
කාදිනල්තුමන්ගේ ප්‍රකාශයට රජයෙන් පිළිතුරු
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිදුකරන ප්‍රකාශ කිසිඳු අවස්ථාවකදී ඍණාත්මකව නොසළකන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන මන්දගාමී වීම සහ වත්මන් රජය ද ඒ සම්බන්ධයෙන් පෙර පැවැති රජයන් ගිය මග ගමන් කරන්නේ නම් ඊට එරෙහිව මහ මගට බසින බවට අගරදගුරු හිමිපාණන් අප්‍රසාදය පළ කරමින් ඉකුත් දා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය සහ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වූ කතෝලික වැසියන් සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන්ට ඇති හැඟීම සාධාරණ බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ, රජයක් ලෙස එහි විමර්ශන කටයුතු සඳහා වගකීමක් පවතින බව සහ එම කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි.
අදාළ පරීක්ෂණ ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සැළකිව යුතු දුරක් ගමන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, එම පරීක්ෂණවලට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවයි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ ප්‍රහාරය සිදුවී සාක්ෂි පැහැදිළිව පෙනෙන්නට තිබෙන හෝ වරදකරුවන් හඳුනාගැනීමට පහසු පරිසරයක් තුළ නොවන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවැසුවේය.
ඔහු පෙන්වා දුන්නේ, ඝාතකයන්ම එම ප්‍රහාරය උපයෝගී කරගෙන රාජ්‍ය බලය ලබාගෙන සාක්ෂි වසන් කළ තත්ත්වයක් පැවැති බවත්, එම සාක්ෂි පිළිබඳ විමර්ශනය කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පුද්ගලයන් විසුරුවා හැර තිබූ බවයි.
එවන් පසුබිමක් තුළ පසුගිය මාස හතරක කාලය තුළ පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අත්කර ගෙන සිටින ප්‍රගතිය පිළිබඳ රජය සෑහීමකට පත්වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එහෙත් විසඳා ගත යුතු ගැටළු කිහිපයක් පවතින බවත් එම කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සිදු කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
