දේශපාලඥයන්ගේ නම් කියන්නැයි අල්ලස් කොමිසමේ ප්‍රධානියා බලපෑම් කලා.. - කපිල චන්ද්‍රසේනගෙන් අධිකරණයට මෝසමක්..
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ මෝසමක් ඊයේ (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා ඉදිරියේදි.
මෙම මෝසම සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් විවෘත අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සඳහන් කළේ, ඊයේ (12) දින අල්ලස් කොමිසම විසින් සිය සේවා දායකයාගේ ප්‍රකාශයක් සටහන් කරගන්නා අවස්ථාවේදී එම කොමිසමේ ඉහළ නිලධාරියෙක් තම සේවාදායකයාට බලපෑම් එල්ල කර ඇති බවයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාට සවිස්තරාත්මක කරුණු දැක්වීමට දිනයක් ලබා දෙන ලෙසට ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙය ඇප ඉල්ලීමක් නොවන බැවින් අදාල කරුණු සැලකිරීම ස්ථිර මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුකර ලෙසයි. ඒ අනුව එම සිද්ධිය ලබන 19 වැනිදාට යළි කැදැවීමට අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණි.
නිතීඥ උදාර මුහන්දිරම්ගේ විසින් මෙම මෝසම අධිකරණය හමුවේ ගොනු කර තිබුණා. එම මෝසමට අනුව, සිය සේවාදායකයා අල්ලස් කොමිසමේ ප්‍රකාශයක් ලබා දෙන අතරතුරදී දිවා ආහාරය සඳහා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පිටව ගිය අවස්ථාවේදී නිලධාරින් විසින් ඔහුව වෙනත් කාමරයකට රැගෙන ගොස් ඇති බව සඳහන් වෙයි.
ඒ අනුව එහි සිටි එහි සිටි අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක තම සේවාදායකයාට බලපෑම් සිදු කරමින් දේශපාලකයින්ගේ නම් සඳහන් කරන ලෙසට දැනුම් දී තිබූ බව එම මෝසමේ දක්වා තිබේ.
මේ නිසා අදාල ප්‍රකාශයට ඇතැම් පුද්ගලයින්ගේ නම් ඇතුළත් කිරීමට සැකකරුට සිදුවූ බවත් එහි සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..