News Category
From Date
To Date
Maximum Number of Result

‘මාලිමාව මං බලන්නම් ඔයගොල්ලෝ සජබ ගැන බලන්නම්’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා කිහිපයකදීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පිරිසට පවසා ඇති බවත්, සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය පිළිබඳව එම මන්ත්‍රී පිරිස ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථා කිහිපයකදී මෙම පිළිතුර ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති හා අග්‍රාමාත්‍ය ධුරයන් බෙදාගෙන තරග කිරීමට යෝජනාවක් එක් ප්‍රධාන පක්ෂයකින් ලැබී ඇති බවය.

ඉතාලියේ පලවූ ප්‍රවෘත්ති වාර්තාවකට අනුව ඉතාලි ආරක්ෂක සේවා රෝමයේ "නිල නොවන" මුස්ලිම් යාඥා මධ්‍යස්ථාන 53ක් සම්බන්ධයෙන් නිරීක්ෂණ කටයුතු අරඹා ඇතැයි පැවසේ. ඉතාලියේ අගනුවර වෙත සංක්‍රමණය වන මුස්ලිම් සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ යාඥා කිරීමට අවශ්‍ය අවකාශයන් වැඩි වී ඇතැයිද එම වාර්තාව පවසයි. ඒ අනුව ගබඩා, ගරාජ, මහල් නිවාස සහ ගොඩනැගිලිවල බිම් මහල් වල යාඥා මධ්‍යස්ථාන විවෘත වන්නට පටන් ගෙන තිබේ. මෙම යාඥා මධ්‍ය්ස්ථාන වලින් සමහරක් නීතිමය වශයෙන් ගත් කළ නීති විරෝධී වුවද බලධාරීන් ඒවා දෙස නෑසූ කන්ව සිටීමට කටයුතු කරති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ දැනුවත් කිරීමකින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු වලට රුපියල් කෝටි 32කට අධික මුදලක් වෙන්කර තිබේ.

අත්දැකීමක් හා විදේශ සබඳතාවක් නැති, යුද්ධය මොහොතෙදිත් රටෙන් පිට වී මඟ හැර හිටපු කෙනෙකුට දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාවගේ ඉරණම විසඳීමට භාරදීමට කාදිනල්තුමා මැදිහත් වීමත් රට අරාජිකවීමට බලපෑ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා මාර්තු මස 25 වෙනි දින තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනු කර තිබේ.

මෙරට ආදිතම මානව වැසියන් ලෙස සළකනු ලබන ශ්‍රී ලංකාවේ වැදි ජනතාවට ඉන්දියානු ගෝත්‍රික ජන කණ්ඩායම් පහක් සමඟ සමීප ජානමය බැඳීම් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ප්‍රමිතියෙන් තොර වෛද්‍ය සැපයුම් නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට හා සාමාන්‍ය මහජනතාවට මුහුණ පෑමට සිදු වූ බරපතළ තත්ත්වයට වගකිවයුතු අමාත්‍ය මණ්ඩලය ඇතුළු අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.