
දමන් වරද දුටු වත් දෙවි රජුනේ
කියමි මදක් කවි බණ තුන් සරණේ
ඌරුගමුවේ අස්සජී හිමි
https://budusarana.lk/budusarana/2024/12/14/tmp.asp?ID=fea01
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM