පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය විසින් තම වත්කම් හා බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය.
මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ඇතුළු පිරිසක් විසින් නැවත ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට උත්සාහ දරන බවත්, ඔහු සිදුකරන ප්‍රකාශවලින් හා ක්‍රියා වලින් ඒ බව පැහැදිලි වන බවත්, ඒ පිළිබඳව අවධානය යොමුකර මෙම ගැටලුවට මැදිහත් වන ලෙස දන්වමින් ජාතික උරුමය සුරැකීමේ මධ්‍යස්ථානය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
පවතින අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දණගස්වා ඉන්දියාවට අවශ්‍ය තැනට තල්ලුකර ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය ලෙස ශ්‍රී ලංකාව ඈඳා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවත්, 1932 දී ඉන්දියාවේ රාජතාන්ත්‍රිකයන් අතර මෙම සැලසුම පිළිබඳව සංවාදය මුලින්ම ආරම්භ වී තිබූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ප්‍රධාන පුවත්
සියලුම මන්ත්‍රීවරුන්ට අලුත් වාහන දෙනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක
ජෙරොම්ට එරෙහිව තවත් පැමිණිලි බාරගන්නවා - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි
කොළඹ දේශපාලනය හරහා දියත්වන ජාත්‍යන්තර ආක්‍රමණයන් පරාජය කිරීමට දේශප්‍රේමීත්වය පෙරට දමා ජාතික සංවිධාන නැගීසිටිය යුතුයි - ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ (වීඩියෝ)
කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති
මහජන උපයෝගීතා කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා - බලශක්ති ඇමති කියයි
මිනිරන් ආශ්‍රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්‍රිත නවෝත්පාදනයක් වාණිජකරණයට
breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි
වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්
පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය
විදුලි ගාස්තුව අඩු කිරීමේ තීරණය අද