News Category
From Date
To Date
Maximum Number of Result

ගුරු වැටුප් විෂමතාවයට රජය විසින් විසඳුම් ලබා දීමෙන් පසු ගුරු සංගම් නියෝජිතයන් අතර ජයග්‍රහනයේ අයිතිවාසිකම වෙනුවෙන් උනුසුම් තත්වයක් ඇතිවූ බව වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පවසා සිටියේ මුතුරාජවෙල අභය භූමි කලාපයේ ඉඩම් අක්කර 400ක ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 ක් වැනි අඩු මුදලකට පෞද්ගලික සමාගමකට ලබාදී ඇති බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය රට තුළ පවතින සියලු ගැටලුවලට හේතු වී ඇති බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් බිද වැටුණු ආර්ථිකය ගොඩ ගැනීම සදහා රජය කඩිනම් පියවර ගෙන ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර වැඩි මිලට ශ්‍රී ලංකාවේ ගොවියාට විකුණන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විට පැමිණ ඇති බව වාර්තාවේ.

ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් පමණ මෙරටට ගෙනඒමට නොහැකිවීමෙන් ලබන වසරේ මුල සිට රටතුළ බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී විදුලි කපාහැරීමට සිදුවනු ඇතැයි පවසා සිටියේය.

පවතින දැඩි වර්ෂාව හේතුවෙන් ගංඟා කිහිපයක් පිටාර ගලමින් පවතින බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසාස් සිටී.

මෙම සමුළුව ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්‍යංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධනය පිළිබඳ සංවිධානයේ(UNIDO) සහයෝගීතාවයෙන් සංවිධානය කරනු ලබන අතර එය මෙම මස 10 – 11 දෙදින තුළ “තිරසාර කාර්මීකරණය සඳහා කර්මාන්ත කඩිනම් කිරීම” යන තේමාව යටතේ පැවැත්වේ. මෙම සමුළුව සඳහා UNIDO සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල කර්මාන්ත අමාත්‍යවරු සහභාගී වෙති.

මීරිගම මුද්දරගම ප්‍රදේශයේ ඊයේ (07) පැවැති ජනහමුවකට එක්වෙමින්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ එයාර් බස් ගිවිසුම අහෝසි කර ඒ සඳහා වන්දි ගෙවීමේදී එවක යහපාලන ආණ්ඩුවේ ඇතැම් අය අමෙරිකානු ඩොලර් මිලියන 20ක පමණ මුදලක් වංචා කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාවේ අතිරේක අධ්‍යක්ෂවරයාගෙන් ඩොලර් මිලියන 08ක වන්දියක් ඉල්ලා මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර තොගය සැපයූ චීන සමාගම එන්තරවාසියක් යොමුකිරීම සම්බන්ධව ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ තුෂාර වික්‍රමාරච්චි මහතා මාධ්‍යය වෙත අදහස් දක්වා සිටිය්යේය.


ප්‍රධාන පුවත්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් ලංකාවේ කොටස් වෙළඳ පොළට දැඩි බලපෑම්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 02 දින හඳුන්වා දෙන ලද නවතම ආනයනික තීරුබදු ප්‍රතිපත්ති, මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබේ.

ජනපති අනුර කලේ, හිටපු ජනාධිපති රනිල් එකඟ වූ ආරක්ෂක ගිවිසුමට නව එකතුකිරීම් සිදු කිරීමයි - ආරක්ෂක ලේකම් තුයියකොන්නා

‘ද අයිලන්ඩ්‘ පුවත්පතට ප්‍රකාශයක් කරමින් ආරක්ෂක ලේකම් තුයියකොන්නා මහතා සදහන් කරන්නේ ජනාධිපති අනුර දිසානායක මහතා සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර ඇතිකරගත් එකඟතාවය මත අත්සන් කළ ආරක්ෂක ගිවිසුම සකස් වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජුලි 21 දින ඇතිකරගත් එකඟතාවයේ දිගුවක් ලෙස බවය.

ඇමති හදුන්නෙත්ති හොර රහසේ රට පාවා දුන් හැටි ඉන්දියාව එළිදරව් කරයි

ඉන්දියාවේ ගල් අගුරු සහ පතල් කර්මාන්ත අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයක් අනුව 15.02.2025 දින ඉන්දියාවේ අමාත්‍ය සතිස්චන්ද්‍ර සමග ඇතිකරගත් එකඟතාවයක් එළිදරව් වී ඇත.

එක්සත් ජනපද තීරුබදු වල බලපෑම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව දෙසට හැරේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආනයන සඳහා වැඩි කළ තීරුබදු පැනවීමෙන් පසුව සිදු කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට උත්සාහ කළේය.

ඉන්දියාව සමග ගැසූ ගිවිසුම් මෙන්න... පුබුදු හෙලි කරයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙරටට පැමිණ ජනාධිපති අනුර දිසානායක මහතාගේ කලිසම ඔලුවෙන් ගලවා දැමූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියේ යටි අරමුණු සහ ශ‍්‍රී ලංකාවට අදාළ භූ දේශපාලන මෙහෙයුම - ජාතික සංවිධාන විග්‍රහයක්

ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් පාලනය විසින් හඳුන්වා දෙන නව තීරු බදු ප‍්‍රතිපත්තිය මගින් ශ‍්‍රී ලංකාවට ඇතිවන බලපෑම පිළිබඳව විවිධ දේශපාලන නායකයින් සහ විද්වතුන් විසින් විවිධ මත පළ කරන තත්ත්වයක් තුළ ජාතික සංවිධානවල මතය දැන ගැනීම සඳහා ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් විමසුවෙමු. මේ ඔහුගේ අදහස ඔහුගේ වචනයෙන්.

'ජයග්‍රහණය - කොළඹ' සංවිධානයේ 31 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් පැවැත් වෙයි.. ඉන්දීය අගමැති මෝදි සමග අත්සන් කළ ගිවිසුම්වලින් රට බෙදෙන හැටි ගැනත් උත්සවයේදී හෙළිදරව්වක්..

'ජයග්‍රහණය - කොළඹ' සංවිධානයේ 31 වැනි සංවත්සරය අද(06) වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

මෝදි අද අනුරාධපුරයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.