News Category
From Date
To Date
Maximum Number of Result

එක් පුද්ගලයෙකු වසරකට පරිභෝජනය කළ යුත්තේ සීනි කිලෝ දහයක් පමණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබුණ ද මෙරට එක් පුද්ගලයෙකු වසරකට සීනි කිලෝ 34ක් ආහාරයට ගන්නා බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ලෝක මුඛ සෞඛ්‍ය දින කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක පවසයි.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වු අතර ඉන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කෙරුණි.

රජයේ විගණන කටයුත්තක් සඳහා ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව මහතාගේ සමාගමකට ටෙන්ඩරයක් ලබා දී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර රහුමාන් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඔහු මේ බව සඳහන් කළේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

ChatGBT මත පදනම්ව, විවිධ සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ සිදු කළ හැකි “පාලන-වෙනස් කිරීමේ” ක්‍රියාකාරකම් සඳහා USAID විසින් සපයන ලද අරමුදල් සම්බන්ධයෙන් වන ලියවිල්ලක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

1963 දී ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනයට අදාළව මෑතකදී හෙළිදරව් කරන ලද රහසිගත කරන ලද ලේඛන මගින්, කොළඹ ක්‍රියාත්මක කෙරුණු රහස් කඳවුරක් ඇතුළුව සීතල යුද්ධය අතරතුර CIA මෙහෙයුම් පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.

යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර නතර කිරීමට ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නියෝගය ඉටු කිරීම සඳහා තමන්ගේම ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙළීමට සිදු වූ බව රුසියානු හමුදාව පවසා තිබේ.

සංචාකර කර්මාන්ය අනතුරේ දමමින් Booking.com වැනි ආයතනයකට බදු ගැසීමට කතා කිරීම මෙරට සංචාරකය ක්ෂේත්‍රය තවත් ප්‍රපාතයකට ඇද දැමීමට මුල පිරිමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කලේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

සංචාරක සංවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට සංචාරය කරන සංචාරකයින් සඳහා හෝටල් කාමර වෙන් කිරීම මාර්ගගත ක්‍රමයට සිදු කරන ආයතන පිළිබඳ ඒකාධිකාරය බිඳ දැමීමට නව ආයතන ඇති කිරීමට පියවර ගන්නා බවයි.

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ මාතර මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් විය. ඒහිදී ඒ මහතා මාර්තු 20 වැනිදා දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.


ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.