ඉන්ධන හිඟයෙන් වී අස්වනු නෙළීමේ කටයුතුවලටත් බලපෑම්..
ඉන්ධන හිඟය නිසා වී අස්වනු නෙළීමේ කටයුතුවලටත් බලපෑම් සිදුවෙමින් තිබෙන බවත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වෙත අස්වනු නෙළන යන්ත්‍ර රැගෙන ගොස් ඉන්ධන ලබා ගැනීමට සිදුව තිබෙන බවත් ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබූ බවත් මීට අමතරව සමහර ඉන්ධන පිරවුම්හල්වලින් බූලිවලට ඉන්ධන ලබා නොදීම නිසා වී අස්වනු නෙළන යන්ත්‍රවලට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට නොහැකි වූ බව ද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසයි.
පසුගිය දිනවල ඇති වූ වැසි තත්ත්වය නිසා අස්වනු නෙළීමේ කටයුතුවලට දැඩි ලෙස බාධා සිදුවූ බවත් මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ඉන්ධන හිඟයක් මතුවීමෙන් අස්වනු නෙළා ගැනීමට නොහැකි වී තිබෙන බවත් ඔහු සඳහන් කළේ ය.
වර්ෂා තත්ත්වය නිසා වී ඇට පොළොවට වැටී නැවත පැළවීම් සිදුව තිබෙන බවත් අධික ලෙස වියළී තිබෙන ගොයම් නිසි අවස්ථාවේදී අස්වනු නෙළා ගැනීමට නොහැකි වුවහොත් වී ඇට පොළොවට හැලෙන බව ත් ඒ තුළින් ද ගොවීන්ට විශාල පාඩුවක් සිදුවන බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.
මේ නිසා කෝටා ක්‍රමයක් යටතේ හෝ අස්වනු නෙළන ප්‍රදේශවල පිහිටි අස්වනු නෙළන යන්ත්‍ර සඳහා ඉන්ධන ලබා දීමට කඩිනමින් වැඩපිළිවෙළක් සකස් විය යුතු බව ත් මෙවර කන්නය ආරම්භයේදී ඇති වූ ආපදා තත්ත්වය නිසා සැලකිය යුතු කුඹුරු ප්‍රමාණයකට හානි සිදුවී තිබෙන නිසා මාස් කන්නයේ අස්වැන්න අඩු වන බවත් පැවසීය.
පවතින ඉන්ධන අර්බුදකාරි තත්ත්වයත් සමග පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ වී අස්වනු නෙළීමේදී යන්ත්‍රසූත්‍ර හිමිකරුවන් අක්කර දෙකහමාරක වී අස්වනු නෙළීම සඳහා රුපියල් 45,000- 50,000ත් අතර මිලක් අය කර ගැනීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ සහ ගොවීහු සඳහන් කරති.
මීට පෙර කන්නවලදී එම යන්ත්‍රසූත්‍ර හිමිකරුවන් අක්කර දෙකහමාරක වී අස්වනු නෙළීමට අය කරනු ලැබුවේ රුපියල් 40,000ක පමණ වැනි මිලක් බව ත් මෙවර ඔවුන්ට පවතින ඉන්ධන අර්බුදය සහ ඉන්ධන ලබා ගැනීමේදී මුහුණ පා ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් රුපියල් 45,000ත් 50,000ත් අතර මිලක් අය කර ගැනීමට කටයුතු කිරීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවත් ගොවීහු කියති.
- මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..