භාණ්ඩාගාර ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ..
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
භාණ්ඩාගාර ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ..
2026 ජනවාරි 1 දින ට රු.බි. 915 ක් වූ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය, 2026 ජූනි 11 (බ්‍රහස්පතින්දා) දෛනික ව්‍යාපාර කටයුතු අවසන් වන විට රු.බි. 500 ටත් වඩා අඩු ප්‍රමාණයකට පහත වැටී තිබේ. අප රට සෙමින් නමුත් ස්ථිර ලෙසම ආර්ථික අර්බුදයක් කරා ගමන් කරන බව භාණ්ඩාගාරයේ මුදල් තත්වය පහත වැටීමෙන් පෙන්නුම් කෙරේ.
පසුගිය සතියේ දී මහා භාණ්ඩාගාරය රු. බි. 140 ක භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කළ අතර, එයින් ඉහළ පොලියට අලෙවි වූයේ රු. බි. 71 ක බිල්පත් (51%) පමණී. රු. බි. 150 ක භාණ්ඩාගාර බැඳුම්කර ඉදිරිපත් කරනු ලැබූ නමුත් එයින් ද අලෙවි වූයේ රු. බි. 92 ක (61%) ක බැඳුම්කර පමණී.
භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් ඉහළම පොලියට සපයා ගැනීමට උත්සහ කළ ද එය ද මේ වන විට අසාර්ථවීම භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.බි. 500 ටත් වඩා පහත වැටීමට හේතුවී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
2022 ජනවාරි මස 8.63% ක් ද, පෙබරවාරි මස 9.05% ක් ද, මාර්තු මස 13.83% ක් ද වූ භාණ්ඩාගාර බිල්පත් පොලිය 2022 අප්‍රේල් මස 23.53% දක්වා ඉහල ගියේය. 2022 සැප්තෑම්බර් මස එය 31 % දක්වා ද, ඔක්තෝබර් මස 32.33 % දක්වා ද ඉහළ ගියේය. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොලිය එලෙසම නැවතවරක් ඉහළ යාමේ අවදානමක් මතුවෙමින් ඇත.
ඒ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය කැපී පෙනෙන ලෙස පහත වැටීම හේතුවෙන් භාණ්ඩාගාරය දැවැන්ත මුල්‍ය හිඟයකට මුහුණ දී සිටින බව ව්‍යාපාරික ප්‍රජාව අවබෝධ කර ගනී. රජයට මුදල් ණයට ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බැවින්, ජූනි 15 දිනෙන් ආරම්භ වන සතියේ දී පොලී අනුපාත තීව්ර ලෙස ඉහළයාම නොවැලැක්විය හැකි වනු ඇත.
2026 අය වැය ඉදිරිපත් කරන විට භාණ්ඩාගාර ශේෂය රුපියල් ට්‍රිලියනක් හෙවත් කෝටි ලක්ෂයක් ලෙස පැවති අතර, ආචාර්ය හර්ෂ ද සිල්වා විවාදය ආරම්භ කළේ ඒ බව පවසමිනි. මාස 5 ක් තුල රු.බි. 915.83 සිට එය රු.බි. 620 දක්වා පහත වැටුණි. ඊයේ (ජූනි 11) එය බි. 500 සීමාවට වඩා පහත වැටීම මුල්‍ය කලමණාකරණයේ පැහැදිලි දුර්වලතාවයකි. (දිත්වා අරමුදල් ලෙස ලැබුණු රු.බි. 10 ද මෙම රු.බි. 500 ට ඇතුලත් ය.)
භාණ්ඩාගාර මුදල් ශේෂය මෙලෙස ඉතා පහත මට්ටමකට වැටී ඇත්තේ ඊට පෙර වර්ෂවල නොතිබූ රු.බි. 900 කට වැඩි මුදලක් වාහන ආනයනය කිරීමෙන් ලබාගත් බදු මුදල් සහ ආදායම් ලබන දෙපාර්තමේන්තුවල කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී 40%ක පමණ අමතර රාජ්‍ය ආදායමක් ද උපයාගත් වටපිටාවක වීම විශේෂයකි.
රටේ ප්‍රාග්ධන වියදම් රු. බිලියන 1,719 න් පළමු කාර්තුවේ දී වැය කර ඇත්තේ බි. 106 (7.5%) කි. 2026 ජූනි 1 දිනට වැය කර ඇත්තේ 230 (13.4%) කි. ප්‍රාග්ධන වියදම් සිදු නොකර රටක ආර්ථික වර්ධනයක් සිදු කළ නොහැකිය.
මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය ආර්ථික අර්බුදය සැඟවීමට විවිධ උත්සහ දරමින් සිටින නමුත් අර්බුදය වලක්වා ගැනීමට ප්‍රමාණවත් සාධනීය පියවරක් ගැනීමට අසමත්වී ඇත.
2022 දී ජූලි මස වන විට භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලේ ශේෂය රු. බිලියන සෘණ 800 ක් වු අතර 2023 දී එය සෘණ 84 දක්වා අඩු කර ගැනීමට හැකි විය. වත්මන් රජය බලයට පත් වන විට එය රු.බි. 800 දක්වා ඉහළ ගොස් තුබූ අතර, 2026 ජනවාරි රු.බි. 915 ක්වා ඉහළ නංවා ගැනීමට හැකිවූ ඒකාබද්ධ අරමුදලේ ශේෂය, මාස 6 ක් තුල රු. බිලියන 500 ට වඩා පහතට වැටී ඇත.
ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට නිසි පියවර නොගන්නේ නම්, ලබන සැප්තෑම්බර් මස වන විට නැවත වරක් භාණ්ඩාගාරයේ ශේෂය සෘණ අගයක් බවට පත්වීමේ අවදානම බැහැර කළ නොහැකි වනු ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි