News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර වුවහොත් මෙරට සුළු ජන කණ්ඩායම්වල සාමාජිකයන්ට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳව ඇමෙරිකාව දරන මතය තමන්ද දරන බවත් ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය ලෙස තේරී පත්වීමට නම යෝජනා වී ඇති එළිසබෙත් කේ හෝර්ස්ට් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

රට පත්ව ඇති අරාජික තත්ත්වය හමුවේ රට ඩැහැගැනීමට බලාසිටින විදේශීය බලවේග ඉතා සූක්ෂමව මේ රට තුළ තමන්ට අවශ්‍ය ආධිපත්‍යය නිර්මාණය කරගනිමින් සිටින බවත්, ලංකාවේ සුවිශේෂී පිහිටීම මෙම ලෝක බලවතුන්ට ඉතා වැදගත් නිසා ඉතිහාසය පුරා විටින්විට මෙරටට විවිධ අභියෝග එල්ල වූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අරගලයේ අභිලාෂයන් අරමුණු කරගත් වාමාංශික වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නැති පුද්ගලයන් දස දෙනෙකු පමණ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුර දරමින් රැදී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියෝ සඳහන් කරති.

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද වන විට සමගි ජන බලවේගයට සියලු පාර්ශ්වයන් බිය වී සිටින බවත්, එමනිසා සියලු විරුද්ධ පාර්ශ්වයන් එක් වී සමගි ජන බලවේගයට එරෙහිව කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් සිටින බවත් එම සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඇමරිකානු මාධ්‍යවේදී ටකර් කාසන් (Tucker Carlson ) විසින් ඉහල පෙලේ රුසියානු දාර්ශනිකයෙකු සහ දේශපාලන විචාරකයෙකු වන ඇලෙක්සැන්ඩර් ඩුගින් (Alexander Dugin ) සමඟ කළ විනාඩි 20 ක රූපවාහිණී සම්මුඛ සාකච්ඡාව මේ වන විට ඔහුගේ යූ ටියුබ් චැනලය වෙත නිකුත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම සඳහා අමෙරිකානු සමාගමක පිරිසක් කැඳවා ඇති බව වාර්තා වේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත නවතම පර්යේෂණාත්මක කෘතිය වන "රාම රාවණා සහ විභීෂණ" කෘතිය ජනගත කිරීම මැයි මස 16 වැනි දා සවස 3 ට කොළඹ 07, ලයිට්හවුස් ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.


ප්‍රධාන පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.