News Category
From Date
To Date
Maximum Number of Result

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඔහුගේ ඇමරිකානු සහකරු වන ඩොනල්ඩ් ට්‍රම්ප් පැය දෙකකට අධික කාලයක් දුරකථන සංවාදයක යෙදී ඇති අතර, යුක්රේන රුසියානු ගැටුමට සාමකාමී විසඳුමක් සාකච්ඡා කර ඇත.

88-89 භීෂණ සමයේදී සිදුවූ ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන්නේනම් තම පක්ෂයේ සාමාජිකයන් 2000කට සිදුවූ දේ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාළ ඊයේ (මාර්තු 18) පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ඉදිරි සැසිවාර අටකදී සිදු කරන ප්‍රකාශ ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශය කිරීම අත්හිටුවන බව කතානායක ජගත් වික්‍රමරත්න අද (මාර්තු 19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

ඇමෙරිකාවේ, එංගලන්තෙවත නැති සංක්‍රින්ති ලිංගිකයන් සම්බන්ධ විෂයන් අපේ පාසලලේ විෂය නිර්දේශයට ඇතුළත් නොකරන ලෙස ඉල්ලමින් ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ඊයේ (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් බාරදීමට කටයුතු කර ඇත. එම ලිපිය බාරදීමෙන් අනතුරුව ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින්මෙසේ පැවසීය.

ආදිවාසී සංස්කෘතිය විකෘති කරමින් වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැර ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කර තිබේ .

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා සහ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ගොනු කළ රීට් පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (18) දින නියම කළේය.

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිදුකරන ප්‍රකාශ කිසිඳු අවස්ථාවකදී ඍණාත්මකව නොසළකන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

මන්නාරමේ අදානි සුළං බල ව්‍යාපෘතියෙන් කිලෝවොට් පැයකට ඩොලර් ශත 7ක් පමණ මුදලකට විදුලිබලය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ අදානි ග්‍රීන් එනර්ජි අතර ද්විපාර්ශ්වීය එකඟතාවක් ඇතිවීමට ඉඩකඩ ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.


ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.