අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය යුගයක් ඇරඹීමට සුදානම්.. නිදහසෙන් පසු 78 වසර තුළ ජය පරාජයන් තියෙනවා - ජාතිය අමතමින් ජනාධිපති කියයි
අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ යුතු බවත්, එයට තමා සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
නිදහස් චතුරස්‍රයේ දී අද (04) උදෑසන 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජාතිය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පැරණි අගතීන් මොන තරම් ප්‍රමාණයකට නව මිනිසෙකු ගොඩනැඟීමට දරන ප්‍රයන්තයන්ට බාධා කරන්නේද ඒ සියල්ලට එරෙහිව පරිවර්තනීය කාර්යභාරයක් ඉටුකිරීමට රජය සුදානම් බවත් එයට පොදු ජනතාවගේ සහාය ලැබෙනු ඇති බව තම විශ්වාසය බවත් ය.
අවුරුදු 133ක පීඩාකාරී කොල්ලකාරී, යටත්විජිත පාලනයෙන් 1948 දී ලංකාවට නිදහස හිමිවු බවත්, සියවස් ගණනාවක් පුරා යටත්විජිතවාදයට එරෙහිව අපේ මුතුන් මුත්තන් තමන්ගේ ලේ කඳුළු දාහඩිය මාතෘභූමියට පුජා කළ අතර එය කිසිවිටෙකත් අමතක කළ නොහැකි බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
"අපි ජීවිතේ විවිධ අවදීන්ට මුහුණදෙනවා බොහෝ අය තමන් වෙනුවෙන් අරගල කරනවා. එය සාමාන්‍ය දෙයක් එහෙත් යම් කිසිවෙක් මාතෘභූමිය වෙනුවෙන් ඒ වගේම අනාගත පරම්පරාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් සටන්වදිනවා නම් ඔවුන් සැබවින්ම විරෝධාර විරුවන් බවට පත්වෙන එක වළක්වන්න බෑ."
"අපි අද දෙපය තබාගෙන සිටින මේ මහපොළොව අපේ මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු, අපේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සටන් වැදුණු මුතුන් මිත්තන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් මේ මහ පොළොව තෙත් වෙලා. ඔවුන්ගේ ලේ, කඳුළුවලින් මේ මහ පොළොව තෙත් වෙලා. ඒ නිසා ඔවුන් අපේ හදවත් තුළ වීරත්වයේ ඉහළම අසුනක අසුන්ගෙන සිටිනවා. ඒ නිසා අපේ මව්බිමේ නිදහස හා ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු ඒ සියලු වීරෝධාර වීරවරියන් වීරවරුන් වෙනුවෙන් අපේ උත්තමාචාරය හා ගෞරව පුද කළ යුතුයි."
"අපිට නිදහසේ පරිපූරණත්වය සඳහා වූ සටනක් හා අරගලයක් තියෙනවා. ඒ අරගලය ඇත්තේ අප, ඔබ, මා තුළම බවට මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මෙවර නිදහස් දිනයේ ප්‍රධාන තේමාව වුයේ 'ගොඩනඟමු ශ්‍රී ලංකා'. අපි මේ ශ්‍රී ලංකාව අපේ ස්වාධීනත්වය, අපේ ස්වෛරීයභාවය මත යළි ගොඩනැඟිය යුතුයි. ඒ යළි ගොඩනැඟීමේ දී අපේ සාරය බවට පත්වන්නේ, අප ඉතාමත පෞඩ ඉතිහාසයකට උරුමකන් කියනවා. අපේ මුතුන්මිත්තන් ඒ යුගයට ගැලපෙන අයුරින් ඉතාම ඉහළ තාක්ෂණික දැනුමින් හෙබි බව ඉතිහාස ගත කරුණු අපට පෙන්නුම් කරලා තියෙනවා. අපිට ශ්‍රේෂ්ඨ පෞඩත්වයක්, ඉතිහාසයකට උරුමකන් කියන ජාතියක්. ඒ වගේම මෑත ඉතිහාසයේ මේ සියල්ලන්ගෙන්ම බැහැර කළ යුතු කරුණු බොහෝමයක් තියෙන අතර, අපි අත්පත් කරගත යුතු සාධනීය ලක්ෂණ රැසක් තියෙනවා. අප ශ්‍රී ලංකාව ගොඩනැඟිය යුතු මාවත වන්නේ, අපේ මාතෘභූමිය සමඟ තිබෙන අයින්ද්‍රීය සබඳතාවයන් අපේ ජාතිය ගොඩනැඟීමේ දී ඉතිහාසය විසින් එක්කර තිබෙන මහාසාරය මේ මහ පොළොව මත යළි ප්‍රතිෂ්ඨාපනය කරන මාවත තමා අපේ ආර්ථිකය ගොඩනඟන මාවත ලෙස තෝරාගන්නේ. එය හුදු මාතෘභූමියේ අක්මුල් සිඳින ලද, අපේ ජාතියේ සාරය කෙළෙසන ලද ආර්ථික සංවර්ධන මාවතක් නොවේ. අපේ මාතෘභූමියේ, ජාතියේ සාරය ඒ මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟෙන මාවතට අපි අවතීර්ණය විය යුතුයි."
