News Category
From Date
To Date
Maximum Number of Result

ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..

Oct 16, 2026 at 07:50 AM
|

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහා නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනට' එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අද (16) උදෑසන වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිති.

මේ අතර, තවදුරටත් ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

පාද යාත්‍රාවේ පැමිණි භික්ෂූන් වහන්සේ ජනාධිපති ලේකම්වරයා හමුවීමට අවශ්‍ය බව ප්‍රකාශ කිරීමත් සමඟ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක භික්ෂූන් වහන්සේ සිටින ස්ථානයට පැමිණ සඳහන් කළේ, තමාට මිනිත්තු 10 ක පමණ කාලයක් ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත්, මිනිත්තු 10කට පසුව නැවතත් ජනාධිපති ලේකම්වරයා වෙනුවට වෙනත් නිලධාරියෙකු එම ස්ථානයට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගැනිනි.

අනතුරුව භික්ෂූන් වහන්සේ පූජ්‍ය ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති එම ස්ථානයට පැමිණියද විසඳුමක් නොලැබුනු බවයි මහා සංඝරත්නය ප්‍රකාශ කළේ.

ඒ අනුව, තවදුරටත් ජනාධිපති කාර්යාලය අසළම රැඳී සිටින බවයි උන්වහන්සේලා පැවසුවේ.


සම්බන්ධිත පුවත් | Related News

මහනුවර රාජධානිය ඉංග්‍රීසීන් විසින් යටත් කරගැනීමේ දී රජ්ජුරුවන්ව අත්අඩංගුවට ගෙන වීදි දිගේ කොළඹට රැගෙන ඒමේදී මතු නොවූ ජනතා විරෝධයක් භික්ෂූන් වහන්සේලාව සිරගත කිරීමට වීදි මැදින් රැගෙන ඒමේදී දියත්වූ බව ඉංග්‍රීසීන්ගේ වාර්ථාවක සඳහන්ව ඇති බවත්, වසර දහස් ගණනක් තිස්සේ මෙරට සමාජයේ මුල් බැසගත් සංස්කෘතික මූලයන් ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
යේමනයේ දකුණුදිග වරාය නගරයක් වන ආඩන් (Aden) හි පිහිටි අල්-මාෂික් (al-Maashiq) ජනාධිපති මන්දිරය ඉලක්ක කරගනිමින් හූති කැරලිකරුවන් එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මහනුවර සිට කොළඹ දක්වා පාගමනින් පැමිණ ජනාධිපති කාර්යාලය අසල සාමකාමී විරෝධතාවයක නිරත වෙමින් සිටින භික්ෂුන් වහන්සේලාට එරෙහිව ගෙන ඇති මර්දනකාරී ක්‍රියාමාර්ග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස හෙළා දැක තිබේ.
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් මහා සංඝරත්නය සහ ජනතාව ඊයේ මහනුවර සිට කොළඹට පාගමනින් පැමිණ ජනාධිපති කාර්යාලය අසලට පැමිණි අතර, එහිදී උණුසුම් තත්ත්වක් නිර්මාණය විය.
තමන් වහන්සේගේ ඡන්දය මාලිමාවට ලබාදීම ගැන කණගාටු වන බවත්, ජනාධිපතිවරයා භික්ෂූන් වහන්සේලාගේ පාගමන ගැන නොදැන සිටියා නම්, ඔහු රටේ නායකයාද, නැතිනම් පැලවත්තේ නායකයාදැයි මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ ප්‍රශ්න කරති.
අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන සැලසුමේ කොටසක් වන්නේ ඇතුල් නුවර ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචි කිරීමට කටයුතු කිරීම බවත්, ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ලෙස අක්කර දෙසීයක භූමියක ඉඩම් සහ වන්දි ලබාදීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවත් ඇමති වසන්ත සමරසිංහ පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත මහා සංඝරත්නය ඇතුළු පිරිස්, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක් හටගැනිණි.
බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වීමට ‘නිදහසේ පාද යාත්‍රාව’ සමඟ පැමිණි මහා සංඝරත්නය තීරණය කර තිබේ.
නිදහසේ පාද යාත්‍රාවේ වැඩසිටි භික්ෂූන්වහන්සේ හමුවීමට පැමිණි ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පැමිණි නිලධාරීන් දෙදෙ‍ෙනක් මේ සඳහා මාසයක කාලයක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහා නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනට' එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අද (16) උදෑසන වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිති.

මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි

තමන් වහන්සේගේ ඡන්දය මාලිමාවට ලබාදීම ගැන කණගාටු වන බවත්, ජනාධිපතිවරයා භික්ෂූන් වහන්සේලාගේ පාගමන ගැන නොදැන සිටියා නම්, ඔහු රටේ නායකයාද, නැතිනම් පැලවත්තේ නායකයාදැයි මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ ප්‍රශ්න කරති.

ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ

අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන සැලසුමේ කොටසක් වන්නේ ඇතුල් නුවර ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචි කිරීමට කටයුතු කිරීම බවත්, ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ලෙස අක්කර දෙසීයක භූමියක ඉඩම් සහ වන්දි ලබාදීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවත් ඇමති වසන්ත සමරසිංහ පවසයි.

ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..

බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වීමට ‘නිදහසේ පාද යාත්‍රාව’ සමඟ පැමිණි මහා සංඝරත්නය තීරණය කර තිබේ.

මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

වත්මන් ගෝලීය දේශපාලන හා ආර්ථික ප්‍රවණතා හමුවේ මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කරගැනීම සඳහා සවුදි අරාබිය විසින් චීන රජයේ සහය අපේක්ෂා කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි

පසුගිය දශකය තුළ බ්‍රිතාන්‍යයේ අලුතින් එකතු වූ රැකියා මිලියන 3.7න් සියයට 80ක් විදේශිකයන් විසින් පුරවා ඇති අතර, බ්‍රිතාන්‍ය ජාතිකයන් මිලියන ගණනක් රැකියා විරහිත ප්‍රතිලාභ ලබමින් සිටින බව Centre for Social Justice (CSJ) ආයතනයේ නව වාර්තාවක් පෙන්වා දෙයි.

ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..

චීන–ඉන්දීය දේශසීමා ආශ්‍රිත ප්‍රදේශවල ස්ථාන නාම ඒකපාර්ශ්විකව වෙනස් කරමින්, නිල සිතියම් සංශෝධනය කිරීමට ඉන්දියාව ගන්නා උත්සාහයන් මගින් කිසිදු භෞමික ස්වෛරීභාවයක් තහවුරු නොවන බවත්, එය හුදෙක් ඉන්දියාවේ ඇතැම් පාර්ශ්වයන් විසින් නිර්මාණය කරගන්නා ලද “මානසික ජයග්‍රහණයක්” පමණක් බවත් චීනය අවධාරණය කරයි.

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්

ජාතික සංවිධාන එකමුතුව මඟින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසන්නේ වර්තමාන රජය යටතේ මෙරට බුද්ධ ශාසනයට, ජාතික සංකේතවලට සහ ඓතිහාසික පුරාවස්තුවලට බරපතළ තර්ජන එල්ල වී ඇති බවය.

ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්‍යයකට යන ගමන..

2015 දෙසැම්බර් 22 වන දින එවක පැවති යහපාලන රජය මගින් පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.

සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනේ' අවසානය සනිටුහන් කරමින් අද (15) කොළඹට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)

අනුරාධපුර පූජා නගරය සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 27 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන නව සංවර්ධන සැලැස්ම පිටුපස කිසිදු විද්‍යාත්මක හෝ ආගමික පදනමක් නොමැති බරපතළ යටි අරමුණු රැසක් ක්‍රියාත්මක වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට

ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

යුරෝපයේ මහා පරිමාණ සංක්‍රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..

වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.