පිලිපීන නාවුක යාත්‍රාව ගිලීමෙන් අවම වශයෙන් 15 දෙනෙකු මියයයි! 28 දෙනෙකු තවමත අතුරුදහන්!
මගීන් 332 ක් සහ කාර්ය මණ්ඩලයේ 27ක් සහිත පිරිසක් රැගත් පිලිපීන නාවුක යාත්‍රාව අද (26) උදෑසන පිලිපීන මුහුදේ ගිලී ගොස් ඇතැයි වාර්තාවේ. අනතුර හේතුවෙන් මේ වන විට අවම වශයෙන් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර, අවම වශයෙන් 43 දෙනෙකු අතුරුදහන් වී ඇති බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය පැවසූ බව මැනිලා ස්ටෑන්ඩර්ඩ් පුවත් පටහ වාර්තා කළේය. මේ අතර චීනයේ සින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ, අනතුරට ලක් වූ පුද්ගලයින්ගේ ජාතිකත්වයන් තවමත් තහවුරු කළ නොහැකි බව පිලිපීනයේ චීන තානාපති කාර්යාලය පැවසූ බවයි.
අන්තර් දූපත් භාණ්ඩ හා මගී නෞකාවක් වන එම්/වී ට්‍රිෂා කර්ස්ටින් 3, පිලිපීනයේ සැම්බෝන්ගා වරාය නගරයේ සිට සුලු පළාතේ දකුණු ජොලෝ දූපතට යාත්‍රා කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් බව පිලිපීන වෙරළාරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් ඒපී පුවත් සේවය වාර්තා කළේය.
යාත්‍රාව පෙරළුණු ස්ථානයට ආසන්නයේ පිහිටි බැසිලන් දූපත් පළාතේ ආණ්ඩුකාර මුජිව් හටමන් ඒපී පුවත් සේවය වෙත පැවසුවේ මගීන් සහ මළ සිරුරු දෙකක් පළාත් අගනුවර වන ඉසබෙලා වෙත ගෙන ආ බවයි.
අද(26) අලුයම බලුක්-බලුක් දූපතේ මුහුදේ වාණිජ මගී යාත්‍රාව ගිලී ගිය පසු පිලිපීන වෙරළාරක්ෂක බලකාය දැවැන්ත සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබේ. පිලිපීන වෙරළාරක්ෂක බලකා නිලධාරීන් පැවසුවේ නෞකාව ඉරිදා රාත්‍රියේ සැම්බෝන්ගා වරායෙන් පිටත් වූ බවයි. එය මුහුදේදී අණතුරට මුහුණ දුන් අවස්ථාව වන විට සුලු හි ජොලෝ වෙත යමින් සිටි බව පිලිපීන මාධ්‍ය ආයතනයක් වන ABS-CBN ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.
පිලිපීන වෙරළාරක්ෂක බලකාය සහ නාවික හමුදාව සහ ධීවර බෝට්ටු සමූහයක් සමඟ බැසිලාන් පළාතෙන් ඔබ්බෙහි සෙවීමේ සහ ගලවා ගැනීමේ උත්සාහයන් සිදු කරන ලද බව AP පුවත් සේවය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..