ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..
බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් ඉදිකරමින් සත්යග්රහයක නිරත වීමට ‘නිදහසේ පාද යාත්රාව’ සමඟ පැමිණි මහා සංඝරත්නය තීරණය කර තිබේ.
මහනුවර සිට දින හයක් පුරා පාගමනින් කොළඹට පැමිණි භික්ෂූන් වහන්සේ ප්රමුඛ විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අභියසට රැස්වීමත් සමඟ එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය විය.
එහිදී රැස්ව සිටි පිරිස අමතමින් පූජ්ය උලපනේ සුමංගල හිමියන් ආණ්ඩුවට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ප්රකාශ කළේ, සාකච්ඡා හෝ මඟහැරීම්වලින් මෙතෙක් රටට කිසිදු යහපත් ප්රතිඵලයක් අත්නොවූ බවයි.
"අපි මෙතැන රැඳී සිටිනවා. මැරුවත් අපි මෙතැනින් නැගිටින්නේ නෑ. මේ මොහොතේ සිට සටන ආරම්භ කරනවා. මේ වෙනුවෙන් ජීවිතය පූජා කරන්න වුණත් අපි සූදානම්," යැයි උන්වහන්සේ දැඩි ස්වරයෙන් අවධාරණය කළහ.
මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ මාර්ග බාධක යොදවා ඇති අතර, එම පරිශ්රයේ දැඩි ආරක්ෂක මුර රැකවල් ක්රියාත්මක කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය අභියස රැඳී සිටින මහා සංඝරත්නය විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත සංදේශයක් භාරදෙනු ලැබීය.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් පැවති පසුබිමක අදාළ ස්ථානයට පැමිණි ජනාධිපති ලේකම්වරයා, විරෝධතාවයේ නිරත මහා සංඝරත්නය හමුවී එම සංදේශය භාරගත්තේය.
අදාළ සංදේශය භාරගැනීමෙන් අනතුරුව, එහි අන්තර්ගත කරුණු පිළිබඳව ජනාධිපතිවරයා සමඟ කඩිනමින් සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් නැවත දැනුම්දීමට පැමිණෙන බව ප්රකාශ කරමින් ජනාධිපති ලේකම්වරයා එම ස්ථානයෙන් පිටව ගිය බව වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..
මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි
ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්
ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්යවස්ථා ප්රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්යයකට යන ගමන..
සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..
ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..