News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත නවතම පර්යේෂණාත්මක කෘතිය වන "රාම රාවණා සහ විභීෂණ" කෘතිය ජනගත කිරීම මැයි මස 16 වැනි දා සවස 3 ට කොළඹ 07, ලයිට්හවුස් ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු සිවු දෙනා සම්බන්ධයෙන් එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශ දෙක මෙන්ම ඔහුගේ නිවසේ පටිගත වී ඇති සිද්ධියට පාදක වූ සී.සී.ටී.වී. දර්ශනවලින් අනාවරණය වන තොරතුරු එකිනෙකට පරස්පර වන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10දා) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නේය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.

රටපුරා කතාබහට ලක්ව ඇති, මෙරට හිටපු හමුදා සෙබලුන් වංචනික ලෙස රුසියානු හා යුක්‍රේන හමුදාවට බඳවා ගැනීමේ සිදුවීම පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ රණවිරු පවුර සංවිධානය මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් සිදුකරන ලදී.

ඩයනා ගමගේ මහත්මියගේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම ඉදිරිපත් කළ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කර ඇති බව යි.

සමගි ජන බලවේග පක්ෂයේ බලය ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන සේනක ද සිල්වා මහතා සඳහන් කරයි.

පවතින අරාජිකත්වය අවසන් කිරීම සඳහා ජනතාව සන්නද්ධ විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය විධායක සභික කේඩී ලාල් කාන්ත මහතා පවසයි.

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය.


ප්‍රධාන පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.