
අදානි යළිත් ලංකාවට - The Hindu කියයි
මන්නාරමේ අදානි සුළං බල ව්‍යාපෘතියෙන් කිලෝවොට් පැයකට ඩොලර් ශත 7ක් පමණ මුදලකට විදුලිබලය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ අදානි ග්‍රීන් එනර්ජි අතර ද්විපාර්ශ්වීය එකඟතාවක් ඇතිවීමට ඉඩකඩ ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.
ඉන්දීය අදානි ග්‍රීන් සමාගමෙන් ඩොලර් ශත 8.26කට විදුලි බලය මිල දී ගැනීමට මීට පෙර සැලසුම් කර තිබිණි.
එහෙත් පසුව එම මිලදී ගැනීම් වෙනුවෙන් කිලෝ වොට් පැයකට ශත 5ත් 6ත් අතර මිලක් ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් යෝජනා කළහ.
අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියෙන් කිලෝවොට් පැයකට ඩොලර් ශත 7කට මිලදී ගැනීමේ එකඟතාවක් මත ව්‍යාපෘතියේ මූලික වැඩකටයුතු ලබන ජුනි මාසයේ යළි ආරම්භ වනු ඇති බව ත් එය දෙපාර්ශ්වයට ම එකඟ විය හැකි මිලක් වනු ඇති බවත් ‘ද හින්දු’ වාර්තාව පෙන්වා දෙයි.
මේ අනුව ව්‍යාපෘතිය තවමත් සම්පූර්ණයෙන් ම නවතා දැමීමට අදානි ග්‍රීන් සමාගම කටයුතු කර නැති බව ඉන්දීය මාධ්‍ය වාර්තාව පෙන්වා දෙයි.
බලශක්ති ව්‍යාපෘතිය නැවත තම සමාගමේ න්‍යායපත්‍රයට ඇතුළත් කර ගැනීමට උනන්දුවෙන් සිටින බව එම වාර්තාව සඳහන් කරයි.
ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කළ බව ප්‍රකාශ කළ නමුත් එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයටම තවම ඉඩ තිබෙන බැවින් අදානි සමාගම ‘දොර ළඟ අඩියක් තබාගෙන ඇති බව’ එම වාර්තාව පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක වටිනාකම සහිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වන බවට අදානි සමාගම පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්ට ලිපියක් යොමු කළේ ය.
ස්වෛරී අයිතිවාසිකම් සහ ශ්‍රී ලංකාවේ තේරීම්වලට සම්පූර්ණයෙන් ම ගරු කරමින් ‘එම ව්‍යාපෘතියෙන් ගෞරවනීය ලෙස ඉවත් වීමට’ තීරණය කළ බව අදානි ග්‍රීන් සමාගම එම ලිපියෙන් මීට පෙර පෙන්වා දී තිබේ.
ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි මෙගාවොට් 10,000කට අධික විදුලි බල ප්‍රමාණයක් ලොව පුරා පිහිටි බලාගාරවලින් නිෂ්පාදනය කරන අතර ශ්‍රී ලංකාවේ ඉදිකරන බව කියන සුළං බල ව්‍යාපෘතිය ඔස්සේ මෙගාවොට් 400ක් පමණ උත්පාදනය කිරීමට යෝජිත ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
