අදානි යළිත් ලංකාවට - The Hindu කියයි
මන්නාරමේ අදානි සුළං බල ව්‍යාපෘතියෙන් කිලෝවොට් පැයකට ඩොලර් ශත 7ක් පමණ මුදලකට විදුලිබලය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ අදානි ග්‍රීන් එනර්ජි අතර ද්විපාර්ශ්වීය එකඟතාවක් ඇතිවීමට ඉඩකඩ ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.
ඉන්දීය අදානි ග්‍රීන් සමාගමෙන් ඩොලර් ශත 8.26කට විදුලි බලය මිල දී ගැනීමට මීට පෙර සැලසුම් කර තිබිණි.
එහෙත් පසුව එම මිලදී ගැනීම් වෙනුවෙන් කිලෝ වොට් පැයකට ශත 5ත් 6ත් අතර මිලක් ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් යෝජනා කළහ.
අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියෙන් කිලෝවොට් පැයකට ඩොලර් ශත 7කට මිලදී ගැනීමේ එකඟතාවක් මත ව්‍යාපෘතියේ මූලික වැඩකටයුතු ලබන ජුනි මාසයේ යළි ආරම්භ වනු ඇති බව ත් එය දෙපාර්ශ්වයට ම එකඟ විය හැකි මිලක් වනු ඇති බවත් ‘ද හින්දු’ වාර්තාව පෙන්වා දෙයි.
මේ අනුව ව්‍යාපෘතිය තවමත් සම්පූර්ණයෙන් ම නවතා දැමීමට අදානි ග්‍රීන් සමාගම කටයුතු කර නැති බව ඉන්දීය මාධ්‍ය වාර්තාව පෙන්වා දෙයි.
බලශක්ති ව්‍යාපෘතිය නැවත තම සමාගමේ න්‍යායපත්‍රයට ඇතුළත් කර ගැනීමට උනන්දුවෙන් සිටින බව එම වාර්තාව සඳහන් කරයි.
ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කළ බව ප්‍රකාශ කළ නමුත් එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයටම තවම ඉඩ තිබෙන බැවින් අදානි සමාගම ‘දොර ළඟ අඩියක් තබාගෙන ඇති බව’ එම වාර්තාව පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක වටිනාකම සහිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වන බවට අදානි සමාගම පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්ට ලිපියක් යොමු කළේ ය.
ස්වෛරී අයිතිවාසිකම් සහ ශ්‍රී ලංකාවේ තේරීම්වලට සම්පූර්ණයෙන් ම ගරු කරමින් ‘එම ව්‍යාපෘතියෙන් ගෞරවනීය ලෙස ඉවත් වීමට’ තීරණය කළ බව අදානි ග්‍රීන් සමාගම එම ලිපියෙන් මීට පෙර පෙන්වා දී තිබේ.
ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි මෙගාවොට් 10,000කට අධික විදුලි බල ප්‍රමාණයක් ලොව පුරා පිහිටි බලාගාරවලින් නිෂ්පාදනය කරන අතර ශ්‍රී ලංකාවේ ඉදිකරන බව කියන සුළං බල ව්‍යාපෘතිය ඔස්සේ මෙගාවොට් 400ක් පමණ උත්පාදනය කිරීමට යෝජිත ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..