News Category
From Date
To Date
Maximum Number of Result

ලක්විජය බලාගාරයට ගෙන් වූ නැව් පහේම ගල්අඟුරු බාල බව යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී තොරතුරු අනාවරණය කෙරිණ.

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පිරිස ඊයේ දින ඇප මත මුදාහැරුණු අතර, ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර ගතව සිටියදී සිදුවූ සිදුවීම් පිළිබඳව අද දින උන්වහන්සේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කරුණු දැක්වීමක් සිදුකළහ.

ශ්‍රී ලංකාවේ සමස්ත ඛණිජ සම්පත් ගවේෂණය, කැණීම් සහ නිස්සාරණය ඉන්දියානු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන සමාගම්වලට පවරාදීම සඳහා රහසිගත අවබෝධතා ගිවිසුමක් සකස් වෙමින් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ (NFP) පක්ෂ කාර්යාලයේදී අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා චෝදනා කරයි. ඔහු මෙම ගිවිසුමේ ඡායා පිටපතක් පෙන්වමින් සඳහන් කළේ එය තවමත් ප්‍රසිද්ධියට පත් නොකළ, ඉතා නුදුරු දිනකදී අත්සන් කිරීමට නියමිත බවය.

පසුගියදා සිදුවූ පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතය අහිමි වූ 17 හැවිරිදි තරුණයාගේ දේහය රැගෙන හිතවතුන් අද (12) විරෝධතාවයක නිරත විය.

බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

හෙක්ටයාර ලක්ෂ 2කට වඩා වැඩි ප්‍රමාණයක් මෙරට තේ ඉඩම් ඇති බවත්, එයින් වතු සමාගම් සඳහා ඇත්තේ හෙක්ටයාර 50,000ක් පමණ ප්‍රමාණයක් බවත් එම සමාගම් තුළ සේවය කරන්නේ කම්කරුවන් ලක්ෂයකට වඩා මදක් වැඩි ප්‍රමාණයක් පමණක් බවත් ගොවිජන පවුර කැඳවුම්කරු නලින්ද සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම මෙම වසරේ ජනවාරි මස ඉහළ ගියද, සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5.6කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඉරාන ජනතාව ඉස්ලාමීය විප්ලවයේ 47 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් රට පුරා දැවැන්ත පෙළපාලි සංවිධානය කර තිබූ බව වාර්තා වේ.

බංග්ලාදේශ පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (12) පැවැත්වෙයි. ප්‍රචණ්ඩකාරී ශිෂ්‍ය අරගලය හමුවේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට බලය අහිමි වී, හසීනාගේ වසර 15 ක ධුර කාලය අවසන් වී, අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ මෙම මහ මැතිවරණය පැවැත්වෙයි.


ප්‍රධාන පුවත්

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.