විද්‍යාපීඨවලට සිසුන් ගැනීමේ ගැසට්ටුවට බාලගිරි..
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය තවදුරටත් ප්‍රමාද වෙමින් පවතින බවත්, බඳවා ගැනීම්වලට අදාළව ජාතික අධ්‍යාපන ආයතනයෙන් අවශ්‍ය නිර්දේශ ලබාදීම ප්‍රමාද වීම මීට හේතු වී ඇති බවත් වාර්තා වේ.
ජාතික අධ්‍යාපන ආයතනයට ගැසට් නිවේදනය යොමුකර ඇත්තේ එය ප්‍රසිද්ධ කිරීමට සියල්ල සූදානම් කර තිබිය දී ය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව විෂයයන් වෙනස් කිරීම සඳහා එලෙස යොමුකර තිබේ. ගැසට් නිවේදනය ජාතික අධ්‍යාපන ආයතනයට යවා මේ වන විට මාසයක පමණ කාලයක් ගත වී තිබෙන අතර මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නොමැති බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
විද්‍යාපීඨවල දෙවැනි වසර සිසුන් මෙම මස 13 වැනිදා සීමාවාසික පුහුණුව සඳහා පාසල්වලට යොමු කෙරේ. එසේ යොමු කිරීමෙන් පසු නවක සිසුන් ඇතුළත් කිරීමට නියමිතව තිබූ නමුත් බඳවා ගැනීම් ප්‍රමාදය මත නවක සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලයක් හෝ කිව නොහැකි බව එම නිලධාරියා කීවේය.
පසුගිය 2023 හා 2024 යන වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය කණ්ඩායම් දෙක ම මෙවර ඇතුළත් කර ගැනීමට නියමිත අතර ගැසට් නිවේදනය ප්‍රමාදවීම නිසා ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටින සිසුහු ද අපහසුතාවට ලක්ව සිටිති.
- අරුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..