News Category
From Date
To Date
Maximum Number of Result

2023 වසරේදී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා ඉටුකිරීම අන්ත දුර්වල තත්ත්වයක පවතින බවත් අයවැය යෝජනා අධීක්ෂණය සඳහා කාර්යසාධන බළකායක් ස්ථාපිත කරන බව පැවසුවත් එයද මෙතෙක් පිහිටුවා නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබේ.

ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු ලබාදී ඇති ඖෂධවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් විවිධ ආබාධවලට ලක්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කෝප් කමිටුවේදී හෙළි කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සිදුකළ හෙළිදරව්ව්වෙන් පසු මෙරට ක්‍රිකට් රසිකයන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමන් පවසන්නේ රටේ ක්‍රිකට් තේරීම් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ඔහු මෙවැනි දේ පැවසීම ලැජ්ජා සහගත බවයි.

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බවත්, එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙවර අය වැය මගින් රාජ්‍ය වැවිලි සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මහවැලි ව්‍යාපාරය ආදී රාජ්‍ය ආයතන සතු ඉඩම් ලක්ෂ 3ක ප්‍රමාණයක් බහුජාතික සමාගම් වෙත විකුණා දැමීමට යෝජනා කර ඇති බව ජාතික ගොවිජන ව්‍යාපාරයේ කැදවුම්කරු කරුණාතිලක හේරත් මහතා පවසයි.

ආනයන සඳහා පනවන තීරුබදු නොවන සෙසු බදු සියල්ල ඉවත් කිරීම මගින් ආනයන ජාවාරම්කරුවන්ගේ ලාභය වැඩිවන බව සහ දේශීය නිෂ්පාදකයා තවදුරටත් කඩා වැටෙන බව ජාතික සංවිධාන කියයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ලබා දී තිබේ.

ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන්ගේ 95 වැනි ඡන්ම දිනය නිම්තිකොටගෙන සම්පාදනය කරනු ලැබූ උපහාර ලිපි එකතුව එළිදැක්වීම ඉකුත් 12 වැනි දා ඉරිදා සවස 3:00ට පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙන් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


ප්‍රධාන පුවත්

‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරා කුලිය ලක්ෂ 46යි" - ජනපති (වීඩියෝ)

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට අපට හැකි වුණා.ඒ වගේම අප ලැබූ ජනවරමට වග කියමින් අප රට මෙහෙයවනවා " යැයි ජනාධිපති ඉන්අනුර කුමාර දිසානායක මහතා අද සවස කළුතරදී ප්‍රකාශ කළේය .

වී සඳහා සහතික මිල නියම කිරීමට නොහැකිව ආණ්ඩුව බරපතළ අමාරුවක

ගොවීන් තම නිෂ්පාදන වියදම ලෙස වී කිලෝවක් සඳහා රුපියල් 110-115ක පමණ මිලක් පෙන්වා සිටියදී ඊට අදාළව සහතික මිලක් නියම කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ආණ්ඩුව විශාල ගැටළුවකට පත්ව ඇති බව වාර්තා වේ.

සියලුම මන්ත්‍රීවරුන්ට අලුත් වාහන දෙනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක

සියලුම මන්ත්‍රීවරුන්ට නව වාහන කඩිනමින් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පවසයි.

ජෙරොම්ට එරෙහිව තවත් පැමිණිලි බාරගන්නවා - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි

දේවගැති ජෙරොම්ට එරෙහිව මෙතෙක් සලකා බලා නොමැති තවත් පැමිණිලි පෙත්සම්කරුවන් විසින් නීතිපතිවරයා වෙත යොමු කළ හැකි බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් සහ ස්වාධීන තීරණයක් ගැනීමේදී මෙම පැමිණිලි සමාලෝචනය කරන බවත් නීතිපතිවරයා ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ප්‍රනාන්දු, රටේ ආගමික සහජීවනය පළුදු කරන බවට එල්ල වන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන්.

කොළඹ දේශපාලනය හරහා දියත්වන ජාත්‍යන්තර ආක්‍රමණයන් පරාජය කිරීමට දේශප්‍රේමීත්වය පෙරට දමා ජාතික සංවිධාන නැගීසිටිය යුතුයි - ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ (වීඩියෝ)

දේශපාලකයන්ට කොළඹින් පිට ජාතිකත්වය මත පදනම් වූ ඡන්ද කෝටාවක් ඇති බවත්, එය පවතින්නේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජනතාවගේ හදවතේ බවත්, එහෙත් එම ජාතිකත්ව හැඟීම බලහත්කාරයෙන් යටකිරීමක් සිදුවී ඇති බවත් ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පවසයි.

කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසන්නේ, විදුලි ගාස්තු සහනය ජනතාවට ලබාදීම තීරණය වන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව බවයි. මහජන උපයෝගිතා කොමිසමේ අධීක්ෂණ බලය තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාට යැයිද ඒ අනුව විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීම අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව සිදුවනු ඇතැයිද සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පවසයි.

මිනිරන් ආශ්‍රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්‍රිත නවෝත්පාදනයක් වාණිජකරණයට

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS ) පර්යේෂණයක ප්‍රතිපළ ලෙස සොයාගෙන ඇති දේශීය මිනිරන් බැටරි නිෂ්පාදනයට උචිත ලෙස ඉතාම පිරිසිදු තත්වයට පත්කිරීමේ අඩු වියදම් නව තාක්ෂණ ක්‍රමවේදය හරහා සිදුකෙරෙන නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය, වාණිජකරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ(16) දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ මාධ්‍ය හමුව ඉහත වීඩියෝවෙන් නරඹන්න...

වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්

පසුගිය වසර 02කට ලංකාවේ ජනගහනය 2,64,950කින් පමණ පහළ වැටී ඇති බැව්, ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්ත අනුව පැහැදිලි වන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග පෙරේදා (15දා) කරන ලද සාකච්ඡාවකදී සඳහන් කරන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.