ඉන්ධන අර්බුදය නිසා Online ඉගැන්වීමට තීන්දුවක් ගැනීමට යයි..
පවතින බලශක්ති ගැටලු හමුවේ පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ වැටීම වැළැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත.
මේ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා කරුණු පැහැදිලි කළේය.
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිරාකරණය කරගැනීම උදෙසා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ එළඹෙන සතියේදී 'සූම්' තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත.
එහිදී ප්‍රධාන වශයෙන් නව අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීම්, ක්‍රියාත්මක වෙමින් පවතින විශ්වවිද්‍යාල ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය, නේවාසිකාගාර පහසුකම් සම්බන්ධයෙන් පවතින දැඩි අර්බුදය සම් බන්ධයෙන් අවධානය යොමු කෙරෙයි.
නේවාසිකාගාර හිඟයට කඩිනම් විසඳුම් ලෙස දිවයින පුරා අලුතින් නේවාසිකාගාර 55ක් ඉදි කිරීමට රජය පියවර ගනිමින් සිටී. එසේම, සිසුන්ට අවශ්‍ය ගෑස් සැපයුම අඛණ්ඩව ලබා දීමටත්, පර්යේෂණාගාර කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට විදුලි උත්පාදක යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන කෝටාවක් වෙන් කිරීමටත් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇත.
ඉදිරි අධ්‍යයන කටයුතු සිදුකරන ආකාරය (සෘජු දේශන හෝ මාර්ගගත ක්‍රමය) පිළිබඳව ඉදිරියේදී නිශ්චිත තීරණයක් ගැනීමට නියමිතය. මෙහි මූලික අරමුණ වන්නේ අනවශ්‍ය සංචරණ සීමා කරමින් බලශක්තිය පිරිමසා ගැනීමයි.
බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස පාසල් සඳහා ද දැඩි සීමා පනවා ඇත. අධ්‍යාපන චාරිකා සහ විශාල පිරිසක් සහභාගී වන උත්සව තාවකාලිකව අත්හිටුවා ඇති අතර පාසල් බස් රථ සහ අනෙකුත් වාහන භාවිතය අවම කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..