News Category
From Date
To Date
Maximum Number of Result

“ඩේලි නිවුස්” පුවත් පතේ අද (අප්‍රේල් 19) දින ශ්‍රී ලාංකික කුලී හේවායන් රුසියානු යුක්‍රේන යුද්ධයට රුසියානු පාර්ශවය නියෝජනය කරමින් කුලී හේවායන් ලෙස සටන් පෙරමුණේ සිටින්නේ යැයි ගයාන් කුමාර වීරසිංහ විසින් සම්පාදනය කර ඇති ලිපියේ කිසිදු සත්‍යතාවයක් නැති බව අපි අවධාරණය කරමු. එනම් රුසියානු පාර්ශ්වයෙන් යුක්රේන ගැටුමට ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වය පිළිබඳ තොරතුරු හෝ ඔවුන්ගේ සහභාගිත්වය සම්බන්ධයෙන් වන සංඛ්‍යා දත්ත කිසිවක් තානාපති කාර්යාලය සතුව නොමැත. එලෙසම ඔවුන්ගේ සැබෑ ස්වභාවය මුළා කරමින් යුද කටයුතුවලට සම්බන්ධ වීමට ශ්‍රී ලාංකිකයන් බඳවා ගන්නා දේශීය නියෝජිතායතනයක් සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය කිසිවක් නොදනී. ගයාන් කුමාර වීරසිංහ විසින් “ඩේලි නිවුස්” පුවත් පතට රචිත “ජනප්‍රිය ටෙලි නිළියන් කුලී හේවායන් බඳවා ගත් බව” අනාවරණය කරන ලිපියෙන් දැක්වෙන පරිදි, සටන් පවතින කලාපයෙන් පලා ගිය බව කියන කෝප්‍රල්වරයෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් වන තොරතුරු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි. රුසියාවේ භූමිය තුළ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බල සීමාව යටතේ පවතින බව අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු.

එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි රාජ්‍යයක් ලෙස පලස්තීනය පිළිගත යුතු බවට ගෙන ආ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල යෝජනාවක් නිශේධ බලය යොදා පරාජය කිරීමට අමෙරිකාව කටයුතු කර ඇත.

සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 4ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

අමෙරිකානු ආධාර සංවිධානය විසින් මෙහෙයවනු ලබන රාජ්‍ය නොවන සංවිධානවල උවමනාව මත ගෙන එන බවට චෝදනාවට ලක්වී ඇති ස්ත්‍රී- පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ජාතික සංවිධානවල මතය කුමක්දැයි ලංකා ලීඩර් විමසන ලදී.

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන බලවේගය පවසයි.

අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා සිදුකරන පර්යේෂණ කණ්ඩායමකට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක වන පියුමි විජේසේකර තෝරා ගෙන ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.