News Category
From Date
To Date
Maximum Number of Result

රුසියානු හමුදා ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ නිව් යෝර්ක් නගරය සම්පූර්ණයෙන්ම මුදාගෙන ඇති බව රුසියානු මාධ්‍ය පසුගිය 18 දා වාර්තා කළේය. සුවිශේෂී නමක් සහිත ජනාවාස යුක්රේනය විසින් ප්‍රධාන බලකොටුවක් බවට පත් කර තිබූ බව රුසියානු මාධ්‍ය වාර්තා කර සිටියේය. රුසියානු හමුදාව ඩොන්බාස් හි සිදුකළ අඛණ්ඩ මෙහෙයුම් වල කොටසක් ලෙස ජුනි මාසයේදී නිව් යෝර්ක් සහ අසල්වැසි ටොරෙට්ස්ක් සමුහයට මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කරන ලදී. රුසියානු මාධ්‍ය වාර්තාවලට අනුව, ජූලි මස මුලදී, යුක්‍රේන හමුදා එහි උතුරු මායිම දෙසට තල්ලු කරමින් නගර මධ්‍යය අල්ලා ගැනීමට රුසියානු හමුදා සමත් විය. ඒ අනුව මේ වන විට නගරයේ උතුරු කොටස ද රුසියානු පාලනයට නතු වී ඇත.

පසුගිය 17 දා පැවති "ගෝලීය දකුණ" සංවිධානයේ Virtual Voice of the Global South සමුළුවට සහභාගී වන ලෙස අසල්වැසි චීනයට සහ පකිස්ථානයට ආරාධනා නොකිරීමට නවදිල්ලිය තීරණය කළ බව විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශන්කර් මාධ්‍ය වෙත පැවසීය. පසුගිය වසරේ ඉන්දියාවේ සභාපතිත්වයෙන් පැවැති G20 සංවිධානයේ නිෂ්පාදනයක් වන Virtual Voice of the Global South සමුළුවේ තුන්වන සංස්කරණයට රටවල් 123 ක් සහභාගී විය. මෙම උත්සවය ගෝලීය දකුණේ රටවලට ඔවුන්ගේ පොදු ගැටළු සාකච්ඡා කිරීමට සහ විසඳුම් සෙවීමට වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ලබයි.

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගීත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වැනිදා පැවැත්වීමට සංවිධානය කර ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් අද (19) රාත්‍රියේදී ගැසට් නිවේදනයක් නිකුත්කරන බව මැතිවරණ කොමිසම පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට නිසැක වශයෙන්ම 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි අතර එය ඇතැම්විට සියයට හැට හැත්තෑව දක්වා වුවත් ඉහළ යා හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති අතර තවත් 5 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපති සමඟ එක්වන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යය වල රුසියාවේ කර්ස්ක් කලාපය ඉලක්ක කර යුක්‍රේන හමුදා එල්ල කරන ආක්‍රමණික ප්‍රහාර සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු වාර්තා කර නොමැති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අද (19) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ප්‍රවෘත්ති උපුටාගත් මාධ්‍යවල කතුවරුන්ගේ මතය අනුව රුසියානු සමූහාණ්ඩුවේ භූමිය තුළ යුක්‍රේන හමුදා කළ ආක්‍රමණය "කියෙව් පාලන තන්ත්‍රයේ සටන්කාමීන්ගේ ආත්ම විශ්වාසය ඉහළ යනවා මෙන්ම සාර්ථකව සිදුවෙමින් පවතී". කෙසේ වුවද සත්‍ය තත්වය ඊට හාත්පසින්ම වෙනස් බව පවසන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ශ්‍රී ලංකාවේ ජනයා වෙනුවෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන සහ ප්‍රකාශ උපුටා දක්වන බවද පවසයි. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...

අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යු.එස්.එස් ස්ප්‍රොන්ස් නම් නෞකාව අද (19) පෙරවරුවේ කොළඹ වරායට පැමිණි බව නාවික හමුදාව පවසයි.

එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය සර්වජන අපේක්ෂක ව්‍යවසායක, දිලිත් ජයවීර මහතාට ලබා දීමට එම පක්ෂය තීරණය කර තිබේ.


ප්‍රධාන පුවත්

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.