මාලිමා සභාපතිට ඩීසල් මුදල් වංචා චෝදනා.. හූ හඬ මැද පිටව යයි..
ජාතික ජන බලවේගය බලය හොබවන බියගම ප්‍රාදේශීය සභාවේ පැවැති සභා වාරය දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගත් අතර, එල්ල වූ මූල්‍ය වංචා චෝදනා හමුවේ සභාපතිවරයා සභාවෙන් පිටව ගියේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය සහ "හූ" හඬ මධ්‍යයේය.
මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ සභාවේ වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේදී රුපියල් ලක්ෂ ගණනක මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවයි.
මුදල් කමිටු වාර්තාවල දැක්වෙන දත්තයන්ට අනුව, එක් අවස්ථාවක රුපියල් 712,372ක් ලෙස සටහන්ව තිබූ බිල්පතක නියමිත එකතුව රුපියල් 302,902ක් පමණක් වන බවත්, එහි රුපියල් 409,000කට අධික වංචාවක් සිදුව ඇති බවත් ඔවුහු අනාවරණය කළහ. තවත් අයිතම 38ක් සඳහා ඉදිරිපත් කර තිබූ රුපියල් 754,268ක බිල්පතක නියමිත එකතුව රුපියල් 373,799ක් වන අතර, එහි රුපියල් 380,469ක අතිරික්තයක් පෙන්වා දී ඇත.
සභාවට අයත් නොවන පෞද්ගලික වාහන සඳහාද මෙලෙස මහජන මුදලින් ඉන්ධන ලබාගෙන ඇති බවට විපක්ෂය මෙහිදී චෝදනා කළේය.
මෙම මූල්‍ය පාලනයන් සභාපතිවරයාගේ ඥාති පුත්‍රයෙකු (අක්කාගේ පුතා) වන ශසංක නැමැති නිලධාරියෙකු විසින් මෙහෙයවන බවත්, ඔහු සභාවේ අනෙකුත් නිලධාරීන් පාලනය කරන බවත් මන්ත්‍රීවරු හෙළි කළහ.
මීට අමතරව, පුස්තකාල සඳහා පොත් මිලදී ගැනීමේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට අයත් පොත්හල්වලින් පමණක් පොත් ලබාගන්නා බවටත් විපක්ෂය චෝදනා එල්ල කළේය.
සභාවේ ලේකම්වරියද මෙම අක්‍රමිකතාවලට හවුල් වී ඇති බව පවසමින්, වසර ගණනාවක් එම තනතුරේ රැඳී සිටින ඇය වෙනුවට නව නිලධාරියෙකු පත් කරන ලෙස මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..