"නිදහසෙන් පසු 78 වසර තුළ ජය පරාජයන් තියෙනවා. හොඳ තියෙනවා නරක තියෙනවා. අපි කිසිසේත්ම නරක දේ බැහැර කිරීමට පැකිලෙන්නේ නෑ. ඒ වගේම හොඳ දේ උකහා ගන්න බිය වන්නේ නෑ. ඒ නිසා අතීතයේ සාරවත් දෙය මත මේ රාජ්‍ය, ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වගකීම අප, ඔබ,මා සතු බව විශ්වාස කරනවා."
"අපේ මානව සම්පත ලෝකයේ ඕනෑම දියුණු ජාතියක් සමඟ උරින්උර ගැටී සෑම අතින්ම සම්පූර්ණ මානව සම්පතක් බවට පරිවර්තනය කළ යුතුයි. නොදැනුවත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතිය. බෙඳීම වෙනුවට සමගිය පෙරදැරි කරගත් නව මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. එහිදී කලාව, සාහිත්‍ය, ඉතිහාසය මෙන්ම නව තාක්ෂණය, අධ්‍යාපනය මේ මානව සම්පත දියුණු කිරීමේ දී වැදගත්. අපේ රටේ දියුණු මානව සම්පතක් ගොඩනැඟීමට දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා අපි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සුදානම්. පැරණි අගතීන් මොනතරම් ප්‍රමාණයට එම නව මිනිසා ගොඩනැගීමට දරන ප්‍රයන්තනයට බාධා කරන්නේ නම් ඒ සියල්ලට එරෙහිව පරිවර්තනීය කාර්යභාරය ඉටුකිරීමට අපි සුදානම්. එයට මේ රටේ පොදු ජනයාගේ සහාය ලැබෙන බව මා විශ්වාස කරනවා."
"මානව ශක්තිය ප්‍රධාන ශක්තියක් වන බව ඇත්ත. ඒ ශක්තිය රඳා පවතින්නේ අපේ සමගිය මත පමණයි. අපි බිඳුනොත් අපේ ශක්තිය දුබල වෙනවා. එකිනෙකා කෙරෙහි වෛරය නිර්මාණය වුවහොත් අපේ ප්‍රධානතම ශක්තිය දුබල වෙනවා."
"අපේ ශබ්ද කෝෂයේ ඇති අවලස්සනම වචන දෙක ජාතිවාදය හා අන්තවාදයයි. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ දෙකෙන් සිදුවිය හැක්කේ අපි සතු ශක්තිය ස්වයං ලෙසම විනාශ කර ගැනීම හා දුබල කරගැනීමයි. අපි අපේ රටේ කිසිදු ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩනොදෙන බවත්, ජාතික සමගිය අපේ රටේ ගොඩනඟනවා."
"ශ්‍රී ලංකාව ගොඩනැංවීමේ දී ගොඩනඟමු ශ්‍රී ලංකා කියන තේමාවට පණ ලැබෙන්නේ නීතියේ ආධිපත්‍ය නිසිලෙස තහවුරු කිරීමෙනි."
"අපේ රට යළි ජාත්‍යන්තරය තුළ ශ්‍රේෂ්ඨ ජාතියකින් හෙබි ගෞරවනීය රාජ්‍යයක් බවට පත්කිරීම ඉතාම වැදගත් සාධකයක්. මේ කුලුනු මත අපේ රාජ්‍ය ගොඩනැඟිය හැකියි. නීතිය නොමැති තැනක, සමගිය නොමැති තැනක, යහපත් ජාත්‍යන්තර සබඳතා නොමැති තැනක, පරිසර පද්ධති විනාශ වූ තැනක, සමාජය අයහපත් වූ තැනක සංවර්ධනය යන බීජය ගොඩනඟමු යන තේමාව යථාර්ථයක් කළ නොහැකිය. ඒ නිසා අපේ අධිෂ්ඨානය විය යුත්තේ අපේ රට ගොඩනැගීමට අවශ්‍ය පදනම නිර්මාණය කිරීම. ඒ කුලුනු මත අපි ශක්තිමත් නොසැල්වෙන ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි."
මූලාශ්‍ර - අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..