පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා..
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකරනු ලැබ ඇති නඩුවේ තීන්දුව ලබන ජූලි මස 31 දින ප්‍රකාශයට පත් කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (15) තීරණය කර තිබේ.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චමින්ද අතුකෝරළ කළ වාචික දේශන ඉදිරිපත් කිරිම අවසන් කිරීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කෙරුනි.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද (15) කැඳවනු ලැබීය.
එහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ චමින්ද අතුකෝරල විත්තියේ දේශනය වැඩිදුරටත් ඉදිරිපත් කරමින් මෙසේ ප්‍රකාශ කළේය.
"මෙය තහවුරු නොකළ බුද්ධි තොරතුරක් බව නිලන්ත ජයවර්ධන තමන්ට ප්‍රකාශ කළ බව විත්තිකරු විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශය නිලන්ත ජයවර්ධන මූලික සාක්ෂියේදී තහවුරු කළා. ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු තොරතුර බුද්ධි තොරතුරක් ලෙස වර්ධනය වී නැති බව එහිදී නිලන්ත කියලා තියෙනවා. බුද්ධි සමාලෝචන රැස්වීමේ දී හැමෝම කරුණු දක්වලා ඉවර වුණාම විත්තිකරු ඒ තොරතුර ගැන අහනවා. එතකොට තමයි එය තහවුරු කර නොගත් තොරතුරක් බව කියන්නේ. මේ තොරතුර ගැන අනිත් අයව දැනුවත් කරන ලෙස සිසිර මෙන්ඩිස් ට දැනුම් දුන්නා. එහෙත් නිලන්ත ජයවර්ධන පොලිස්පතිට දැනුම් දීමක් කරන්නේ සැර බාල කරලා.
මේ නඩුවේ චෝදනා 755ක් තිබෙනවා. විත්තිකරුට තියෙන්නේ අනුබල දීම. අපරාධ නඩු විධාන සංග්‍රහ අනුව ඕනෑකමින් ආධාර අනුබල දිය යුතුයි. හේමසිරි ප්‍රනාන්දුට මිනීමැරුම් චෝදනා එල්ල වී නෑ. එම චෝදනා එල්ල වූ අය සමඟ කිසිම අවස්ථාවක කිසිම සම්බන්ධයක් විත්තිකරුට තිබූ බව කොහේවත් කියලා නෑ. හදිසි නීතිය පනවා හමුදාව කැඳවීමේ බලයක් ආරක්ෂක ලේකම්ට නෑ.
"ස්වාමීනී, ගහන බව දැනගෙන හිටියා.මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කියලා විත්තිකරු මාධ්‍යයට කළ ප්‍රකාශය ගැන සඳහන් කළා.
හේමසිරි ප්‍රනාන්දු කිව්වාම තමයි හැමෝම දැනගත්තේ මෙහෙම බුද්ධි තොරතුරු ආව බව. නිලන්ත ජයවර්ධන, සිරිසේන කිව්වෙත් නෑ. බෝම්බ ගහනවා කියලා තාත්තා කිව්වා කියලා මන්ත්‍රී කෙනෙක් කිව්වෙත් ඊට පස්සේ. මේ විත්තිකරු විතරයි ඒ ගැන කිව්වේ ඒ කියපු පව් තමයි මේ ගෙවන්නේ.”
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුදර්ශන ද සිල්වා සදහන් කළේ තොරතුරු දැන ගෙන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු බරපතල නොකර හැරීමක් සිදු කර ඇති බව යි.
එම නොකර හැරීම වෙනුවෙන් ඔහුට දඩුවම් ලබා දිය යුතු බව පැමිණිල්ල ස්ථාවරය වන බව ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.
එම කරුණු දැක්වීමෙන් අනතුරුව නඩු විභාගය අවසන් කිරීමට අධිකරණය තීරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති