News Category
From Date
To Date
Maximum Number of Result

උද්ධමනය පුරෝකථනය කළ මට්මට වඩා ඉහළ යෑම සඳහා අවදානම් කිහිපයක් හේතු විය හැකි බව මහ බැංකුව පවසයි.

මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම යනු රටේ ජාතික ආරක්ෂාව සහ රාජ්‍යයේ පැවැත්ම බිඳවට්ටමින් දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් ඉටු කිරීම සඳහා දියත් කර ඇති “දේශපාලන මෙහෙයුමක්” බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (27) ප්‍රකාශ කළේය. බත්තලමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අවධාරණය කළේය.

ඊයේ (26) දින එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලියාපදිංචි නාවික යාත්‍රාවක සිටි පුද්ගලයින් 10 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් ත්‍රස්තවාදී අරමුණු සඳහා කියුබාව ආක්‍රමණය කිරීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියුබා ජනරජයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩෙස් ද කොසියෝ පවසන්නේ මෙය හුදකලා සිද්ධියක් නොවන බවත්, වසර 60 කට වැඩි කාලයක් කියුබාව ආක්‍රමණශීලීත්වයට සහ ගණන් කළ නොහැකි ත්‍රස්තවාදී ක්‍රියාවලට ගොදුරු වී ඇති අතර, ඒවායින් බොහොමයක් එක්සත් ජනපදය විසින් සංවිධානය කර, අරමුදල් සපයා සහ සිදු කර ඇති බවත් ය.

යුද හමුදාව යාපනයේ ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපාර කටයුත්තකට මහ ජනතාවට සහභාගී විය නොහැකි බවට නීතියක් පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාව සම්මත කරගෙන තිබේ.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ එමඟින් රටට සිදුව ඇති පාඩුව පිළිබඳ විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සිංහල බෞද්ධ ජනතාව ජාතිවාදීන් ලෙස ලේබල් අලවමින්, දෙමළ ඩයස්පෝරාව සතුටු කරමින් වර්තමාන ආණ්ඩුව යන ගමන තුළ මෙතෙක් ජනාධිපතිවරු 8 දෙනෙකු නොකළ දේ සිදුකිරීමේ අනතුර ඇති බවත්, එම අනතුර පෙන්වාදෙමින් ජනාධිපතිවරයාට ජාතික සංවිධාන විසින් පෙත්සමක් ද භාරදීම සිදුකළ බවත් දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයතනික විනය කාර්ය පටිපාටිය උල්ලංඝනය කරමින් දූෂිත ඉහළ නිලධාරීන් නිදහස් කර සුළු සේවකයින්ට දඬුවම් ලබාදීමට සැරසෙන බවට හෙළි කරමින් ගුවන් සමාගමේ කර්ය මණ්ඩලය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව නැවත වරක් අත්අඩංගුවට ගැනීම් සිදුවෙමින් ඇති පසුබිමක මෙවර සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ පාස්කු ප්‍රහාරය මාසය ලංවන විට මොනවා හෝ සංදර්ශනයක් පෙන්වා කතොලික සභාව සතුටු කිරීම සඳහා පමණක් නොව මෙවර දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව පිනවීම සඳහා ද කටයුතු සිදුවෙමින් පවතින බව ය.

ග්‍රාම නිලධාරීවරුන්, තාක්ෂණික නිලධාරීන් සහ ආපදා සහන සේවා නිලධාරීන් අද (27) සිට සියලු‍ ආපදා සහන කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.


ප්‍රධාන පුවත්

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.