නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාජය වීම අධිකරණ ක්‍රමය ලැබූ ජයක් - Free Lawyers සංවිධානය
Free Lawyers සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
පුවත්පත් නිවේදනය
නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාජය වීම අධිකරණ ක්‍රමය ලැබූ ජයකි
නීතිපති පාරින්ද රණසිංහ මහතා වෙත අස්ථාන චෝදනා, අවලාද සහ අපහාස සිදු කරමින් ඔහු ධූරයෙන් ඉවත් කිරිම සඳහා දැරූ උත්සාහය පරාජය කිරීමට හැකිවීම සතුටට කරුණකි.
මෙම අසත්‍ය චෝදනා හා අවලාදවලට එරෙහිව සෘජුව මැදිහත් වූ Free Lawyers සංවිධානය එම චෝදනාවල ස්වභාවය හා පසුබිම් අරමුණු අනාවරණය කළේය.
මෙම උත්සාහය පරාජය කිරීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් මෙම සමාජ මාධ්‍ය ප්‍රහාර හා විරෝධතා නීතිපති ධුරයේ ස්වාධීනත්වයට එල්ල වූ අසාධාරණ මැදිහත්වීමක් බව ප්‍රකාශ කරමින්, එය නීතියේ ආධිපත්‍යයට හා අධිකරණ ආයතනවල ස්වාධීනත්වයට එල්ල වූ බරපතල ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන තීරණාත්මක විරෝධයක් පළ කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ නීපතිවතිවරයාට පමණක් නොව අප සංවිධානයට ද අපහාස කිරීමට සැලසුම් සහගත ලෙස කටයුතු කර තිබුණි. එසේ නමුත්, බහුතරයක් ජනතාව නීතිපතිවරයා ඉවත් කිරීමට දරණ ලද උත්සාහය වැලැක්වීමට එක්වීම සතුටකි.
දේශපාලන පක්ෂ හා සිවිල් කණ්ඩායම් ද Free Lawyers සංවිධානය අනාවරණයෙන් දින කිහිපයකට පසුව නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරනු ලැබීය. මේ පිළිබඳ අධිකරණ හා නීති කේෂ්ත්‍රයන් හි පාර්ශවකරුවන් රැසක් අප දැරූ ස්ථාවරයට පැමිණීම සතුටට කරුණකි. පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දැක්වූ සියළු දෙනාටත්, මෙම අවනීතික ක්‍රියාවට විරෝධය පළ කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ අනෙකුත් සියළුම සිවිල් සංවිධාන වෙතත්, පුරවැසියන්ටත් අපගේ ස්තුතිය පිරිණමමු.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ද, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ද රජයේ ස්ථාවරය පැහැදිලි කර තිබුණි. නීතියේ අධිපත්‍ය පිළිගනිමින් කටයුතු කිරීම පිළිබඳ ඔවුන්ට ද අපගේ විශේෂ ස්තුතිය පළ කරමු.
කෙසේ නමුත්, පරාජයෙන් කුපිත වූ විදේශගත මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද, එයට සහාය දක්වන මෙරට පිරිසක් ද, දිගින් දිගටම නීතිපතිවරයාටත්, අධිකරණ ආමත්‍යවරයාටත්, අප සංවිධානයේ සාමාජිකයින්ටත් හිතවතුන්ටත් සුපුදුරු පරිදි අපහාස කිරීම අරඹා තිබීම කණගාටුවට කරුණකි.
රටේ ස්ථාපති ආයතන පද්ධතිය ගෞරවය හා විශ්වසනීයත්වය විනාශ කිරීමට කුඩා කණ්ඩායමට කිසිදු ඉඩක් නොතිබිය යුතු බව අපගේ විශ්වාසයයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..