ඇමතිලා ආගමික නායකයන්ට බනින එක හෙළාදකිනවා.. රට කොහෙද මේ යන්නෙ..- අගරදගුරු
ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 78ක් ගතවී ඇතත්, එදා අප දුටු සැබෑ නිදහස පිළිබඳ සිහිනය සම්පූර්ණ කර ගැනීමට මෙතෙක් අප අසමත්ව සිටින බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති.
නිදහස් දින සැමරුම් දේවමෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.
ආගමික නායකයන්ට කරන පරිභවය මෙහිදී විශේෂ අදහස් දැක්වීමක් සිදුකළ කාදිනල් හිමිපාණන්, මෑත කාලීනව රටේ පාලකයින් සහ මැති ඇමතිවරුන් ආගමික නායකත්වය සම්බන්ධයෙන් දක්වන ආකල්පය දැඩි විවේචනයට ලක් කළහ. "ඇතැම් රජයේ ඇමතිවරුන් පවා ආගමික නායකත්වය පරිභවයට ලක් කරමින් කරන ප්‍රකාශ අප විසින් හෙළා දැකිය යුතුයි" යනුවෙන් පැවසූ උන්වහන්සේ, රටේ පොදු ප්‍රශ්න හමුවේ ආගමික නායකයින්ට යමක් කීමට හෝ කිරීමට අයිතියක් නැති පිරිසක් ලෙස සැලකීමේ තියුණු ප්‍රවණතාවයක් පවතින බවද පෙන්වා දුන්හ.
නිදහස ලැබූ අවධියේ විදේශීය නායකත්වය ඉවත් කර මෙරට පාලනය දේශීය නායකත්වයට පැවරුණද, විදේශීය නීති රීති, සම්ප්‍රදායන් සහ ආර්ථික ගමන් මග එලෙසම ක්‍රියාත්මක වූ බව උන්වහන්සේ පෙන්වා දුන්හ. "එදා අපි සෑම දේකින්ම පාහේ ස්වයංපෝෂිතව සිටියත්, අද අපි ඇල්පෙනෙත්තක සිට නැවක් දක්වා සියල්ල පිටරටින් ගෙන්වීමේ පිළිවෙතකට පත්ව තිබෙනවා" යැයි පැවසූ උන්වහන්සේ, නිදහස් වෙළඳ ආර්ථිකය හා ගෝලීයකරණය සැහැසී අයුරින් ඇතුල් කිරීම තුළ දේශීය නිෂ්පාදන ආර්ථිකය සහමුලින්ම බිඳවැටී ඇති බව ප්‍රකාශ කළහ.
ලංකාවේ සභ්‍යත්වය සහ විනය ගොඩනැගී ඇත්තේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් හඳුන්වා දුන් බුදුදහම සහ අනෙකුත් ආගමික වටිනාකම් මත බව සිහිපත් කළ අගරදගුරුතුමන්, එම ආගමික උරුමයන්ට ගරු කිරීම පාලකයන්ගේ වගකීමක් බව පැවසූහ. යුරෝපීය රටවල් ආගම ධර්මය පහත් කරමින්, ආගමක් නැති ශිෂ්ඨාචාරයක් ගොඩනැගීමට උත්සාහ කිරීම නිසා අද එම සමාජයන් දැඩි ලෙස පිරිහී ඇති බවත්, එවැනි විනාශකාරී මාවතක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට උත්සාහ කිරීම අනුවණකමක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
වර්තමානයේ රට පවතින ණය බර සහ ආර්ථික අසහනකාරී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, දේශපාලන නායකයින් කොපමණ පොරොන්දු දුන්නද ජනතාව තවමත් සිටින්නේ ඉතා අවදානම් අඩියක බවයි. තරුණ පරපුර ධන තෘෂ්ණාව තුළ සිරවී සදාචාරාත්මක පරිහානියකට ලක්වීමත්, ජනානුපාතයේ සිදුවන වෙනස්කම් නිසා අනාගතයේදී ජාතීන් අතර ගැටුම් ඇතිවීමේ පෙරනිමිති පළවීමත් පිළිබඳව උන්වහන්සේ අනතුරු ඇඟවූහ.
අවසාන වශයෙන්, අපේ සංස්කෘතියට හා සභ්‍යත්වයට නොගැලපෙන චින්තනයක් වෙනුවට, ආගමික වටිනාකම් රටේ ප්‍රගතියේ මිනුම්දණ්ඩ කර ගන්නේ නම් මීට වඩා හොඳ රටක් නිර්මාණය කළ හැකි බව කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..