පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් අරඹයි..
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට බාධා වන අයුරින් සහ අධිකරණයට අපහාස වන අයුරින් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් විද්‍යුත් හා සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ සිදු කළ උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කරුණු වාර්තා කළේය.
හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන පිරිස විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශ සම්බන්ධයෙන් මෙලෙස විමර්ශන ආරම්භ කළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එලෙස විද්‍යුත් මාධ්‍ය හරහා අධිකරණයට අපහාස කරමින් ප්‍රකාශ නිකුත් කරන ලද අදාල පුද්ගලයන්ට එළැඹෙන ජූලි මස 01 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ මෙම අධිකරණය මඟින් ඔවුන්ට නොතීසි නිකුත් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් මෙම සිද්ධියට අදාල පුද්ගලයින් සම්බන්ධයෙන් වන කරුණු අභියාචනාධිකරණය වෙත යොමු කළ හැකි බවත් ය.
මෙම සිද්ධියට අදාල තුන්වැනි සැකකරු වන හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නිරීක්ෂණය කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ ජාතික රෝහල අයත්වන බල ප්‍රදේශයට අදාල අධිකරණය වන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරියට ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ලබන 20 වන දිනට පෙර සැකකරුව නිරීක්ෂණයට ලක් කරන ලෙසයි.
සිද්ධියට අදාලව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් මෙලෙස කරුණු දැක්වීය.
" ස්වාමීනි අද මෙම සිද්ධියට අදාලව පිටු දාහතරකින් යුතු වැඩිදුර වාර්තාවක් අධිකරණයට යොමු කරනවා. එහි නියෝග කිහිපයක් ලබා ගැනීමට තිබෙනවා. මෙම සිද්ධියට අදාළ තුන්වන සැකකරු මේ වනවිට රැඳවුන් නියෝග මත සිටින්නේ. ඔහු 2026/6/5 සිට රාත්‍රී ආහාරය ප්‍රතික්ෂේප කර තිබෙනවා. දැන් ඔහු සිටින්නේ ජාතික රෝහලේ 42 වාට්ටුවේ. විශේෂඥ වෛද්‍යවරු සිව් දෙනෙකු යටතේ ප්‍රතිකාර ලබනවා."
"ස්වාමීනි මොහුගේ මෙම ක්‍රියා කලාපය තවදුරටත් තහවුරු කර ගැනීමට දේශපාලන සංවිධානාත්මක කණ්ඩායමක් කටයුතු කරනවා. අධිකරණයේ යුක්තිය ක්‍රියාත්මක වීමට බාධා වන අයුරින් සහ මහ ජනතාවට අධිකරණය කෙරෙහි අපකීර්තියක් ඇති කරවන අයුරින් සහ මහජන විරෝධයක් ඇතිවෙන ලෙස එම කණ්ඩායම කටයුතු කරනවා."
" ඔවුන් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන මෙම විමර්ශනයට අදාලව විවිධ ප්‍රකාශ ප්‍රචාරණය කර තිබෙනවා. අද දින ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවේ ඒ සම්බන්ධයෙන් තොරතුරු දක්වා තිබෙනවා පින්තූරත් සමඟ. ඔවුන් විසින් කරන ලද ප්‍රකාශවලින් කොටසක්ද ඉදිරිපත් කර තිබෙනවා. "
" එලෙස අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර , අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අය විසින්. මහින්ද පතිරණ යන අය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයක් සිදු කර ඇති අතර අනෙක් පුද්ගලයන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කර තිබෙනවා."
" ස්වාමීනි 2024 අංක 8 දරණ පනතේ අංක 3(1) අ යටතේ තිබෙන 1,2,3 වගන්ති අනුව මෙලෙස ප්‍රකාශ නිකුත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්.”
- hirunews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි