News Category
From Date
To Date
Maximum Number of Result

රණවිරු ජනපවුර විසින් මේ මස 08 වන දින රණවිරුවන් දඩයම් කිරීමට සුදානමින් ඉදිරිපත් කල ජිනිවා යෝජනා වලට එරෙහිව මහජන පෙත්සමට අත්සන් එකතු කිරීමේ පසුගිය 2025.09.01 දින ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදි සිදුකරනු ලැබුවේ ජාතික සංවිධාන නියෝජිතයින් සහ විශ්‍රාමික රණවිරුවන්ගේ ප්‍රධානත්වයෙනි.

ඕස්ට්‍රේලියානු ජන සමාජය පරස්පර විරෝධීතාවන්ගෙන් පිරී පවතින මිනිස් සමාජයකි. තවමත් බොහෝ දෙනෙක් "පදිංචිකරුවන්ගේ ජනපදයක්" ලෙස ඕස්ට්‍රේලියාව හඳුන්වනු ලබයි. එහෙත් ගෝලීය දකුණේ ජනතාව ඕස්ට්‍රේලියාව "අධිරාජ්‍යවාදය" විසින් යටත් කර ඇති රටක් ලෙස හඳුන්වයි.

තායිවාන කලාපීය නායක ලායි චිං-ටේ චීනයේ චීන ජයග්‍රාහී දින සැමරුම් අවඥාවට ලක් කරමින් කළ ප්‍රකාශ, ප්‍රධාන භූමියේ සමාජ ක්‍රමයට සැඟවුණු පහරක් එල්ල කරමින්, ජාතික ගෞරවය පිළිබඳ හැඟීමක් පාවා දී, යුක්තිය සහ හෘදය සාක්ෂිය නොසලකා හැර, සමුද්‍ර සන්ධියේ දෙපස වෙසෙන ස්වදේශිකයන්ගේ හැඟීම් බරපතල ලෙස තුවාල කර, ඊනියා "තායිවාන නිදහසට" මුවා වී සිටින බෙදුම්වාදීන්ගේ කැත මුහුණ සහ නපුරු ස්වභාවය හෙළිදරව් කළ බව රාජ්‍ය කවුන්සිලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා අද(04) ප්‍රකාශ කළේය.

විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින නිල නිවස කොළඹ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (Cඓඪ්) මූලස්ථානය සඳහා ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙන බව මාධ්‍ය වාර්තා පවසයි.

1990 දශකයේ මැද භාගයේ නිවර්තන කලාපීය රටවල ඇරඹුණු කෘෂිකාර්මික වකුගඩු රෝගය රෝගී ජීවිත ලක්ෂ ගණනක් බිලිගන්නා ලදි. ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි රටවල වී වගා කරන ගොවීන් අතර ද මධ්‍යම ඇමෙරිකානු රටවල් වන කොස්ටරිකාව, එල් සැල්වදෝරය, නිකරගුවා, ගෝතමාලාව වැනි රටවල උක් වගා කරන ගොවීන් අතර ද මෙම රෝගය බහුලව දක්නට ලැබිණි. රෝගයට හේතු කාරක කවරේද යන්න වසර පහළොවකට වැඩි කාලයක් අභිරහසක්ව පැවතුණද 2012-16 කාලයේ ශ්‍රී ලාංකිකයින් පර්යේෂකයන් පිරිසක් රෝගයට මූලික හේතුව ගොවීන් යොදාගන්නා කෘෂි රසායන කිහිපයක් බව නිශ්චිත වශයෙන් පෙන්වා දෙන ලදි.

මෙවර 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු සීමාවන් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වෙනි සැසිය මේ සතියේ ආරම්භ වීමට නියමිත බවත්, මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සහ කැනඩාව සූදානම් වන බවත් ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.

සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතා ම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා කලවාන ප්‍රාදේශීය සභාවේ පොතුපිටිය කොට්ඨාශ නියෝජිත ප්‍රාදේශීය සභා මන්ත්‍රි හා ජනක සේනාරත්න මන්ත්‍රිවරයා ගේ පෞද්ගලික ලේකම් නාමල් ප්‍රේමරත්න එක් ව නීති විරෝධී සැලැසුමක් සකස් කර ඇති බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යක්කල කාර්යාලයට පහර දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මැරයන් බව රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි පවසයි.


ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නීති විරෝධීව රඳවාගෙන වධ හිංසා පැමිණවීමට එරෙහි විරෝධතාව සහ සත්‍යග්‍රහය දෙවන දිනටත් අද දිනයේ ක්‍රියාත්මක වේ.

සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී ඔහුට අමානුෂික අන්දමින් සලකා ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

විපක්ෂය ද ලණු දී ආණ්ඩුවට යන ගමන යන්නට ඉඩදී බලා සිටින බවත්, සියල්ල අවුල් කරගන්නා තැනට පත්වන තෙක් ඔවුන්ද බලාසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.