

පසුගිය මස 25 වනදා “සූම්” තාක්ෂණය ඔස්සේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති සංවාදයක දී සිරිල් ගාමිණි පියතුමන් විසින් දැක්වූ අදහස්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේඉන්තුවට කළ පැමිණිල්ල ප්‍රකාරව ප්‍රකාශයක් ලබා දීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් එහි නිලධාරීන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇති බව ලංකා ලීඩ් උසාවි ආරංචි මාර්ග පවසයි.

කාබනික වගාව නම් වූ පටලැවිල්ල සහ පැවැත්ම පිළිබඳව කළ යුත්තේ කුමක්දැයි දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා විසින් ජනාධිපති කාර්යාලය වටේ කැරකෙමින් ජනාධිපතිතුමාට ලනු දෙන කෘෂි විද්වතුන් යැයි කියා ගන්නා පිරිස් වලට කරුණු සහිතව ප්‍රභල විවේචනයක් එල්ල කර ඇත.

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද එක් රටක් එක් නීතියක් සඳහා වූ සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායේ නායකත්වය බොදු බල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත පිරිනැමීම පිළිබඳව “ලංකා ලීඩ් නිව්ස්” හි විමර්ෂණ ඒකකය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් කරුණු විමසන ලදී. එතුමාගේ අදහස වූයේ එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය රටේ ප්‍රධාන ප්‍රශ්නයක් මගහැර වීමට දෙන ලද කැරට් අලයක් විය හැකි බවයි.
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් ලංකාවේ කොටස් වෙළඳ පොළට දැඩි බලපෑම්
අමාත්‍ය මණ්ඩලය නොදැක අනුමත කළ ගිවිසුම් 7 මෙන්න
ජනපති අනුර කලේ, හිටපු ජනාධිපති රනිල් එකඟ වූ ආරක්ෂක ගිවිසුමට නව එකතුකිරීම් සිදු කිරීමයි - ආරක්ෂක ලේකම් තුයියකොන්නා
කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් කඩා වැටෙයි
ඇමති හදුන්නෙත්ති හොර රහසේ රට පාවා දුන් හැටි ඉන්දියාව එළිදරව් කරයි
එක්සත් ජනපද තීරුබදු වල බලපෑම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව දෙසට හැරේ.
ඉන්දියාව සමග ගැසූ ගිවිසුම් මෙන්න... පුබුදු හෙලි කරයි
ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියේ යටි අරමුණු සහ ශ‍්‍රී ලංකාවට අදාළ භූ දේශපාලන මෙහෙයුම - ජාතික සංවිධාන විග්‍රහයක්
'ජයග්‍රහණය - කොළඹ' සංවිධානයේ 31 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් පැවැත් වෙයි.. ඉන්දීය අගමැති මෝදි සමග අත්සන් කළ ගිවිසුම්වලින් රට බෙදෙන හැටි ගැනත් උත්සවයේදී හෙළිදරව්වක්..
මෝදි අද අනුරාධපුරයට
