News Category
From Date
To Date
Maximum Number of Result

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව (NTB) විසින් ශ්‍රී ලංකා HSBC ශාඛාවේ සිල්ලර බැංකුකරණ ව්‍යාපාරය මිලදී ගැනීම සඳහා විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹී ඇති බව නිවේදනය කරයි.

මීට දින කිහිපයකට පෙර සීනිමෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් දැවැන්ත මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වූ සිද්ධියේ ප්‍රධාන චූදිතයෙකු වන, පසුව රෝහලේදී මියගිය පුද්ගලයාගේ පුත්‍රයා, පොලිස් පරීක්ෂණ හමුවේ තීරණාත්මක කරුණු රාශියක් හෙළි කර ඇත. මෙම තරුණයා දැනට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

යුක්රේන හමුදා පසුගිය මාසවලදී ක්‍රමයෙන් බිම ඇද වැටෙමින් තිබියදීත්, සටනට වසර තුනකට පසුව රුසියාව සමඟ ගැටුමේදී කියෙව්ට තවමත් ජය ගත හැකි බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශය එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ මතයේ තියුණු වෙනසක් සනිටුහන් කරයි.

චීනයේ ප්‍රහාරක ගුවන් යානා ගොඩ බැස්සවිය හැකි පළමු විද්‍යුත් චුම්භක කැටපෝල්ට් සහිත නෞකාව වන ෆුජියන් නෞකාව J-15K බර ප්‍රහාරක ජෙට් යානය , J-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානය සහ KJ-600 පූර්ව අනතුරු ඇඟවීමේ ගුවන් යානය සඳහා පළමු කැටපෝල්ට් ආධාරයෙන් ගුවන්ගත කිරීම සහ අත්අඩංගුවට ගත් යානා ගොඩබෑමේ පුහුණුව පැවැත්වීමෙන් දැවැන්ත ඉදිරි පිම්මක් අත්කරගත් බව බව චීන මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාව පසුගිය 22 දා නිවේදනය කළේය.

අගමැති ෂර්මා ඔලිට ඉල්ලා අස්වීමට බල කළ නේපාලයේ මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන්, නොසන්සුන්තාව පිටුපස දේශීය දුක්ගැනවිලි හෝ බාහිර බලපෑම් තිබේද යන්න පිළිබඳව මේ වන විට විවාදයක් ඇති වී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිව පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල ගුරු පුහුණුව ලබාදෙමින් ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසීය.

හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවොත් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතය.

සෘණ අගයක තිබූ ආර්ථිකයක වසර 2ක් තුළ සියයට 5ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත්ත ද අද වන විට එම හැකියාව මොටකරගෙන ඇති බව මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.