කාදිනල්තුමන්ගේ ප්‍රකාශයට රජයෙන් පිළිතුරු
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිදුකරන ප්‍රකාශ කිසිඳු අවස්ථාවකදී ඍණාත්මකව නොසළකන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන මන්දගාමී වීම සහ වත්මන් රජය ද ඒ සම්බන්ධයෙන් පෙර පැවැති රජයන් ගිය මග ගමන් කරන්නේ නම් ඊට එරෙහිව මහ මගට බසින බවට අගරදගුරු හිමිපාණන් අප්‍රසාදය පළ කරමින් ඉකුත් දා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය සහ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වූ කතෝලික වැසියන් සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන්ට ඇති හැඟීම සාධාරණ බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ, රජයක් ලෙස එහි විමර්ශන කටයුතු සඳහා වගකීමක් පවතින බව සහ එම කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි.
අදාළ පරීක්ෂණ ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සැළකිව යුතු දුරක් ගමන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, එම පරීක්ෂණවලට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවයි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ ප්‍රහාරය සිදුවී සාක්ෂි පැහැදිළිව පෙනෙන්නට තිබෙන හෝ වරදකරුවන් හඳුනාගැනීමට පහසු පරිසරයක් තුළ නොවන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවැසුවේය.
ඔහු පෙන්වා දුන්නේ, ඝාතකයන්ම එම ප්‍රහාරය උපයෝගී කරගෙන රාජ්‍ය බලය ලබාගෙන සාක්ෂි වසන් කළ තත්ත්වයක් පැවැති බවත්, එම සාක්ෂි පිළිබඳ විමර්ශනය කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පුද්ගලයන් විසුරුවා හැර තිබූ බවයි.
එවන් පසුබිමක් තුළ පසුගිය මාස හතරක කාලය තුළ පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අත්කර ගෙන සිටින ප්‍රගතිය පිළිබඳ රජය සෑහීමකට පත්වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එහෙත් විසඳා ගත යුතු ගැටළු කිහිපයක් පවතින බවත් එම කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සිදු කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..